වැදගත් සිදුවීම්
තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරුමැද නාවික විධානයට අයත්, මන්නාරම හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (1) තලෙයිමන්නාරම වැලිපර හය සහ හත අතර ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
02 Oct 2016
ගෝපාල්පුරම් මුහුදු ප්‍රදේශයේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 3 දෙනෙකු බේරා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අයත් නිලාවේලි හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (1) ගොපාල්පුරම් මුහුදු ප්‍රදේශයේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 3 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සමත් විය.
02 Oct 2016
ගලෙන්බිදුනුවැව ප්‍රදේශයේ ඉදිකළ ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ජනතා අයිතියට පත් කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතී.
01 Oct 2016
බංගලාදේශ නාවික හමුදා “සෝමුද්‍රා අවිජාන් ” සහ “සෝමුද්‍රා ජෝයි” යන නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි

බංගලාදේශ නාවික හමුදාවට අයත් “සෝමුද්‍රා අවිජාන් ” සහ “සෝමුද්‍රා ජෝයි” යන නෞකාවන් සුහද සංචාරයක් සඳහා ඊයේ (29) කොළඹ වරායට සේන්දු විය.
30 Sep 2016
කේරළ ගංජා සමග පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අයත් මාන්නාරමෙහි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් සහ මන්නාරම පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් එක්ව කළ මෙහෙයුමක් මගින්, මන්නාරම ප්‍රදේශයේ කේරළ ගංජා කිලෝග්රෑම් 4 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු ඊයේ (29) අත්අඩංගුවට ගන්නා ලදී.
30 Sep 2016
නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයෙකු සහ තහනම් දැල් තොගයක් අත්අඩංගුවට

දකුණු නාවික විධානයට අයත් තංගල්ල හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා රුහුණ ආයතනයට අනුයුක්ත නාවිකයන් සහ තංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් එක්ව කළ වැටලීමකදී, නාකුලුගමුව ප්‍රදේශයේදී නීති විරෝධී තහනම් දැල් සමග පුද්ගලයෙකු ඊයේ (29) අත්අඩංගුවට ගැනීමට සමත් විය.
30 Sep 2016
වේදනා නාශක ඖෂධ තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, බටහිර නාවික විධානයට අයත් උස්වැටකෙයියාවේ හි පිහිටි, ශ්‍රි ලංකා නාවික නෞකා කැලණි ආයතනයට අනුයුක්ත නාවිකයන්, ගම්පහ ඖෂධ හා ආහාර අන්තර් මණ්ඩලය සහ මිගමුව පොලිසිය හා එක්ව කළ මෙහෙයුමකදී මත්විම සඳහා අලවි කිරිමට සුදානම් කර තිබු වේදනා නාශක ඖෂධ පෙට්ටි 10 ක් සමග පුද්ගලයෙකු ඊයේ (29) සීදුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදි.
30 Sep 2016
බංගලාදේශ නාවික හමුදාවට අයත් නෞකා දෙකක් කොළඹ වරායට

බංගලාදේශ නාවික හමුදාවට අයත් “සෝමුද්‍රා අවිජාන් ” සහ “සෝමුද්‍රා ජෝයි” යන නෞකාවන් අද (29) කොළඹ වරායට සේන්දු විය.
29 Sep 2016
අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ ඉදිකළ ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර භික්ෂු අයිතියට පත් කෙරේ.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතී.
29 Sep 2016
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා පැරකුම්බා ආයතනයට අයත් කුඩා යාත්‍රාවන්හි මුර සංචාරයේ යෙදි සිටි නාවිකයන් පිරිසක් විසින් ඊයේ (28) සාම්පුර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
29 Sep 2016