වැදගත් සිදුවීම්
මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලය මඟින් පැවැත්වූ යාත්‍රාවන් වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධ කලාපීය පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් වේ

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලය මඟින් ත්‍රීකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සහ සෝබර් දූපතේදී පවත්වන ලද යාත්‍රාවන් වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධ කලාපීය පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් වූ අතර, එහි සහතික ප්‍රදානය 2023 ජුනි මස 09 වන දින විශේෂ යාත්‍රා බලඝණයේ විධායක නිලධාරී කොමාණ්ඩර් පීසීපීඒ ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය, මාලිමා සෝබර් දූපත් අවන්හලේදී සිදුකෙරිණි.
11 Jun 2023
ලෝක සාගර දිනයට සමගාමීව නාවික හමුදාව මඟින් කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නන්වයි

ජුනි මස 08 වන දිනට යෙදුණු ‘වෙනස්වන පෘථිවි සාගරය’ යන තේමාව රැගත් ලෝක සාගර දිනයට සමගාමීව කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් 2023 ජුනි මස 08 වන දින ගිණිකොන නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු රුවන් රූපසේන ගේ ප්‍රධානත්වයෙන් පානම කලපු ප්‍රදේශයේදී පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
10 Jun 2023
දියත් විධානයේ සංවිධායකත්වයෙන් නෞකා අණදෙන නිලධාරීන්ගේ ප්‍රායෝගික අත්දැකීම් හුවමාරු කර ගැනීමේ සංසදයක්

නාවික හමුදා දියත් විධානයේ සංකල්පයක් මත හා සංවිධායකත්වයෙන් ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බලඇණියේ විවිධ නෞකාවන්ට අණදුන් හිටපු අණදෙන නිලධාරීන්ගේ අත්දැකීම් වත්මන් අණදෙන නිලධාරීන් සහ ඉදිරියේදී අණභාර ගැනීමට නියමිත නිලධාරීන් අතර හුවමාරු කර ගැනීමේ සංසදයක් (Experience Sharing Forum - 23) 2023 ජුනි මස 08 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු කෙරිණි.
09 Jun 2023
ගැඹුරු මුහුදේ ආපදාවට පත් චීන ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන් සෙවීමේ කිමිදුම් මෙහෙයුම සඳහා සහභාගී වූ නාවික පුද්ගලයන් වෙත චීන රජයේ උපහාරය පිරිනමයි

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ඕස්ට්‍රේලියානු සෙවීම් සහ මුදවා ගැනීම් කලාපයට අයත් ගැඹුරු මුහුදේදී 2023 මැයි මස 16 වන දින පෙරලීයාමෙන් ආපදාවට පත් ‘LU PENG YUAN YU 028’ නමැති චීන ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් සෙවීමේ කිමිදුම් මෙහෙයුම සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම් වෙත චීන රජයේ උපහාරය පිරිනමා කිමිදුම් කණ්ඩායම ඇගයීමේ උත්සවයක්, ශ්‍රී ලංකාවේ චීන තනාපති ගරු කී ෂෙන්හොං මහතා ගේ (Qi Zhenhong) සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා ගේ ප්‍රධානත්වයෙන් 2023 ජුනි මස 06 වන දින කොළඹදී පැවැත්විණි.
07 Jun 2023
රියර් අද්මිරාල් හිරාන් බාලසූරිය නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු ලෙස වැඩ භාර ගනියි

රියර් අද්මිරාල් හිරාන් බාලසූරිය ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු වශයෙන් 2023 ජුනි මස 06 වන දින නාවික හමුදා මූලස්ථානයේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී.
07 Jun 2023
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් රන්ජන් මැදගොඩ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට අධික සේවය නිමා කරමින් රියර් අද්මිරාල් රන්ජන් මැදගොඩ අද දින (2023 ජුනි 06) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.
06 Jun 2023
ඉන්දියාවේ නවදිල්ලි නුවර ඊශ්‍රායල තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියාවේ නවදිල්ලි නුවර ඊශ්‍රායල තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් Avihay Zafrany අද දින (2023 ජුනි 05) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
05 Jun 2023
‘PNS SHAHJAHAN’ නෞකාව සාර්ථක ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව දිවයිනෙන් පිටත් වෙයි

2023 ජුනි මස 02 වන දින දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS SHAHJAHAN’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, 2023 ජුනි මස 04 වන දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
05 Jun 2023
පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS SHAHJAHAN’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS SHAHJAHAN’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 ජුනි 02) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
02 Jun 2023
සමුගැනීමේ හා හඳුන්වාදීමේ නිල හමුවක් සඳහා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන Colonel Paul Clayton සහ නව ආරක්‍ෂක උපදේශක වශයෙන් පත්වීමට නියමිත Colonel Darren Woods, සමුගැනීමේ හා හඳුන්වාදීමේ නිල හමුවක් සඳහා අද දින (2023 ජුනි 01) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
02 Jun 2023