වැදගත් සිදුවීම්

නීති විරෝධී දැල් සමඟ පුද්ගලයන් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත් මුල්ලිකුලම් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පෙරේදා (23) පලුගහතුරේයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

25 Oct 2016

බංගලාදේශ වෙරළ ආරක්ෂක බළකායට අයත් නෞකා දෙකක් කොළඹ වරායට පැමිණේ
 

බංගලාදේශ වෙරළ ආරක්ෂක බළකායට අයත් නෞකා දෙකක් වන “සෙයිඩ් නස්රුල් ” සහ “තාජුඩීන්” යන නෞකාවන් අද (25) කොළඹ වරායට සේන්දු විය.

25 Oct 2016

ශ්‍රී ලංකා නාවික නෞකා “සයුර” සහ “සුරනිමල” ඉන්දියාවේ කොචින් වරායට සේන්දු වේ
 

ඉන්දියාවේ පුහුණු හා සුහද සංචාරයක් සඳහා පිටත්ව ගිය ශ්‍රී ලංකා නාවික නෞකා “සයුර” සහ “සුරනිමල” යන නෞකාවන් අද දින (24) ඉන්දියාවේ කොචින් වරායට සේන්දු විය.

24 Oct 2016

ශ්‍රී ලංකා නාවික නෞකා සාගර “දෝස්ති XIII” වෙරළාරක්ෂක බලකා අභ්‍යාසයට එක්වීම සඳහා දිවයිනෙන් පිටත් වේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු ප්‍රදේශ මුරසංචාරක නෞකාවක් වන සාගර නෞකාව “දෝස්ති XIII” ත්‍රෛයි පාර්ශ්වික වෙරළාරක්ෂක පුහුණු අභ්‍යසයට සහභාගී වීම සඳහා අද (23) කොළඹ වරයෙන් පිටත් වූ අතර, ඔක්තතෝබර් 25 වන දින මාලදිවයිනේ පිහිටි මාලේ වරායට ළඟා වීමට නියිමිතය.

23 Oct 2016

ග්‍රෙගරි වැව ප්‍රදේශයේ ඉදිකළ ජ්‍යෙෂ්ඨ නිලධාරී නිවාඩු නිකේතනය නාවික හමුදාධිපතිතුමන් විසින් විවෘත කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ග්‍රෙගරි වැව ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකරන ලද නවීන පහසුකම් වලින් සමන්විත කාමර 2 කින් යුත් ජ්‍යෙෂ්ඨ නිලධාරී නිවාඩු නිකේතනය ඊයේ (22) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් විවෘත කරන ලදී.

23 Oct 2016

ගෝමරංකඩවල රංගිරි උල්පත් රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකළ දෙමහල් ධාතු මන්දිරය සහ දාන ශාලාව ජනාධිපතිතුමන් අතින් විවෘත කෙරේ

ත්‍රිකුණාමලය, ගෝමරංකඩවල රංගිරි උල්පත් රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකළ දෙමහල් ධාතු මන්දිරය සහ දාන ශාලව සඝසතු කොට පූජා කිරීමේ මහෝත්සවය ඊයේ (21) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය.

23 Oct 2016

පරිසර සමුළුව සහ වනරෝපා ජාතික රුක්රෝපණ වැඩසටහනට නාවික හමුදාධිපතිතුමන් එක්වේ
 

පරිසර සමුළුව සහ වනරෝපා ජාතික රුක්රෝපණ වැඩ සටහනට සමගාමීව ජාතික රුක්රෝපණ දිනය නිමිත්තෙන් දිවයින පුරා ගිනිසීරියා පැළ බිලියනයක් සිටුවීමේ ජාතික වැඩසටහන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) ත්‍රිකුණාමලයේදී ආරම්භ විය.

22 Oct 2016

ශ්‍රී ලංකා නාවික නෞකා “සයුර” සහ “සුරනිමල” ඉන්දියාවේ පුහුණු සංචාරයක
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු ප්‍රදේශ මුරසංචාරක නෞකාවක් වන “සයුර” සහ වේග ප්‍රහාරක මිසයිල නෞකාවක් වන “සුරනිමල” යන නෞකාවන් 2016 ඔක්තෝබර් මස 22 වන දින සිට 28 වන දින දක්වා ඉන්දියාවේ පුහුණුවීමේ කටයුතු සහ සුහද සංචාරයක නිරතවීම සඳහා අද (22) කොළඹ වරායෙන් පිටත් විය.

22 Oct 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 21 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත් සිලාවතුර හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා‍ ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පෙරේදා (20) සහ ඊයේ (21) සිලාවතුර මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 21 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

22 Oct 2016

27 වන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව උතුරු මුහුදේදී පවත්වයි
 

ශ්‍රී ලංකා - ඉන්දීය නාවික හමුදා සහ වෙරළාරක්ෂක බලකා නියෝජිතයින් අතර පවත්වනු ලබන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව අද (21) කන්කසන්තුරයට උතුරින් වූ දෙරටෙහි මුහුදු සීමාවේදී ඉන්දියානු නාවික හමුදාවට අයත් කාඩ්මට් නෞකාවේදී පවත්වන ලදී.

22 Oct 2016