වැදගත් සිදුවීම්
නාවික හමුදාධිපතිතුමන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී නිශා බිස්වාල් මහත්මිය හමු වේ

මේ දිනවල ඇමෙරිකාවේ නිල සංචාරයක යෙදී සිටින, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශයේ සහකාර ලේකම් නිශා බිස්වාල් මහත්මිය එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී ඊයේ (27) හමු විය.
28 Sep 2016
කොරල් පර අධීක්ෂණ සහ නැවත වගා කිරීමේ වැඩසටහනක් ත්‍රිකුණාමලයෙන් ආරම්භ වේ

බ්ලූ රිසෝසස් සංවිධානය සහ වනජීවී පර්යේෂණ හා සංරක්ෂණ භාරය, ලංකා ටෝකියෝ සිමෙන්ති පුද්ගලික සමාගම සමග එක්ව ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් අංශයේ නාවික පුද්ගලයන් වෙනුවෙන් සංවිධානය කරන ලද, කොරල් පර මිණුම් සහ සිතියම් ගත කිරීම පිළිබඳ පුහුණු වැඩ මුළුවක් සහ කොරල් සිටුවීමේ වැඩසටහනක් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ පිහිටි කොරල් කෝව් (Coral Cove) වෙරළ තීරයේදී පවත්වන ලදී.
28 Sep 2016
නාවික හමුදාධිපතිතුමන් පෙන්ටගනයේදී ජ්‍යෙෂ්ඨ එක්සත් ජනපද හමුදා නිලධාරීන් පිරිසක් හමුවේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ (26) එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර පෙන්ටගනයේදී ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු හමුවන ලදී.
27 Sep 2016
නිදහස ලැබූ ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු නැවත භාරදීමට නාවික හමුදාවේ සහාය

ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිට නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු ඉන්දීය රජය වෙත භාරදීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහාය විය.
27 Sep 2016
එප්පාවල ප්‍රදේශයේ ඉදිකරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ

නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් ව්‍යාපෘතියක් අනුරාධපුර, එප්පාවල ප්‍රදේශයේදී ක්‍රියාත්මක කෙරිණි.
26 Sep 2016
කේරළ ගංජා කිලෝග්‍රෑම් 89 ක් නාවික හමුදා සහ පොලිස් අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් නාවික ස්ථානගත කිරීම් වෙත්තලකේනි හි රාජකාරී නියුතු නාවිකයන් පිරිසක් සහ මරදන්කර්නි පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අද (26) සිදු කරන ලද සෝදිසි කිරීමක දී මරදන්කර්නි ප්‍රදේශයේ සඟවා තිබු, ඇසුරුම් 4 ක අසුරන ලද කේරළ ගංජා කිලෝග්‍රෑම් 89 ක් අත්අඩංගුවට ගන්නා ලදී.
26 Sep 2016
ඩෙල්ෆ් ප්‍රාදේශිය රෝහලේ සහ ගිලන් යාත්‍රාවේ පරිහරනය සඳහා වෛද්‍ය උපකරණ පරිත්‍යාග කෙරේ

ඩෙල්ෆ් දූපතේ සිට යාපනය දක්වා ගිලන් වූ රෝගීන් ප්‍රවාහනය කරනු ලබන ගිලන් යාත්‍රාවේ හා ඩෙල්ෆ් ප්‍රදේශිය රෝහලේ පරිහරණය කිරිම සඳහා වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම ඩෙල්ෆ් දූපතේ පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනයේ දි සිදු කෙරෙණි.
24 Sep 2016
කේරළ ගංජා කිලෝග්‍රෑම් 77.5 ක් නාවික හමුදා සහ පොලිස් අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අයත්, මුලතිව් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ මුලතිව් පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඒකාබද්ධව සිදු කරන ලද වැටලීමකදී ඊයේ (23) පුදුකුඩිරිප්පුහි පිහිටි අම්බලන්පොක්කනේ වෙරළ තීරයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 77.5 ක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගැනීමට හැකිවිය.
24 Sep 2016
හම්බෙගමුව ප්‍රදේශයේ ඉදිකරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ

නාවික හමුදාව මගින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් ව්‍යාපෘතියක් මොණරාගල ප්‍රදේශයේදී ක්‍රියාත්මක කෙරිණි.
24 Sep 2016
නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතයට ජයග්‍රහන රැසක්

කොළඹ කුඩා යාත්‍රා සංගමය (Colombo Motor Yacht Club) මගින් සංවිධානය කරන ලද ලේසර් අංශයේ හා එන්ටප්‍රයිසස් අංශයේ රුවල් ඔරු තරඟාවලිය 18 දින බොල්ගොඩ ජලාශයේදී පැවැත්වුනු අතර, එයින් ජයග්‍රහන රැසක් අත්කර ගැනීමට නාවික හමුදා කණ්ඩායමට හැකි විය.
24 Sep 2016