වැදගත් සිදුවීම්

නාවික හමුදාව මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා ප්‍රති ආශ්‍රැත ජල පද්ධතීන් දෙකක් ස්ථාපනය කරයි
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව ප්‍රදේශයේ ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා ප්‍රති ආශ්‍රැත ජල පද්ධතීන් දෙකක් අද (22) පූනෑව සහ කඩවත් රඹෑව යන ප්‍රදේශයන්හි ස්ථාපනය කරන ලදී.

22 Dec 2015

ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේ පැවති රණවිරු පවුල් සඳහා වූ වාර්ෂික සුහද හමුව
 

මව්බිම වෙනුවෙන් දිවිපිදූ සහ සටනේදී තුවාළ ලබා ආබාධිත තත්වයට පත්වූ රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයින් සඳහා සංවිධානය කෙරුණු වාර්ෂික සුහද හමුවක් දෙසැම්බර් මස 21 වන දින ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේදී පැවැත්විණ.

22 Dec 2015

ඩෙල්ෆ්ට් දූපත්වාසීන් සඳහා නාවික හමුදාව නත්තල් උත්සවයක් සංවිධානය කරයි
 

2015 දෙසැම්බර් මස 21 වන දින ඩෙල්ෆ්ට් දූපත්වාසීන් වෙනුවෙන් නාවික හමුදාව නත්තල් කැරොල් උත්සවයක් සංවිධානය කරන ලදී.

22 Dec 2015

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනේ

තලෙයිමන්නාරමට උතුරු‍ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (21) අත්අඩංගුවට ගන්නා ලදී.

22 Dec 2015

නාවික හමුදාධිපති උතුරු නාවික විධානයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (21) උතුරු නාවික විධානයේ පරීක්ෂණ චාරිකාවක නිරතවිය.

21 Dec 2015

යාපනයේ පැවති රාජ්‍ය නත්තල් උත්සවය සඳහා නාවික හමුදාධිපති සහභාගී වෙයි
 

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය නත්තල් උත්සවය 2015 දෙසැම්බර් මස 20 වන දින යාපනය මහ නගර සභා භූමියේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

21 Dec 2015

65 වන නාවික දිනය නිමිත්තෙන් නිලධාරීන්ගේ සුහද හමුවක් ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේදී පැවැත්වේ

65 වන නාවික දිනයට සමගාමීව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2015 දෙසැම්බර් මස 19 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේදී නිලධාරීන්ගේ සුහද හමුවක් පවත්වන ලදී.

21 Dec 2015

65 වන නාවික දින සැමරුමට සමගාමීව “අප සතුව නාවික හමුදාවක් තිබිය යුතුය” යන ග්‍රන්ථය එළිදැක්වේ
 

යටත් විජිත රාජ්‍යයක සිට ස්වෛරී සමූහ ආණ්ඩුවක් බවට පත්වූ අවධියෙහි ශ්‍රී ලංකාව සතු නාවික හමුදාව අලලා උපදේශක ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) සෝමරිසි දේවේන්ද්‍ර මහතා විසින් රචිත “අප සතුව නාවික හමුදාවක් තිබිය යුතුය” (We must have a Navy) යන ග්‍රන්ථය 65 වන නාවික දින සැමරුමට සමගාමීව 2015 දෙසැම්බර් මස 19 වන දින ශ්‍රීලංනානෞ රංගල ආයතනයේ සංවිධානය කෙරුණු සුහද හමුවේදී නිල වශයෙන් එළිදක්වන ලදී.

21 Dec 2015

මව්බිම වෙනුවෙන් දිවිපිදූ සහ සටනේදී තුවාළ ලබා ආබාධිතවූ රණවිරුවන් නාවික තඨාකංගනයේදී සැමරේ

මව්බිම වෙනුවෙන් දිවිපිදූ සහ සටනේදී තුවාළ ලබා ආබාධිත තත්වයට පත්වූ රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයින් සඳහා සංවිධානය කෙරුණු වාර්ෂික සුහද හමුව දෙසැම්බර් මස 18 වන දින ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේදී පැවැත්විය.

19 Dec 2015

වැලිසර නාවික කදවුරේ නව ගොල්ෆ් ක්‍රීඩා පිටිය නාවික හමුදාධිපති විසින් විවෘත කෙරේ
 

වැලිසර නාවික කඳවුරේ අළුතින් ඉදිකරන ලද ගොල්ෆ් ක්‍රීඩා පිටිය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් ඊයේ (18) විවෘත කෙරිණි.

19 Dec 2015