වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන් මඟින් ඊයේ (නොවැම්බර් 15) රාත්‍රී පේදුරුතුඩුව ප්‍රදීපාගාරයට උතුරු දෙසින් වු ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇත.
16 Nov 2017
ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කර්නල් ඉන් ලී මහතා අද (නොවැම්බර් 15) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.
15 Nov 2017
නාවික හමුදාධිපතිතුමන් ගරු කතානායකතුමා හමුවෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (නොවැම්බර් 14) පාර්ලිමේන්තු කතානායක නිල කාර්යාලයේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක ගරු, කරූ ජයසූරිය මහතා හමු විය.
14 Nov 2017
අනුරාධපුර ශාන්ත ජෝසෆ්, මධ්‍ය විද්‍යාලීය සහ ස්වර්ණපාලී බාලිකා ආදී සිසුන් නාවික හමුදාධිපතිතුමන්ට හරසර දක්වයි

නාවික හමුදාධිපති, වියිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා වෙත හරසර දැක්වීමේ උත්සව මාලාවක් ඊයේ (නොවැම්බර් 13) අනුරාධපුරයේදී පැවැත්විණි.
14 Nov 2017
ඕස්ට්‍රේලියානු නාවික නෞකා නිව්කාසල් කොළඹ වරායට

ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් නිව්කාසල් නෞකාව අද (නොවැම්බර් 14) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය.
14 Nov 2017
චීන නාවික නෞකා කී ජි ගුආන්ග් කොළඹ වරායෙන් පිටත් වෙයි

සුහද සංචාරයක් සඳහා පසුගිය නොවැම්බර් 10 වන දින කොළඹ වරායට සේන්දු වූ චීන නාවික හමුදාවට අයත් කී ජී ගුආන්ග් පුහුණු නෞකාව සාර්ථක සංචාරයක් නිමා කරමින් අද (නොවැම්බර් 14) දිවයිනෙන් පිටත් විය.
14 Nov 2017
නීති විරෝධී කටයුතු වල නිරත පුද්ගලයින් 9 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවට හැකි විය.
14 Nov 2017
අන්තර් විධාන පාපන්දු තරඟාවලිය යාපනයේදී නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදා පාපන්දු සංචිතයේ සභාපති සහ උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතාගේ මඟපෙන්වීම යටතේ සහ එතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය නොවැම්බර් මස 11 වන දින යාපනය දුරෙයිඅප්පා ක්‍රීඩාංගනයේදී නාවික හමුදා අන්තර් විධාන පාපන්දු තරඟාවලියේ අවසන් තරඟ පැවැත්විණි.
13 Nov 2017
සමස්ථ ලංකා ප්‍රවීණයන්ගේ මේස පන්දු තරඟාවලියෙන් නාවික හමුදාවට ජයග්‍රහණයක්

ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ මේස පන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ සමස්ථ ලංකා අන්තර් සමාජ ප්‍රවීණයෙන්ගේ මේස පන්දු තරඟාවලිය - 2017 පිරිමි අංශයේ ඒ කාණ්ඩයේ ශූරතාවය දිනා ගැනීමට නාවික හමුදාවට හැකි විය.
13 Nov 2017
ශ්‍රී ලංකා සහ චීන නාවික හමුදා කණ්ඩායම් අතර සුහඳ තරඟාවලි කිහිපයක්

සුහද සංචාරයක් සඳහා ඊයේ (නොවැම්බර් 10) කොළඹ වරායට සේන්දු වූ චීන නාවික නෞකා කී ජි ගුආන්ග් හි ක්‍රීඩා කණ්ඩායම් සහ ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා කණ්ඩායම් එක්ව අද වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ ක්‍රීඩා පිටියේදී සුහඳ ක්‍රීඩා තරඟ කිහිපයක් පවත්වන ලදී.
11 Nov 2017