වැදගත් සිදුවීම්
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අයත්, කින්නියා හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගෝකණ්න ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (22) උප්පාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයන් 14 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
23 Sep 2016
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් 19 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 19 දෙනෙකු ස්ථාන තුනකදී අත්අඩංගුවට ගැනීමට ඊයේ (22) නාවික හමුදාව සමත්විය.
23 Sep 2016
“පිරිනිවන් මංගල්‍ය” බෞද්ධ කැන්ටාටාව ඉදිරිපත් කළ ශිල්පීන්හට සහතිකපත් ප්‍රදානය කෙරේ

හෙළයේ මහා සංගීතඥ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ශූරීන්ගේ “පිරිනිවන් මංගල්‍ය” නම් වූ බෞද්ධ කැන්ටාටාව, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් පසුගිය අගෝස්තු මස 25 වන දින නෙළුම්පොකුණ රඟහලේදී අති උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.
23 Sep 2016
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයන් 12 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරුමැද නාවික විධානයට අයත්, මන්නාරම හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (21) කොන්දම්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
22 Sep 2016
ඇමරිකා එක්සත් ජනපදයේ පැවති ජාත්‍යන්තර මුහුදු බලතල සම්මන්ත්‍රණයට නාවික හමුදාධිපතිතුමා සහභාගී වෙයි

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්පෝට් රෝඩ් දූපතේ පිහිටි නාවික යුද විද්‍යාලයේදී 22 වන ජාත්‍යන්තර මුහුදු බලතල සම්මන්ත්‍රණය ඊයේ (21) ආරම්භ වූ අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ද සහභාගී විය.
22 Sep 2016
අනුරාධපුර බසවක්කුලම වැවෙහි කැලිකසල ඉවත් කිරිමට නාවික හමුදාව එක්වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මඟපෙන්විම යටතේ සිදු කෙරෙන ජාතික සමාජ සත්කාර මෙහෙවරෙහි තවත් එක් වැඩසටහනක් ලෙස අනුරාධපුර බසවක්කුලම වැව ශුද්ධ පවිත්‍ර කිරිම නාවික හමුදාව විසින් සිදු කරනු ලබයි.
21 Sep 2016
නාවික හමුදාධිපතිතුමා ඇමරිකා එක්සත් ජනපදයේ නාවික මෙහෙයුම් ප්‍රධානී සහ ශාන්තිකර කලාපයේ නාවික බලඇණි අණදෙන නිලධාරී හමුවෙයි

2016 සැප්තැම්බර් මස 21 වන දින සිට 23 වන දින දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ නිව්පෝට් රෝඩ් දූපතේ පැවැත්වෙන 22 වන ජාත්‍යන්තර මුහුදු බලතල සම්මන්ත්‍රණයට සහභාගී වීම සඳහා එහි ගොස් සිටින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇමරිකා එක්සත් ජනපදයේ නාවික හමුදා මෙහෙයුම් ප්‍රධානී අද්මිරාල් ජෝන් රිචඩ්සන් මහතා සහ ශාන්තිකර කලාපයේ නාවික බලඇණි අණදෙන නිලධාරී අද්මිරාල් ස්කොට් ස්විෆ්ට් මහතා හමුවිය.
21 Sep 2016
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරුමැද නාවික විධානයට අයත්, මන්නාරමෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (20) එරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
21 Sep 2016
දියකාවා යුද මෙහෙයුම සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන දියකාවා යුද අභ්‍යාසය අද (20) ත්‍රිකුණාමලය කෝකිලායි මුහුදු ප්‍රදේශයේදී සාර්ථකව නිමාවට පත්විය.
20 Sep 2016
ඔයාමඩුව, මහා කාශ්‍යප විද්‍යාලයේ සිසු දරු දැරියන්හට පාවහන් පරිත්‍යාග කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ අදහසකට අනුව ඔයාමඩුව මහා කාශ්‍යප විද්‍යාලයේ 1 වසරේ සිට 5 වසර දක්වා ඉගනුම ලබන දරු දැරියන් හට පාවහන් ප්‍රදානය කිරීමේ දෙවන අදියර ඊයේ (19) දින සිදු කෙරිණි.
20 Sep 2016