වැදගත් සිදුවීම්
ආපදා සහන කටයුතු සඳහා ඕස්ට්‍රේලියානු රජයෙන් කඩිනම් පරිත්‍යාග

පසුගිය දින කීපය තුළ දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩා විදින ජනතාවට සහන සැළසීමේ අරමුණින් ඕස්ට්‍රේලියානු රජය විසින් අද (31) කඩිනම් පරිත්‍යාගයන් කීපයක් සිදු කෙරිණි.
31 May 2017
තල්මසුන් රැලක් සාම්පූර් වෙරළට

ත්‍රිකුණාමලය, සාම්පූර් පැරණි ජැටිය ආසන්නයේ වෙරළ තීරයට අද (31) තල්මසුන් 20 කට අධික ප්‍රමාණයක් ගොඩගසා තිබේ.
31 May 2017
ජ්‍යෙෂ්ඨ නාවිකයන් 50 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ජ්‍යෙෂ්ඨ නාවිකයින් වෙනුවෙන් පොළි රහිත රු. 500,000.00 ක ණය මුදල ප්‍රදානය කිරීමේ වැඩසටහනේ තවත් එක් අධියරක් අද (31) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
31 May 2017
අයහපත් කාලගුණයෙන් පීඩා විදි ජනතාව වෙනුවෙන් නාවික හමුදා මානුෂීය මෙහෙවර තවදුරටත්

පසුගිය දින කීපය තුළ ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ආපදාවන්ට ලක්වූ ජනතාව වෙනුවෙන් නාවික හමුදාව තවදුරටත් සහන සළසමින් සිටී.
31 May 2017
නාවික හමුදාව විපතට පත් ජනතාව වෙනුවෙන් වෛද්‍ය සායනයක් පවත්වයි

ගංවතුරින් විපතට පත්ව සිටින ජනතාව වෙනුවෙන් නාවික හමුදාව විසින් අද (30) මාතර, පිටබැද්දර ප්‍රදේශයේ ශ්‍රී දුමින්දාරාම විහාරස්ථානයේ දී විශේෂ වෛද්‍ය සායනයක් පවත්වන ලදී.
30 May 2017
රෝගාබාධයකින් මියගිය ගබඩා සහකාර එම්කේ කහවිටගේ පවුලේ සාමාජිකයින් වෙත “නැවිරූ සවියෙන්” රු. මිලියනයක රක්ෂණ වන්දියක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරියේ නිරතව සිටි ගබඩා සහකාර එම්කේ කහවිට යන නාවිකයා කාලයක් තිස්සේ පැවති පිළිකා රෝගාබාධයක් හේතුවෙන් අභාවයට පත් වූ අතර, ඔහු වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් රුපියල් මිලියනයක රක්ෂණ වන්දි මුදලක් ඔහුගේ පවුලේ සාමාජිකයින් වෙත ප්‍රදානය කරන ලදී.
30 May 2017
සහනාධාර රැගත් පාකිස්තානු නාවික නෞකා සුල්ෆිකර් කොළඹ වරායට

අයහපත් කාලගුණික තත්ත්වයෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාවට සහන සැළසීම සඳහා සහනාධාර රැගත් පාකිස්තානු නාවික හමුදාවට අයත් සුල්ෆිකර් නෞකාව අද (30) සවස කොළඹ වරායට සේන්දු විය.
30 May 2017
සහනාධාර රැගත් තුන්වන ඉන්දියානු නෞකාව කොළඹ වරායට

පසුගිය දින කීපය තුළ ශ්‍රී ලංකාවට බලපෑ අයහයපත් කාලගුණික තත්ත්වයෙන් විපතට පත් වී සිටින ජනතාවට සහන සැළසීම සඳහා ඉන්දියානු නාවික හමුදාවට අයත් ජලෂ්වා නෞකාව අද (30) කොළඹ වරායට සේන්දු විය.
30 May 2017
අවහිර වූ සහ හානි වූ පාලම් 2 ක් පිළිසකර කිරීමේ නාවික හමුදා මෙහෙයුම්

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 2 ක පාලම් 2 කට හානි සිදු වී තිබූ අතර, ඒවා පිළිසකර කිරීමේ කටයුතු සඳහා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයට සහ මැරීන් බලකායට අනුයුක්ත නාවික භට පිරිස් යොදවා ඇත.
30 May 2017
ගංවතුරින් විපතට පත් ප්‍රදේශ වල ජනතාව මුදවා ගැනීමේ නාවික මෙහෙයුම් තවදුරටත්

මේ දින වල ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාළගුණික තත්ත්වයෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා නාවික හමුදාව කටයුතු කරමින් සිටී.
29 May 2017