වැදගත් සිදුවීම්
නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ වැඩ භාර ගනී

නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ අද දින (2025 ජනවාරි 29) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි.
29 Jan 2025
ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ නාවික හමුදාව මඟින් තලෛමන්නාරම ප්‍රදේශයේ කඩොලාන පැළ සිටුවීමේ ව්‍යාපෘතියක්

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා විනය ආරක්‍ෂක හා පාලන අංශයේ 25 වන සංවත්සරයට සමගාමීව තලෛමන්නාරම, ඌරුමලේ නාවික අණුඛණ්ඩය ඉදිරිපස වෙරළ තීරයේ කඩොලාන පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් ක්‍රීයාවට නැංවීමට 2025 ජනවාරි මස 28 වැනි දින නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
28 Jan 2025
ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධ සමුද්‍රීය බළකායේ 154 වැනි කාර්යසාධක බළකායේ අණ භාරගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධ සමුද්‍රීය බළකායේ 154 වැනි කාර්යසාධක බළකායේ අණ භාරගැනීම, 2025 ජනවාරි මස 26 වැනි දින බහරේන් රාජ්‍යයේ මැනමා නුවර පිහිටි ඒකාබද්ධ සමුද්‍රීය බළකා මූලස්ථානයේදී සිදු කෙරිණි.
28 Jan 2025
මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැළැක්වීමේ වැඩසටහනේ ප්‍රධානී සහ නාවික හමුදාධිපති අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැළැක්වීමේ වැඩසටහනේ ප්‍රධානී Siri Bjune මහත්මිය (Head of Global Maritime Crime programme of United Nations Office on Drugs & Crime) ඇතුළු දූත පිරිසක් නිල හමුවක් සඳහා අද (2025 ජනවාරි 27) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.
27 Jan 2025
පාකිස්තානු නාවික විද්‍යාපීඨයේදී විශිෂ්ඨතම මධ්‍ය නිලධාරියාට හිමි සම්මානනීය අසිපත හිමිකරගත් මධ්‍ය නිලධාරී ටීඑම්අයිවී තෙන්නකෝන් හට නියෝජ්‍ය ආරක්‍ෂක ආමාත්‍ය තුමන් වෙතින් විශේෂ ඇගයීමක්

පාකිස්තානු නාවික හමුදා විද්‍යාපීඨයේ පුහුණුව සාර්ථකව සම්පූරණ කර, විශිෂ්ඨතම මධ්‍ය නිලධාරියාට හිමි සම්මානනීය අසිපත හිමි කරගත් මධ්‍ය නිලධාරී ටීඑම්අයිවී තෙන්නකෝන් අද (2025 ජනවාරි 27) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සමඟ, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී, ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මැතිතුමා හමු විය.
27 Jan 2025
නාවික හමුදාව ත්‍රීකුණාමලයේදී සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රීකුණාමලය නගර සිංහ සමාජය හා එක්ව, බෝ නොවන රෝග හඳුනා ගැනීමේ සහ සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් 2025 ජනවාරි මස 25 වැනි දින ත්‍රීකුණාමලය නගර සභා ශාලාවේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
27 Jan 2025
නාවික හා සාගරික විද්‍යාපීඨයේ ‘THE PORTHOLE’ වාර්ෂික ප්‍රකාශණය එළිදකි

ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨය මඟින් වාර්ෂිකව එළිදක්වනු ලබන වෘත්තීය ප්‍රකාශනය වන ‘The Porthole’ සංග්‍රහයෙහි තෙවන කලාපය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති රියර් අද්මිරාල් රොහාන් ජෝශප් විසින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ වෙත පිළිගැන්වීම, අද (2025 ජනවාරි 27) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
27 Jan 2025
නාවික හමුදාධිපති රාමඤ්ඤ මහා නිකායේ මහානායක හිමියන් බැහැදැක නාවික හමුදාවේ ඉදිරි කටයුතු වෙනුවෙන් ආශිර්වාද ලබාගනියි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, අද (2025 ජනවාරි 26) මීරිගම, මිණිඔළුව ශ්‍රී විද්‍යාවාස පිරිවෙන් මහා විහාරස්ථානයේදී, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල නායක හිමිපාණන් වහන්සේ බැහැදැක වැඳ නමස්කාර කර නාවික හමුදාවේ ඉදිරි කටයුතු වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීම සිදු කෙරිණි.
26 Jan 2025
නාවික හමුදාව මඟින් විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායන මාලාවක් යාපනයේදී සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජීය මෙහෙවරක් ලෙස සංවිධානය කළ විශේෂ ජංගම දන්ත සායන මාලාවක් 2025 ජනවාරි මස 21 වැනි දින සිට 23 වැනි දින දක්වා යාපනය මාතගල් ශාන්ත අන්තෝනි දේවස්ථානය, කන්කසන්තුරය නඩේෂ්වර විද්‍යාලය සහ වෙත්තිලයිකර්නි පරමේෂ්වර විද්‍යාලය යන ස්ථානයන්හිදී සාර්ථකව පැවැත්වීමට කටයුතු සිදු කෙරිණි.
25 Jan 2025
බටහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් චන්දිම සිල්වා වැඩ භාර ගනියි

රියර් අද්මිරාල් චන්දිම සිල්වා බටහිර නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් අද (2025 ජනවාරි 24) එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගැනීම සිදු කෙරිණි.
24 Jan 2025