වැදගත් සිදුවීම්
සේවා මුක්ත භට සංගම් මූලස්ථාන ගොඩනැගිල්ල සඳහා මුල්ගල තබයි

අකුරේගොඩ ත්‍රිවිධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේ ඉදිකිරීමට නියමිත සේවා මුක්ත භට සංගමයේ මූලස්ථාන ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම අද දින (2023 අගෝස්තු 17) ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.
17 Aug 2023
ඉන්දු ශාන්තිකර පරිසර ආරක්ෂක සංසදය - 2023 මඟින් දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමේ සැසි සහ ප්‍රායෝගික වැඩසටහන් රැසක් පවත්වයි

ඇමෙරිකා එක්සත් ජනපද ඉන්දු ශාන්තිකර විධානය (US Indo – Pacific Command - INDOPACOM), ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන 12 වන ඉන්දු ශාන්තිකර පරිසර ආරක්ෂක සංසදය - 2023 මේ වන විට කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේදී සාර්ථකව පැවැත්වෙන අතර, එහි තෙවන දිනය වූ 2023 අගෝස්තු මස 16 වන දින නාගරීකරණයේ බලපෑම සහ ඉඩම් ආරක්ෂාව (Impacts of Urbanization and Land Security) පිළිබඳ උගත් පාඩම් සහ යහපත් භාවිතයන් පිළිබඳව ඉදිරිපත් කිරීම්, සැසි, සිද්ධි අධ්‍යයන, කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ කොරල් නැවත වගාව හා කඩොලාන වගාව සම්බන්ධ ප්‍රායෝගික වැඩමුළු මඟින් දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමට කටයුතු කෙරිණි.
17 Aug 2023
කොමදෝරු ජගත් ලියනගමගේ නාවික හමුදා වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් අයවැය හා මුදල් ලෙස වැඩ භාර ගනියි

කොමදෝරු ජගත් ලියනගමගේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් අයවැය හා මුදල් වශයෙන් අද දින (2023 අගෝස්තු 15) නාවික හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් අයවැය හා මුදල් කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී.
15 Aug 2023
ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් සංවර්ධනය කළ කයිට්ස් චෙට්ටිපුලම් ප්‍රාථමික විද්‍යාලයේ පහසුකම් සිසු අයිතියට පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයීය ඇමෙරිකා එක්සත් ජනපද නැගෙනහිර වෙරළ ආදී ශිෂ්‍ය පදනමේ හා ඇමෙරිකා එක්සත් ජනපදයේ වෛද්‍ය ජේඅයිටී රාජයියා (Dr. JIT Rajiyah) මහතාගේ මූල්‍ය අනුග්‍රහය යටතේ යාපනය, කයිට්ස් දූපතේ චෙට්ටිපුලම් දමිළ ප්‍රාථමික විද්‍යාලයේ අළුත්වැඩියා කරන ලද පන්ති කාමර ගොඩනැගිල්ල සහ සංවර්ධනය කරන ලද අනෙකුත් පහසුකම් සිසු අයිතියට පත් කිරීම 2023 අගෝස්තු මස 14 වන දින උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
15 Aug 2023
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් රජින්ද සේරම් නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් රජින්ද සේරම් අද දින (2023 අගෝස්තු 15) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.
15 Aug 2023
‘ඉන්දු ශාන්තිකර පරිසර ආරක්ෂක සංසදය - 2023’ කොළඹදී ආරම්භ වෙයි

ඇමෙරිකා එක්සත් ජනපද ඉන්දු ශාන්තිකර විධානය (US Indo – Pacific Command - INDOPACOM), ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන ඉන්දු ශාන්තිකර පරිසර ආරක්ෂක සංසදය - 2023 (Indo-Pacific Environmental Security Forum-IPESF) කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේදී, අද දින (2023 අගෝස්තු 14) ආරම්භ වූ අතර, එහි සමාරම්භක උත්සවය ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ගරු ජුලී චන්ග් මහත්මිය, දේශගුණික විපර්යාස පිළබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඇතුළු සම්භාවනීය ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.
14 Aug 2023
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල සඳහා නාවික හමුදාවෙන් ලේ දන්දීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාර වැඩසටහන් යටතේ මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අවශ්‍යතාවය මත සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් 2023 අගෝස්තු මස 12 වන දින උතුරු මැද නාවික විධානයේ තලෙයිමන්නාරම, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයේදී පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
13 Aug 2023
මහජන චීන සමූහාන්ඩුවට අයත් ‘HAI YANG 24 HAO’ යුද නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

නිල සංචාරයක් සඳහා 2023 අගෝස්තු මස 10 වන දින දිවයිනට පැමිණි මහජන චීන සමූහාන්ඩුවට අයත් ‘HAI YANG 24 HAO’ යුද නෞකාව, නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2023 අගෝස්තු 12) දිවයිනෙන් පිටත් විය.
12 Aug 2023
ශ්‍රී ලංකා රෝහල් සේවා මණ්ඩලයේ මූලිකත්වයෙන් වැලිසර නාවික මහ රෝහල වෙත වෛද්‍ය උපකරණ තොගයක් ප්‍රදානය කරයි

ශ්‍රී ලංකා රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ, පූජ්‍ය ශාස්ත්‍රපති පණ්ඩිත රජවැල්ලේ සුභූති හිමියන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරෙන සමාජ මෙහෙවර ව්‍යාපෘතිය වෙත එංගලන්තයේ සිල්වියා ලංකා පදනම සහ එන්එච්එස් ට්‍රස්ට් ආයතනය එක්ව පරිත්‍යාග කරන ලද රෝහල් උපකරණ තොගයක් වැලිසර ශ්‍රී ලංකා නාවික හමුදා මහ රෝහල වෙත ප්‍රදානය කිරීම, අද දින (2023 අගෝස්තු 11) එම රෝහල් පරිශ්‍රයේදී සිදු කෙරිණි.
11 Aug 2023
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිනව ජල මානක ප්‍රධානී ලෙස කොමදෝරු කෝසල වර්ණකුලසූරිය වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජල මානක ප්‍රධානී ලෙස පත් වූ කොමදෝරු කෝසල වර්ණකුලසූරිය, ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේදී (NARA) අද දින (2023 අගෝස්තු 10) වැඩ භාර ගන්නා ලදී.
11 Aug 2023