වැදගත් සිදුවීම්
226 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 289 දෙනෙකු විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 226 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 289 දෙනෙකු සිය මුලික පුහුණුව සාර්ථකව හදාරා අද (6) විසිර යන ලදී.
06 Aug 2016
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 14 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 14 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට ඊයේ (5) නාවික හමුදාව සමත්විය.
06 Aug 2016
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 23 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අයත් ත්‍රිකුණාමලය, නාවික තඨාකංගනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (5) සාම්පූර් වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 23 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
05 Aug 2016
පළමු පොපි මල නාවික හමුදාධිපති වෙත ප්‍රදානය කෙරේ

නාවික හමුදා සංගමය මගින් දියත් කරනු ලබන පොපි මල් සැමරුමේ ආරම්භය සනිටුහන් කරමින් එහි සභාපති කපිතාන් (විශ්‍රාමික) ඩීඒ විජේගුණවර්ධන මහතා විසින් අද (4) දින නාවික හමුදා මූලස්ථානයේදී සමස්ථ නාවික හමුදාව වෙනුවෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත පළමු පොපි මල පිළිගන්වන ලදී.
04 Aug 2016
නාවික හමුදාව SLT ස්පීඩ් අප් පාපැදි සවාරියේ ශූරතාවය දිනාගනියි

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය විසින් සංවිධානය කරන ලද SLT ස්පීඩ් අපි පා පැදි සවාරියේ සමස්ථ ශූරතාවය දිනා ගැනීමට නාවික හමුදාවේ සාමාන්‍ය නාවික දර්ශන ප්‍රසාද් සමත් විය.
03 Aug 2016
නව පත්වීම් ලද ශ්‍රී ලංකාවේ ජපාන ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජපාන ආරක්ෂක උපදේශක වශයෙන් නව පත්වීම් ලද ලුතිනන් අට්සුබිරෝ මොරොරෙ මහතා අද (3) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
03 Aug 2016
අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය කෙරේ

නාවික පර්යේෂණ ඒකකය විසින් සංවිධානය කරන ලද, 2015 වර්ෂය සඳහා වූ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයන් වෙත මුදල් ත්‍යාග සහ සහතිකපත් බෙදාදීම අද (3) උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදී.
03 Aug 2016
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 19 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අයත් මුලතිව් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (2) කොක්කුතුඩුවායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 19 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
02 Aug 2016
සේවා වනිතා ඒකකය මගින් ආබාධිත වූ හා තුවාළ ලැබූ නාවික පුද්ගලයන් වෙනුවෙන් නිවාඩු නිකේතන 2 ක් විවෘත කෙරේ

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයකට අනුව සටනේදී තුවාළ ලැබූ හා ආබාධිත වූ නිලධාරීන් සහ නාවිකයන්ගේ සුභසාධනය වෙනුවෙන් දියතලාව ප්‍රදේශයේ නිවාඩු නිකේතන 2 ක් ස්ථාපිත කරන ලදී.
01 Aug 2016
ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී පුහුණුව නිමකළ නිලධාරීන් පිරිසක් අධිකාරියට පත් කෙරේ

2016 පළමු වන ඉදුරාම බඳවා ගැනිමට අයත් නිලධාරීන් 12 දෙනෙකු සහ සේවා ප්‍රවේශ නිලධාරීන් 5 දෙනෙකු සිය මූලික පුහුණුව අවසන් කිරීමෙන් පසු අද (30) ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේ පැවැත්වූ ඉතා විචිත්‍රවත් අධිකාරියට පත් කිරීමේ උළෙලකින් පසු විසිර යන ලදී.
30 Jul 2016