වැදගත් සිදුවීම්
දකුණු කොරියානු නෞකාවේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් විශේෂ සංස්කෘතික සංදර්ශනයක් නාවික හමුදා මූලස්ථානයේදී පවත්වයි

තෙදින නිල සංචාරයක් සඳහා පසුගිය (03) වන දින ශ්‍රී ලංකාවට පැමිණි දකුණු කොරියානු නාවික හමුදාවේ “චුන්ග්මුගොන්ග් යි සන් සින්” නෞකාවේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් සංස්කෘතික සංදර්ශනයක් දෙසැම්බර් මස 04 වන දින නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
06 Dec 2015
65 වන නාවික හමුදා දිනය නිමිත්තෙන් සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්මදේශනයක් හා දානමය පිංකමක් ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී පවත්වයි

දෙසැම්බර් මස 09 වන දිනට යෙදෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 65 වන සැමරුම නිමිත්තෙන් වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයක් හා දානමය පිංකමක් දෙසැම්බර් මස 03 සහ 04 යන දිනයන්හි පැවැත්විණි.
04 Dec 2015
දකුණු මුහුදේදී තුවාල ලැබූ ධීවරයකු කඩිනමින් ගොඩබිම වෙත ගෙන ඒමට නාවික හමුදාව සහාය වේ

දකුණු මුහුදේ ධීවර කටයුතු වල යෙදී සිටියදී ඇසක් තුවාල වීමට ලක්වූ ධීවරයකු කඩිනමින් ගොඩබිම වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව සහාය විය.
04 Dec 2015
නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගැනේ

කල්පිටිය, ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින්, කුදිරමලෙයි සහ කරෙයිතිව් අතර මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ධීවරයින් 11 දෙනෙකු සමග ඩිංගි යාත්‍රා 3ක් ඊයේ (03) උදෑසන අත්අඩංගුවට ගන්නා ලදී.
04 Dec 2015
දකුණු කොරියානු නාවික හමුදා “චුන්ග්මුගොන්ග් යි සන් සින්” නෞකාවේ අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි

දකුණු කොරියානු නාවික හමුදාවේ “චුන්ග්මුගොන්ග් යි සන් සින්” නෞකාව සුහද සංචාරයක් සඳහා අද (03) ශ්‍රී ලංකාවට පැමිණි අතර, එහි අණදෙන නිලධාරී කපිතාන් යූ ජේ-මන් මහතා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
03 Dec 2015
ඉන්දීය යුද හමුදා ප්‍රධානී නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරල් ඩල්බිර් සිං සුහාග් මහතා අද (03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
03 Dec 2015
නාවික හමුදා 65 වන සංවත්සරය නිමිත්තෙන් උතුරු නාවික විධානය ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වයි

65 වන නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් විශේෂ ලේ දන්දීමේ වැඩසටහනක් කන්කසන්තුරේ උතුරු නාවික විධාන මූලස්ථාන රෝහලේ දී දෙසැම්බර් මස 02 වන දින පැවැත්විණි.
03 Dec 2015
නාවික හමුදා 65 වන සැමරුම නිමිත්තෙන් පැවති හින්දු ආගමික වැඩසටහන

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 65 වන නාවික දින සැමරුම නිමිත්තෙන් සංවිධානය කරන ලද හින්දු ආගමික වැඩසටහන අද (02) කොටහේන, ශ්‍රී පොන්නම්බලවානේෂ්වරර් හින්දු කෝවිලේදී පැවැත්විණි.
02 Dec 2015
65 වන නාවික හමුදා දිනය නිමිත්තෙන් පැවති මුස්ලිම් ආගමික වැඩසටහන

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 65 වන නාවික දින සැමරුම නිමිත්තෙන් සංවිධානය කරන ලද මුස්ලිම් ආගමික වැඩසටහන් අද (02) උදෑසන කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා මුස්ලිම් පල්ලියේදී පැවැත්විණි.
02 Dec 2015
65 වන නාවික දිනය නිමිත්තෙන් පැවති ක්‍රිස්තියානි දේව මෙහෙය

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 65 වන නාවික හමුදා දිනය නිමිත්තෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශාන්ත ලුසියා දෙව්මැදුරේදී ක්‍රිස්තියානි දේව මෙහෙයක් දෙසැම්බර් මස 01 දින පැවැත්විණි.
02 Dec 2015