වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිනව ජල මානක ප්‍රධානී ලෙස කොමදෝරු කෝසල වර්ණකුලසූරිය වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජල මානක ප්‍රධානී ලෙස පත් වූ කොමදෝරු කෝසල වර්ණකුලසූරිය, ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේදී (NARA) අද දින (2023 අගෝස්තු 10) වැඩ භාර ගන්නා ලදී.
11 Aug 2023
‘BestWeb.lk 2023’ තරඟාවලියෙන් ශ්‍රී ලංකා නාවික හමුදා නිල වෙබ් අඩවිය දිනා ගත් සම්මානය නාවික හමුදාධිපති වෙත පිරිනමයි

‘BestWeb.lk 2023’ තරඟාවලියේ ජයග්‍රාහකයන් වෙත සම්මාන ප්‍රදානය කිරීම 2023 අගොස්තු මස 09 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොනාච් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුනු අතර, එහිදී රාජ්‍ය අංශයේ හොඳම වෙබ් අඩවි කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ www.navy.lk නිල වෙබ් අඩවියට හිමි වූ රන් සම්මානය සහ සමස්ථ තරඟාවලියේ ලෝකඩ සම්මානය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත පිළිගැන්වීම අද දින (2023 අගෝස්තු 10) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
10 Aug 2023
මහජන චීන සමූහාන්ඩුවට අයත් ‘HAI YANG 24 HAO’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

මහජන චීන සමූහාන්ඩුවට අයත් ‘HAI YANG 24 HAO’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 අගෝස්තු 10) උදෑසන කොළඹ වරායට සේන්දු විය.
10 Aug 2023
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙරුම නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙරුම අද දින (2023 අගෝස්තු 10) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.
10 Aug 2023
නාවික හමුදා ජලමාණක සේවාව මඟින් නිර්මාණය කල වාලච්චේන කලපුවට අදාල සිතියම නාවික හමුදාධිපති වෙත පිළිගන්වයි

මඩකලපුව, වාලච්චේන ධීවර වරාය වෙත වාලච්චේන කලපුව ඔස්සේ ආරක්‍ෂිතව ප්‍රවේශ විය හැකි පිවිසුම් මාර්ගය හඳුනාගැනීම සඳහා නාවික හමුදා ජලමාණක සේවාව මඟින් එම කලපුවේ සිදුකල ජලමාණක මිනුම් කටයුතු සාර්ථකව සම්පූර්ණ කිරිමෙන් අනතුරුව නිර්මාණය කල සිතියම (Bathymetric Fair Sheet of Valachchenai Lagoon) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත පිළිගැන්වීම අද දින (2023 අගෝස්තු 08) නාවික හමුදා ජලමාණක ප්‍රධානී, රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙරුම විසින් නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.
08 Aug 2023
කල්පිටිය ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නාවික හමුදා සහය

කල්පිටිය, තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, අති උතුම් දේව ධර්මාචාර්ය වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සහ කිතුනු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2023 අගෝස්තු මස 06 වන දින කල්පිටිය, තලවිල ශාන්ත ආනා දේවස්ථානයේදී පැවැත්වුණු අතර, එය සාර්ථකව පැවැත්වීම සඳහා නාවික හමුදාවේ දායකත්වය ලබාදීමට කටයුතු කෙරිණි.
07 Aug 2023
නාවික හමුදාධිපති කල්පිටිය තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ දේව මෙහෙයක් සඳහා සහභාගී වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා 2023 අගෝස්තු මස 03 වන දින කල්පිටිය, තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ පැවති සන්ධ්‍යා දේව මෙහෙය සඳහා සහභාගී වී, එම දේවස්ථානය භාර මීසම් පාලක ගරු ලයිලි ප්‍රනාන්දු පියතුමා බැහැදැක ආශිර්වාද ලබාගැනීමට කටයුතු කෙරිණි.
04 Aug 2023
නාවික හමුදාධිපති උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා 2023 අගෝස්තු මස 02 සහ 03 යන දෙදින උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින්, එම විධානය මඟින් සිදුකරනු ලබන මෙහෙයුම් කටයුතු, සංවර්ධන හා සුභසාධන ව්‍යාපෘති නිරීක්‍ෂණය කරන ලද අතර, නාවික හමුදාවේ කාර්යය භාරය සම්බන්ධයෙන් නිලධාරීන් සහ නාවිකයන් දැනුවත් කිරීම සිදුකෙරිණි.
04 Aug 2023
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Khanjar’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2023 ජුලි මස 29 වන දින තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Khanjar’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා සාගර නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දින (2023 ජුලි 31) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම ත්‍රීකුණාමලය වරායේදී සිදු කෙරිණි.
31 Jul 2023
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE (DD-106)’ නෞකාව සාර්ථක ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව දිවයිනෙන් පිටත් වෙයි

ඉන්දු ශාන්තිකර කලාපයේ නාවික හමුදාවන් අතර සහයෝගීතාවය ශක්තිමත් කරගැනීමේ අරමුණෙන් 2023 ජුලි මස 20 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE (DD-106)’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දින (2023 ජුලි 29) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
29 Jul 2023