වැදගත් සිදුවීම්
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ ධීවරයින් 8 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අයත්, මන්නාරමෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (15) පල්ලෙමුනෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයන් 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
16 Oct 2016
කේරළ ගංජා කිලෝග්‍රෑම් 6 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

බටහිර නාවික විධානයට අයත්, වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ පැලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක්, ඒකාබද්ධව සිදු කරන ලද වැටලීමකදී අද (15) මට්ටක්කුලිය ප්‍රදේශයේ කේරළ ගංජා කිලෝග්‍රෑම් 6 ක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදි.
15 Oct 2016
බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ලාංකික ධීවරයින් පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත්, කන්කසන්තුරය හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (15) පේදුරුතුඩුවට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේදී බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ලාංකික ධීවරයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
15 Oct 2016
කේරළ ගංජා කිලෝග්‍රෑම් 36 ක් සහ ඖෂධ තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු ඇතුලු පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අනුයුක්ත ශ්‍රී ලංකා නාවික නෞකා රණජය නෞකාවේ නාවිකයන් පිරිසක් විසින් ඊයේ (14) ඩෙල්ෆ් දුපතට නිරත දිගින් වු මුහුදු ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 36 ක් සහ ඖෂධ තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු ඇතුලු පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්විය.
15 Oct 2016
කේරළ ගංජා කිලෝග්‍රෑම් 103 ක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් මාදගල් හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා අග්බෝ ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (15) සෙන්දම්කුලම් වෙරළ තීරයේදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 103 ක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු අත්අංඩංගුවට ගන්නා ලදි.
15 Oct 2016
මැදිරිගිරිය ප්‍රදේශයේ ඉදිකළ ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව විසින් සිදු කරන ප්‍රජා සත්කාරක සේවාවන්හි එක් ව්‍යාපෘතියක් වශයෙන් වකුගඩු රෝගය පැතිරයාමේ අවදානමක් සහිත ප්‍රදේශයන්හි ජනතාව වෙනුවෙන් ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කිරීම සඳහන් කළ හැක.
15 Oct 2016
12 වන බඳවා ගැනීමට අයත් ශිල්පීය අංශයේ නාවිකයන් 42 දෙනෙකු විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 12 වන බඳවා ගැනීමට අයත් ශිල්පීය අංශයේ නාවිකයන් 42 දෙනෙකු සිය මුලික පුහුණුව සාර්ථකව හදාරා ඊයේ (14) විසිර යන ලදී.
15 Oct 2016
අද්මිරාල් කොළඹගේ මහතා විසින් රචිත “ASYMMETRIC WARFARE AT SEA: THE CASE OF SRI LANKA” නම් ග්‍රන්ථය එළිදැක්වේ

හිටපු නාවික හමුදාධිපතිවරයෙකු වූ අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය, ජයනාත් කොළඹගේ මහතා විසින් රචිත “ASYMMETRIC WARFARE AT SEA: THE CASE OF SRI LANKA” නම් කෘතිය අද (14) අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී එළිදැක්විය.
14 Oct 2016
අතහැර දමා ගිය කේරළ ගංජා කිලෝග්‍රෑම් 68 ක් සොයාගැනේ

උතුරු නාවික විධානයට අයත් මාදගල් හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා අග්බෝ ආයතනයට ලැබුණු බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ එම ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් යාපනය පොලිස් නිලධාරීන් සමග සිදු කළ සොදිසි කිරීමකදී අද (14) මාර්සන්කුඩාල් වෙරළ තීරයේ අතහැර දමා ගිය කේරළ ගංජා කිලෝග්‍රෑම් 68 ක් සොයා ගන්නා ලදි.
14 Oct 2016
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 7 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිතර වූ ලාංකික ධීවරයින් 7 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට ඊයේ (13) නාවික හමුදාව සමත් විය.
14 Oct 2016