වැදගත් සිදුවීම්
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Khanjar’ නෞකාව නිල සංචාරයක් සඳහා ත්‍රිකුණාමලය වරායට සේන්දු වෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Khanjar’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 ජුලි 29) උදෑසන ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
29 Jul 2023
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලීය දක්‍ෂිණ මණ්ඩපයේ ශිෂ්‍යභට නිලධාරී භෝජනාගාර සහ නේවාසිකාගාර පහසුකම් සිසු අයිතියට පත්කෙරේ

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ දක්‍ෂිණ මණ්ඩපයේ අභිනවයෙන් ඉදිකරන ලද අංග සම්පූර්ණ ශිෂ්‍යභට නිලධාරී භෝජනාගාරය සහ නේවාසිකාගාර පහසුකම් සිසු අයිතියට පත් කිරීම අද දින (2023 ජුලි 28) ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.
28 Jul 2023
එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා සහභාගීවන පොලිස් විශේෂ කාර්ය බලකාය වෙනුවෙන් නාවික හමුදාව විසින් නිපදවූ ජංගම ප්‍රති ආශ්‍රැති ජල පෙරණ යන්ත්‍රය නිල වශයෙන් භාරදෙයි

දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා සහභාගීවීමට නියමිත පොලිස් විශේෂ කාර්ය බලකාය වෙනුවෙන්, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිපදවූ ජංගම ප්‍රති ආශ්‍රැති ජල පෙරණ යන්ත්‍රය, එම බලකාය වෙත නිල වශයෙන් භාර දීම, 2023 ජුලි මස 25 වන දින කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේදී සිදුකෙරිණි.
28 Jul 2023
නාවික හමුදාව මඟින් පාසැල් ළමුන් වෙනුවෙන් දන්ත වෛද්‍ය සායනයක් සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාරයක් ලෙස පාසැල් ළමුන් වෙනුවෙන් බියගම, දරණාගම ප්‍රාථමික විද්‍යාලයේදී දන්ත වෛද්‍ය සායනයක් සහ දැනුවත් කිරීමේ වැඩසටහනක්, අධ්‍යක්‍ෂ නාවික දන්ත වෛද්‍ය සේවා, වෛද්‍ය කොමදෝරු නන්දනී විජේදෝරු ගේ අධීක්ෂණයෙන් අද දින (2023 ජුලි 27) එම විදුහල් පරිශ්‍රයේදී පැවති අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.
27 Jul 2023
ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාවේ 06 වන සංවත්සරයට සමගාමීව වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවයි

ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාවේ 06 වන සංවත්සරයට සමගාමීව, හම්බන්තොට වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද දින උදෑසන (2023 ජුලි 25) එම නෞකාවේ අණදෙන නිලධාරි කපිතාන් ප්‍රසන්න හෙට්ටිආරච්චි ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු කෙරිණි.
25 Jul 2023
මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලය මඟින් කාන්තා නිලධාරීන් වෙනුවෙන් වූ විශේෂ වෙරළබඩ මුර යාත්‍රා හැසිරවීමේ පාඨමාලාවක් ආරම්භ කරයි

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහන (UNODC–GMCP) යටතේ පවත්වනු ලබන සමුද්‍රීය ක්ෂේත්‍රයේ නීතිය බලාත්මක කිරීමේ ආයතනයන්ට අනුයුක්ත කාන්තා නිලධාරීන් වෙනුවෙන් වූ විශේෂ වෙරළබඩ මුර යාත්‍රා හැසිරවීම පිළිබඳ පාඨමාලාවක් ත්‍රීකුණාමලය, නාවික හා සාගරික විද්‍යා පීඨයේදී 2023 ජුලි මස 24 වන දින ආරම්භ කෙරිණි.
25 Jul 2023
‘BestWeb.lk 2023’ තරඟාවලියෙන් ශ්‍රී ලංකා නාවික හමුදා නිල වෙබ් අඩවිය විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකර ගනියි

ශ්‍රී ලංකාවේ පවත්නා එකම වෙබ් අඩවි ඇගයීමේ තරඟාවලිය වන ‘LK Domain Registry’ආයතනය මගින් පවත්වන ලද ‘BestWeb.lk 2023’ තරඟාවලියේදී, රාජ්‍ය අංශයේ හොඳම වෙබ් අඩවි කාණ්ඩය යටතේ රන් සම්මානය සහ වෙබ් අඩවි 750 කට අධික ප්‍රමාණයක් සහභාගී වූ සමස්ථ තරගාවලියේ ලෝකඩ සම්මානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ www.navy.lk නිල වෙබ් අඩවිය සමත් විය.
24 Jul 2023
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් නිශාන්ත අමරෝසා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35 ක සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් නිශාන්ත අමරෝසා අද දින (2023 ජුලි 23) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.
23 Jul 2023
ජාත්‍යන්තර කඩොලාන සංරක්ෂණ දිනයට සමගාමීව නාවික හමුදාව මඟින් කඩොලාන රෝපණය කිරීමේ වැඩසටහනක්

ජුලි මස 26 වන දිනට යෙදෙන ජාත්‍යන්තර කඩොලාන සංරක්ෂණ දිනයට සමගාමීව නාවික හමුදාව විසින් පරිසර අමාත්‍යංශය හා එක්ව, කල්පිටිය කප්පලාඩි ප්‍රදේශයේ සහ මල්වතුඔය මෝය ආශ්‍රිත ප්‍රදේශයේ කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් 2023 ජුලි මස 14 සහ 21 වන දින පැවැත්වීමට කටයුතු කෙරිණි.
23 Jul 2023
පාසල් ළමුන් වෙනුවෙන් නාවික හමුදාව මඟින් නායකත්ව පුහුණු සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරයි

සමෘධිමත් ජාතියක් ගොඩනැඟීම සඳහා රටේ ඉදිරි අනාගතය භාර ගැනීමට සිටින දැයේ දූ දරුවන්ගේ නායකත්ව කුසලතාවන් වර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පවත්වනු ලබන නායකත්ව පුහුණු සහ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ පළමු පියවර ලෙස, පාසල් අධ්‍යාපනය අවසන් කර ඉදිරියේදී පාසල් හැරයාමට නියමිත කොළඹ ප්‍රදේශයේ තෝරා ගත් පාසල් දහසයක (16) පාසල් ළමුන් එකසිය පනස් අට දෙනෙකු (158) වෙනුවෙන් සංවිධානය කල නායකත්ව පුහුණු සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින (2023 ජුලි 21) නාවික හමුදා මූලස්ථානයේදී සහ කොළඹ වරාය හා වැලිසර නාවික පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
21 Jul 2023