වැදගත් සිදුවීම්

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයන් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත්, කන්කසන්තුරයෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (5) පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් කිමිදුම් ක්‍රම සහ උපකරණ භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ධීවරයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

06 Oct 2016

නයිජීරියානු නාවික හමුදාවේ “යුනිටි” යුද නෞකාව කොළඹ වරායට පැමිණෙයි
 

නයිජීරියානු නාවික හමුදාවට අයත් “යුනිටි” යුද නෞකාව සුහද සංචාරයක් සඳහා අද (5) උදෑසන කොළඹ වරායට සේන්දු විය.

05 Oct 2016

ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ
 

‍බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ කිරින්ද වෙරළාරක්ෂක ස්ථානයට අනුයුක්ත නාවික හමුදා බුද්ධි අංශ නාවිකයන් පිරිසක් සහ කතරගම පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (4) බලහරුව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

05 Oct 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

‍උතුරුමැද නාවික විධානයට අයත් මන්නාරමෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (4) කොන්දම්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

04 Oct 2016

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනේ

‍ඩෙල්ෆ් දූපතට උතුරින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද (4) උදෑසන අත්අඩංගුවට ගන්නා ලදී.

04 Oct 2016

ගංජා කිලෝග්‍රෑම් 4 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ
 

‍බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ කිරින්ද වෙරළාරක්ෂක ස්ථානයට අනුයුක්ත නාවික හමුදා බුද්ධි අංශ නාවිකයන් පිරිසක් සහ කතරගම පොලිස් විශේෂ කාර්යය බළකායේ සෙබලුන් පිරිසක් එක්ව ඊයේ (3) තණමල්විල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී ගංජා කිලෝග්‍රෑම් 4 ක්ද සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

04 Oct 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 9 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

‍තහනම් දැල් භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 9 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව ඊයේ (3) සමත් විය.

04 Oct 2016

නාවික හමුදා කිමිදුම්කරුවන් ගිලීගිය වාලම්පූරි යාත්‍රාව ‍සොයා ගනී
 

‍ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් 1998 වර්ෂයේ පෙබරවාරි මස 23 වන දින කොටි ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝට්ටු ප්‍රහාරයකට ලක්ව පේදුරුතුඩුව මුහුදු ප්‍රදේශයේදී ගිලීගිය වාලම්පූරි යාත්‍රාව අද (3) සොයා ගන්නා ලදී.

03 Oct 2016

නීති විරෝධී ධීවර ක‍ටයුතුවල නිරත වූ පුද්ගලයන් 8 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

‍උතුරු නාවික විධානයට අයත්, නාවික ස්ථානගතකිරීම් වෙත්තලකේනි වලට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (3) නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් මසුන් ඇල්ලූ ලාංකික ධීවරයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

03 Oct 2016

යාපනය විශ්වවිද්‍යාලයේ ස්ථාපිත ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනාධිපතිතුමන් අතින් විවෘත කෙරේ

‍නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර (RO Plant) 2 ක් යාපනය විශ්වවිද්‍යාලයේ ස්ථාපනය කරන ලද අතර, එම යන්ත්‍ර ඊයේ (2) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.

03 Oct 2016