වැදගත් සිදුවීම්
නාවිකයන්ගේ සුභසාධන පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් නව සිව්මහල් නිවාඩු නිකේතනයක් සඳහා මුල් ගල තබයි

නාවිකයන්ගේ සුභසාධන පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් නවීන පහසුකම් සහිත සිව්මහල් නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම අද දින (2024 පෙබරවාරි 22) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් කතරගම නාවික නිවාඩු නිකේතන පරිශ්‍රයේදී සිදු කෙරිණි.
22 Feb 2024
නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් ඉදිකළ 995 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය මහියංගණය සේරාණ ප්‍රාථමික විදුහලේදී ජනතා අයිතියට

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාරක ව්‍යපෘතිය යටතේ ඉදිකළ 995 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය මහියංගණය අරාවත්ත බ/ සේරාණ ප්‍රාථමික විදුහල් පරිශ්‍රයේදී 2024 පෙබරවාරි මස 21 වන දින විවෘත කර ජනතා අයිතියට පත් කෙරිණි.
22 Feb 2024
රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක 2024 ජනවාරි මස 16 වන දින සිට පත්කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක වෙත නිල වශයෙන් අද දින (2024 පෙබරවාරි 21) නාවික හමුදා මූලස්ථානයේදී ප්‍රදානය කර, සිය සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි.
21 Feb 2024
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් නිලන්ත හේවාවිතාරණ වැඩ භාර ගනී

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් නිලන්ත හේවාවිතාරණ අද දින (2024 පෙබරවාරි 20) ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී, ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදුකෙරිණි.
20 Feb 2024
‘EX – DOSTI – XVI’ ත්‍රෛයිපාර්ශ්වීය වෙරළාරක්ෂක නාවික අභ්‍යාසයට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව දිවයිනෙන් පිටත්වෙයි

‘EX – DOSTI – XVI’ ත්‍රෛයිපාර්ශ්වීය නාවික අභ්‍යාසය, මෙවර මාලදිවයින් මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින් 2024 පෙබරවාරි මස 22 වන දින සිට 25 වන දින දක්වා පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ඒ සඳහා සහභාගීවීමට ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව අද දින (2024 පෙබරවාරි 20) කොළඹ වරායෙන් පිටත් විය.
20 Feb 2024
ඉන්දු ශාන්තිකර කලාපයේ ප්‍රංශ තානාපති සහ නාවික හමුදාධිපති අතර නිල හමුවක්

ඉන්දු ශාන්තිකර කලාපයේ (Indo- Pacific) ප්‍රංශ තානාපති වශයෙන් කටයුතු කරනු ලබන ගරු Marc ABENSOUR මහතා නිල හමුවක් සඳහා අද දින (2024 පෙබරවාරි 19) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
19 Feb 2024
ඉරාන නාවික හමුදාවට අයත් IRINS ‘Bushehr’ සහ ‘Tonb’ නෞකාවන් නිල සංචාරයන් නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2024 පෙබරවාරි මස 16 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉරාන නාවික හමුදාවට අයත් IRINS ‘Bushehr’ සහ ‘Tonb’ නෞකාවන්, එම නිල සංචාරයන් සාර්ථකව අවසන් කරමින්, අද දින (2024 පෙබරවාරි 19) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාවන් වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
19 Feb 2024
ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල (CISM) සැමරුම් දින මාර්ග ධාවනය - 2024 කොළඹදී පැවැත්වේ

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල දින (Council International Military Sports-CISM ) සැමරුම් මාර්ග ධාවනය - 2024, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද දින (2024 පෙබරවාරි 18) කොළඹදී පැවැත්වුනු අතර, ඒ සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.
18 Feb 2024
ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු නාවික හමුදාධිපතිවරයෙකු වන අද්මිරාල් බැසිල් ගුණසේකර දැයෙන් සමු ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ හත්වන (07) නාවික හමුදාධිපති වශයෙන් කටයුතු කල කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වූ අද්මිරාල් බැසිල් ගුණසේකර, අද දින (2024 පෙබරවාරි 17) අභාවප්‍රාප්ත විය.
17 Feb 2024
සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික සම්මන්ත්‍රණය - 2024 වැලිසර දී සාර්ථකව නිමාවට පත්වෙයි

සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික සම්මන්ත්‍රණය - 2024 (Military Engineering And Technology Conference 2024) වැලිසර ‘Wave n’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී, සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික විද්‍යාලයේ සභාපති, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් රවී රණසිංහ ගේ ආරාධනයෙන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනී රාජපක්ෂ ඇතුළු සම්භාවනීය ආරාධිතයන්ගේ සහ සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික විද්‍යාලයේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් 2024 පෙබරවාරි මස 16 වන දින සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
17 Feb 2024