වැදගත් සිදුවීම්
වසර 34ක සේවය නිමා කරමින් රියර් අද්මිරාල් මොහොට්ටි මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ, අධ්යක්ෂ ජෙනරාල් නාවික හා ගුවන් මෙහෙයුම් වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් සරත් මොහොට්ටි යන ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරියා සිය 34 වසරක අභිමානවත් සේවය නිමා කරමින් අද (14) දින විශ්‍රාම යන ලදී.
14 Oct 2016
නීති විරෝධී ධීවර දැල් 3 ක් සමග පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරුමැද නාවික විධානයට අයත් මන්නාරම හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් කෝන්දම්පිඩ්ඩි වෙරළ තීරයේ අද (13) සිදු කරන ලද පාමුර සංචාරයකදී, තහනම් දැල් 3 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
13 Oct 2016
ළිදක් පිරිසිදු කිරිමේදි මියගිය පුද්ගලයෙකුගේ මළසිරුර නාවික හමුදාව විසින් ගොඩගැනේ

කන්කසන්තුරේ පොලිසිය විසින් කරන ලද ඉල්ලීමකට අනුව, උතුරු නාවික විධානයට අයත් කන්කසන්තුරේ හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට අනුයුක්ත කිමිදුම් අංශයේ නාවිකයන් විසින් ඊයේ (12) තෙලිප්පලේ ප්‍රදේශයේ අඩි 70 ක් පමණ ගැඹුරු ළිදක් පිරිසිදු කිරිමේදි විෂ වායුවක් ආග්‍රහනය විමෙන් මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඉතා අසීරු පරිශ්‍රමයකින් පසු ගොඩ ගැනිමට සමත් විය.
13 Oct 2016
අතහැර දමා ගිය කේරළ ගංජා කිලෝග්‍රෑම් 16.7 ක් නාවික හමුදාව මගින් සොයාගැනේ

උතුරු නාවික විධානයට අයත් කන්කසන්තුරේයි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (13) පේදුරුතුඩුවට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී අතහැර දමා ගිය කේරළ ගංජා කිලෝග්‍රෑම් 16.7 ක් සමග ඒවා ප්‍රවාහනය සඳහා යොදාගත් ඩිංගි යාත්‍රාවක් සොයා ගන්නා ලදි.
13 Oct 2016
නිවාස 75 ක අයිතිය නාවික හමුදා රණවිරුවන් වෙත පැවරීම ජනපති අතින් සිදු කෙරේ

“අපි වෙනුවෙන් අපි” සහ “සත්විරු සන්හිඳ” නිවාස ව්‍යාපෘති යටතේ තවත් නිවාස 75ක් නාවික හමුදා රණ විරුවන් වෙත ප්රදානය කිරීම අතිගරු ජනානාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආතනයේදී අද (12) සිදු කෙරුණි.
12 Oct 2016
ඉන්දියානු වෙරළාරක්ෂක බළකායේ “සමුද්‍ර පෙහෙරිදාර්” නෞකාවේදී පුහුණු අභ්‍යාසයක්

දින දෙකක නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ “සමුද්‍ර පෙහෙරිදාර්”නෞකාවේදී සාගරයට මුදාහැරුණු තෙල්, කෙටි කාල සීමාවකදී කාර්යක්ෂමව ඉවත් කිරීම පිළිබඳ පුහුණු අභ්යාංසයක් අද (12) පැවැත්වීය.
12 Oct 2016
ඉන්දියානු රජයේ ප්‍රධාන ජලමානක නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියානු රජයේ ප්‍රධාන ජලමානක නිලධාරී, රියර් අද්මිරාල් විනේයි බද්වාර් මහතා සහ කපිතාන් ආර්එම් තෝමස් යන මහත්වරුන් අද (12) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමු විය.
12 Oct 2016
නීතිවිරෝධී තහනම් දැලක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

දකුණු නාවික විධානයට අයත් තංගල්ලෙහි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා රුහුණ ආයතනයට අනුයුක්ත නාවිකයන් සහ තංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් එක්ව කළ වැටලීමකදී, නාකුලුගමුව ප්‍රදේශයේදී නීති විරෝධී තහනම් දැලක් සමග පුද්ගලයෙකු ඊයේ (11) අත්අඩංගුවට ගැනීමට සමත් විය.
12 Oct 2016
නාවික හමුදාධිපතිතුමා සමුද්‍ර පෙහෙරිදාර් නෞකාවේ සංචාරයක නිරත වෙයි

ශ්‍රි ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (11) ඉන්දියානු වෙරළාරක්ෂක බළකායට අයත් “සමුද්‍ර පෙහෙරිදාර්” නෞකාවේ සංචාරයක නිරත විය.
11 Oct 2016
රාජකීය ඕමාන් නාවික හමුදාවේ අල් නසීර් යුද නෞකාව කොළඹ වරායට පැමිණෙයි

රාජකීය ඕමාන් නාවික හමුදාවේ “අල් නසීර්” යුධ නෞකාව සුහදතාවය වර්ධනය කර ගැනීම හා සැපයුම් අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා අද (11) උදෑසන කොළඹ වරායට සේන්දු විය.
11 Oct 2016