වැදගත් සිදුවීම්
සමුගැනීමේ නිල හමුවක් සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් විකාස් සූඩ් (Captain Vikas Sood), සමුගැනීමේ නිල හමුවක් සඳහා 2023 ඔක්තෝබර් මස 05 වන දින නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
06 Oct 2023
බහරේන් හි ඒකාබද්ධ සමුද්‍රීය බළකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරි සහ නාවික හමුදාධිපති අතර නිල හමුවක්

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවන බහරේන් හි පිහිටි ඒකාබද්ධ සමුද්‍රීය බළකායේ (The Combined Maritime Forces – CMF) නියෝජ්‍ය අණදෙන නිලධාරී කොමදෝරු පිලිප් එඩ්වර්ඩ් ඩෙනිස් (Commodore Philip Edward Dennis - Royal Navy) අද දින (2023 ඔක්තෝබර් 02) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
02 Oct 2023
වෛද්‍ය නිලධාරීන් 07 ක් නාවික හා සාගරික විද්‍යාපීඨයේදී විසිර යයි

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ වෛද්‍ය අංශයට අයත් වෛද්‍ය නිලධාරීන් හත් දෙනෙකු (07) විසිර යාම, 2023 සැප්තැම්බර් මස 30 වන දින ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේදී නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු බුද්ධික ලියනගමගේ ගේ ප්‍රධානත්වයෙන් අභිමානවත් අයුරින් සිදුකෙරිණි.
01 Oct 2023
ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වූ 25 වන සමුද්‍රීය බල සමුළුව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති සහභාගී වෙයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්පෝර්ට්, රෝඩ් අයිලන්ඩ්හි පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද නාවික සංග්‍රාමික විද්‍යායතනයේ (U.S. Naval War College) 2023 සැප්තැම්බර් මස 19 වන දින සිට 22 වන දින දක්වා පැවැති 25 වන සමුද්‍රීය බල සමුළුව (25th International Seapower Symposium - ISS) සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය. එහිදී, ඇමෙරිකා එක්සත් ජනපද නියෝජ්‍ය නාවික මෙහෙයුම් ප්‍රධානී, අද්මිරාල් Lisa M. Franchetti, ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ආඥාපති, අද්මිරාල් Linda L. Fagan, ඇමෙරිකා එක්සත් ජනපද ශාන්තිකර විධානයේ අණදෙන නිලධාරී අද්මිරාල් Samuel J. Paparo සහ ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදා මධ්‍යම විධානයේ ආඥාපති වයිස් අද්මිරාල් Brad Cooper ඇතුළු කලාපීය හා කලාපීය නොවන රාජ්‍යයන්ට අයත් නාවික හමුදා සහ වෙරළාරක්ෂක ප්‍රධානීන් සමඟ සිදුකෙරුණු නිල හමුවීම් සඳහා සහභාගී වී, සමුද්‍රීය ආරක්ෂාව සහ සයෝගීතාවය ඇතුළු ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිලිබඳ අදහස් හුවමාරු කරගැනීම සිදු කෙරිණි.
26 Sep 2023
ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් ගාලු මුවදොර වෙරළ තීරයේ රුක් රෝපණ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාව, සීමාසහිත ශ්‍රී ලංකා නැව් සමාගම හා එක්ව අද දින (2023 සැප්තැම්බර් 23) ගාලු මුවදොර වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් රුක්රෝපණ වැඩසටහනක් පැවැත්වීමට කටයුතු කෙරිණි.
23 Sep 2023
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික පුහුණු කඳවුරේ අංශ පිරික්‍සුම නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ගේ ප්‍රධානත්වයෙන් වැලිසර දී පවත්වයි

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික පුහුණු කඳවුරේ අංශ පිරික්‍සුම සහ ආචාර පෙළපාලිය 2023 සැප්තැම්බර් මස 21 වන දින වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ සරඹ පිටියේදී සාර්ථකව පැවැත්වුණු අතර, ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා ගේ සහ ස්වේච්ඡා නාවික හමුදාවේ අණදෙන නිලධාරි කොමදෝරු නිමල් වසන්ත ගේ ආරාධනයෙන් එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න සහභාගී විය.
22 Sep 2023
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Nireekshak’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2023 සැප්තැම්බර් මස 14 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Nireekshak’ නෞකාව, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, 2023 සැප්තැම්බර් මස 21 වන දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව එම නෞකාව වෙත සමුදීම ත්‍රිකුණාමලය වරායේදී සිදු කෙරිණි.
22 Sep 2023
බංගලාදේශ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නිලධාරීන් කණ්ඩායමක් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන බංගලාදේශ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන්ගෙන් සහ අධ්‍යන කාර්යමණ්ඩල නිලධාරීන් ගෙන් සමන්විත නිලධාරීන් කණ්ඩායමක් 2023 සැප්තැම්බර් මස 19 වන දින නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වූ අතර, එහිදී එම නිලධාරී කණ්ඩායම් ප්‍රධානී විසින් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න හමු විය.
20 Sep 2023
යෝගා පුහුණු උපදේශකයින් පුහුණු කිරීමේ වැඩසටහන සාර්ථකව නිමාවට පත්වෙයි

නාවික හමුදාව තුල යෝගා අභ්‍යාස ප්‍රචලිත කිරීමේ අරමුණින්, ශාරීරික අභ්‍යාස උපදේශක නාවිකයන් වෙනුවෙන් කළාකීර්තී යෝගා ආචාර්ය අනෝජා වීරසිංහ මහත්මිය විසින් මෙහෙයවන ලද යෝගා පුහුණු උපදේශකයින් පුහුණු කිරීමේ වැඩසටහනෙහි සමාප්ති උළෙල 2023 සැප්තැම්බර් මස 18 වන දින නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න ගේ ප්‍රධානත්වයෙන් වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර ගෘහස්ත ක්‍රීඩාගාරයේදී පැවැත්විණි.
19 Sep 2023
උතුරු මැද නාවික විධානයේ කොමදෝරු අධිකාරී ඉංජිනේරු දෙපාර්තමේන්තුව වෙත ISO 45001:2018 ප්‍රමිති සහතිකය ප්‍රදානය කෙරේ

උතුරු මැද නාවික විධානයේ කොමදෝරු අධිකාරී ඉංජිනේරු දෙපාර්තමේන්තුව වෙත ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්‍ෂිත කළමනාකරණ පද්ධතිය සඳහා වන ISO 45001:2018 ප්‍රමිති සහතිකය ප්‍රදානය කිරීම (OCCUPATIONAL HEALTH & SAFETY MANAGEMENT SYSTEM CERTIFICATION- ISO 45001:2018) 2023 සැප්තැම්බර් මස 15 වන දින, උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කාංචන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLSI) නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්/අධ්‍යක්ෂ (පද්ධති සහතික කිරීම) එස්.යූ.නාරංගොඩ මහත්මිය හා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්/අධ්‍යක්ෂ (තත්ව සහතික) එම්බීඩී නීලකාන්ති මහත්මිය ගේ සහභාගීත්වයෙන් පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේ මාලිමා උත්සව ශාලාවේදී සිදු කෙරිණි.
17 Sep 2023