වැදගත් සිදුවීම්
මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනේ ප්‍රධානී සහ නාවික හමුදාධිපති අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනේ ප්‍රධානී Siri Bjune මහත්මිය (Head of Global Maritime Crime programme of United Nations Office on Drugs & Crime) ඇතුළු දූත පිරිසක් නිල හමුවක් සඳහා අද දින (2023 පෙබරවාරි 24) නාවික හමුදා මූලස්ථානයේදි, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය.
25 Feb 2023
නාවික හමුදා මෙහෙයුම් කටයුතු වෙනුවෙන් දේශීයව නිර්මාණය කල විශේෂ මෝටර් රථ 03 ක් නාවික හමුදාධිපති වෙත නිල වශයෙන් භාරදෙයි

ශ්‍රී ලංකා නාවික හමුදවේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් Ideal Motors සමාගම විසින් දේශීයව නිර්මාණය කර එකලස් කරන ලද විශේෂිත මාදිලයේ මෝටර් රථ 03 ක් (All Terrain Vehicles - ATV) එම සමාගමේ සභාපති නලීන් වෙල්ගම මහතා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත නිළ වශයෙන් භාරදීම 2023 පෙබරවාරි මස 22 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.
23 Feb 2023
නාවික පර්යේශණ ඒකකය විසින් ප්‍රකාශයට පත් කෙරෙන නාවික සඟරාවෙහි එකොළොස්වන කලාපය එළිදකී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ පර්යේශණ ඒකකය විසින් ප්‍රකාශයට පත් කෙරෙන නාවික සඟරාවෙහි (Sri Lanka Navy Journal) එකොළොස්වන කලාපය නාවික හමුදා පර්යේශණ ඒකකයේ ප්‍රධානි, කපිතාන් අරුණ විජයවර්ධන විසින් අද දින (2023 පෙබරවාරි 22) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත පිළිගන්වන ලදී.
23 Feb 2023
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - (REM - 331)’ යුද නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

2023 පෙබරවාරි මස 19 වන දින දෙදින නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - (REM - 331)’ යුද නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2023 පෙබරවාරි 21) උදෑසන දිවයිනෙන් පිටත්ව යන ලදී.
21 Feb 2023
‘KRI Raden Eddy Martadinata - 331’ නෞකාවේ අණදෙන නිලධාරී සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී අතර හමුවක්

නිල සංචාරයක් සඳහා දිවයිනට සේන්දු වූ ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - 331’ යුද නෞකාවේ අණදෙන නිලධාරී Captain Nopriadi, M. Tr. Hanla ඇතුළු දූත පිරිසක් අද දින (2023 පෙබරවාරි 20) නිල හමුවක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක නාවික හමුදා මූලස්ථානයේ දී හමුවිය.
21 Feb 2023
“අමාන් - 2023” බහුපාර්ශවික සාගරික අභ්‍යාසයට සහභාගී වූ සමුදුර නෞකාව දිවයිනට පැමිණෙයි

පාකිස්ථානු නාවික හමුදාව විසින් “සාමය සහ ආරක්‍ෂාව සඳහා එක්ව” (Together for Peace and security) යන තේමාව පෙරදැරිව අටවැනි වරටත් සංවිධානය කරනු ලැබූ අමාන් - 2023 (AMAN - 2023) බහුපාර්ශවික සාගරික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව අමාන් - 2023 බහුපාර්ශවික සාගරික අභ්‍යාසය සාර්ථකව නිමාකර අද දින (2023 පෙබරවාරි 20) කොළඹ වරායට සේන්දූ වූ අතර, නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදුර නෞකාව පිළිගැනීමට කටයුතු කෙරිණි.
21 Feb 2023
නාවික හමුදා කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ ස්ථාපනය කළ කඩොලාන පැළ තවානක් උතුරු මැද නාවික විධානයේදී විවෘත කෙරේ

නාවික හමුදා කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ උතුරු මැද නාවික විධානයේ ස්ථාපනය කරන ලද කඩොලාන පැළ තවාන අද දින (2023 පෙබරවාරි 20) උතුරු මැද නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරල් ප්‍රසාද් කාරියප්පෙරුම ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
20 Feb 2023
කළුගං මෝය ප්‍රදේශය ආවරණය වන පරිදි කඩොලාන පැළ රෝපණ වැඩසටහනක්

නාවික හමුදා කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ 2023 පෙබරවාරි මස 19 වන දින කළුතර කළුගං මෝය ආශ්‍රිත ප්‍රදේශය ආවරණය වන පරිදි කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් සිදු කෙරිණි.
20 Feb 2023
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - 331’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - 331’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 පෙබරවාරි 19) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
19 Feb 2023
2022 වසරේ හොඳම නෞකාව ලෙස ශ්‍රීලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව නම් කෙරේ

2022 වර්ෂයේ හොඳම ශ්‍රීලංකා නාවික හමුදා නෞකාව වශයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාවත් කුඩා නෞකාව වශයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා මිහිකත නෞකාවත් හොඳම වේග ප්‍රහාරක යාත්‍රාව වශයෙන් පී 414 යාත්‍රාවත් 2023 පෙබරවාරි මස 13 වන දින නම් කරන ලද අතර, ඒ අනුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සුරතින් ජයග්‍රහණය ලද නෞකා සහ යාත්‍රාවන්ට හිමි තරු සලකුණු සහිත ඵලකයන් ශ්‍රී ලංකා නාවික නෞකා සයුරල නෞකාවේ දී ලබා දීම සිදුකෙරිණි.
15 Feb 2023