වැදගත් සිදුවීම්
ගංඟාරම විහාරස්ථානයේ බුද්ධ රශ්මි වෙසක් කලාපයේ දෙවන දිනය ආලෝකමත් කිරීමට නාවික හමුදාධිපතිතුමා එක් වෙයි

2017 අන්තර්ජාතික වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ ඉන්දීය අග්‍රාමාත්‍ය ගරු, නරේන්ද්‍ර සිං මෝදි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහභාගීත්වයෙන් ඊයේ (11) හුණුපිටිය, ගංගාරාම විහාරස්ථ සීමාමාලක පරිශ්‍රයේදී බුද්ධ රශ්මි වෙසක් කලාපය විවෘත කෙරුණි.
12 May 2017
ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ ජල මානක සමීක්ෂණය නිමා කරමින් නාවික සිතියම් 2 ක් නාවික හමුදාධිපතිතුමා හට භාර දෙයි

කොළඹ සිට සංගමන්කන්ද දක්වා වෙරළ තීරය ආවරණය වන පිරිදි ඉන්දියානු නාවික හමුදා ජල මානක දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා නාවික හමුදා ජල මානක අංශය විසින් සිදු කරන ලද ඒකාබද්ධ ජල මානක සමීක්ෂණය සාර්ථක ලෙස නිමාවට පත් විය.
12 May 2017
නාවික හමුදාව විසින් කෝටි නවයක් (9) වටිනා හෙරොයින් තොගයක් මුහුදෙන් සොයා ගනී

කන්කසන්තුරය වරායට නාවික සැතපුම් 8 ක් පමණ උතුරින් මුහුදේ පාවෙමින් තිබූ කිලෝ ග්‍රෑම් 9.3 ක් බරැති හෙරොයින් තොගයක් සොයා ගැනීමට නාවික හමුදා වෙරළාරක්ෂක බලකායේ රාජකාරි කළ නාවික පුද්ගලයින් අද (12) සමත් වී ඇත.
12 May 2017
අන්තර්ජාතික වෙසක් දින සැමරුමේ විශේෂ අවස්ථාවන් සඳහා නාවික හමුදාධිපතිතුමන් සහභාගී වෙයි

මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 2017 අන්තර්ජාතික වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ ඉන්දීය අග්‍රාමාත්‍ය ගරු, නරේන්ද්‍ර සිං මෝදි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහභාගීත්වයෙන් ඊයේ (11) කොළඹ, හුණුපිටිය, ගංගාරාම විහාරස්ථ සීමාමාලක පරිශ්‍රයේ බුද්ධ රශ්මි වෙසක් කලාපය උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.
12 May 2017
උතුරු නාවික විධානය එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය අභිමානයෙන් සමරයි

අන්තර්ජාතික වෙසක් දින උළෙලට සමගාමීව උතුරු නාවික විධානය විසින් ආගමික ක්‍රියාකාරකම් රැසක් සංවිධානය කොට තිබුණි.
12 May 2017
“පිරිනිවන් මංගල්‍ය” බෞද්ධ කැන්ටාටාව අගමැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී

2017 අන්තර්ජාතික වෙසක් දින උළෙලට සමගාමීව හෙළයේ මහා සංගීතඥ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ශූරීන්ගේ “පිරිනිවන් මංගල්‍ය” නම් වූ බෞද්ධ කැන්ටාටාව ඊයේ (10) ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී පැවැත්වීය.
11 May 2017
අන්තර්ජාතික වෙසක් උළෙලට නාවික හමුදාවේ පූර්ණ දායකත්වය

2017 අන්තර්ජාතික වෙසක් උළෙලට සමගාමීව නාවික හමුදාව විසින් මේ වන විට පුණ්‍ය කටයුතු රාශියක් සිදු කරමින් පවතී.
11 May 2017
රෝගාබාධයකින් මියගිය ඉංජිනේරු කාර්මික ජේඒඑම්පී අමරසිංහගේ පවුලේ සාමාජිකයින් වෙත “නැවිරු සවියෙන්” රු. මිලියනයක රක්ෂණ වන්දියක්

රී ලංකා නාවික හමුදාවේ රාජකාරියේ නිරතව සිටි ඉංජිනේරු කාර්මික ජේඒඑම්පී අමරසිංහ යන නාවිකයා කාලයක් තිස්සේ පැවති රෝගාබාධයක් හේතුවෙන් අභාවයට පත් වූ අතර, ඒ වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් රුපියල් මිලියනයක රක්ෂණ වන්දි මුදලක් ඔහුගේ පවුලේ සාමාජිකයින් වෙත ප්‍රදානය කරන ලදී.
11 May 2017
අනවසර ධීවර කටයුතුවල යෙදුණු ඉන්දීය ධීවරයින් තිදෙනෙකු නිදහස් කෙරේ

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ අනවසරයෙන් ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව සිටි ඉන්දීය ධීවරයින් 3 දෙනෙකු යලි එරටට භාර දීම අද (11) ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරිණි.
11 May 2017
රණවිරුවන් වෙත නිවාස හා ඉඩම් ලබා දීම ජනපති අතින් සිදු කෙරේ

‘සත්විරු සංහිද’ නිවාස ව්‍යාපෘතිය යටතේ සටනේදී මියගිය, ආබාධිත තත්ත්වයට පත් වූ හා දැනට සක්‍රීය සේවයේ නිරත වී සිටින ත්‍රිවිධ හමුදා රණවිරුවන් වෙත නිවාස සහ ඉඩම් බෙදා දීම අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ‘අපේ ගම’ පරිශ්‍රයේදී අද (10) උත්සවාකාරයෙන් සිදු කෙරිණි.
10 May 2017