වැදගත් සිදුවීම්
අභිමානවත් 75 වැනි නිදහස් දිනය වෙනුවෙන් නාවික හමුදාව ජාතිය වෙනුවෙන් වෙඩි මුර උත්තමාචාර 25 ක් පිරිනමයි.

“සියවසට පියවරක්” යන තේමාව පෙරදැරි කර ගනිමින් පැවති 75 වැනි අභිමානවත් නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙත පිදෙන සාම්ප්‍රදායික වෙඩිමුර උත්තමාචාරය, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේදී, අද දින (2023 පෙබරවාරි 04) මධ්‍යහ්න 1200 පැයට ගජබාහු නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් ඉන්දික ද සිල්වා ගේ මෙහෙයවීමෙන් සිදු කෙරිණි.
04 Feb 2023
75 වැනි නිදහස් දින සැමරුම් උළෙල සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී වේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් “සියවසට පියවරක්” යන තේමාව පෙරදැරි කර ගනිමින් කොළඹ ගාලු මුවදොරදී අද දින (2023 පෙබරවාරි 04) පෙරවරුවේ පැවති 75 වැනි නිදහස් සැමරුම් උළෙල සඳහා නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී විය.
04 Feb 2023
ඕස්ට්‍රේලියානු සාගරික දේශසීමා ආරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ නාවික හමුදාධිපති අතර හමුවක්

ඕස්ට්‍රේලියානු සාගරික දේශසීමා ආරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් ජස්ටින් ජෝන්ස් (Rear Admiral Justin Jones) ඇතුළු ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ දූත පිරිසක් අද දින (2023 පෙබරවාරි 03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
04 Feb 2023
ඉන්දීයාවේ රාජකීය සෞදි අරාබි තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියාවේ, රාජකීය සෞදි අරාබි තානාපති කාර්යාලයට අනුයුක්තව ශ්‍රී ලංකා ආරක්‍ෂක උපදේශක වශයෙන්ද කටයුතු කරනු ලබන Staff Brig. Gen. (Dr.) Mohmmad Essa H Alhrbi අද දින (2023 පෙබරවාරි 03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
04 Feb 2023
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - (REM - 331)’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - (REM - 331)’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 පෙබරවාරි 03) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
04 Feb 2023
තුර්කි ජනරජ තානාපති කාර්යාලයේ හමුදා උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියාවේ, තුර්කි ජනරජ තානාපති කාර්යාලයට අනුයුක්ත හමුදා උපදේශක Staff Colonel Servet OKUMUŞ අද දින (2023 පෙබරවාරි 03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
03 Feb 2023
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් 17 දෙනෙකු විශිෂ්ඨ සේවා විභූෂණයෙන් පිදුම් ලබයි

ත්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන් සඳහා 2019, 2020 සහ 2021 වර්ෂයන්ට අදාලව පිරිනමනු ලබන විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම පිරිනැමීම සහ ‘75 වන නිදහස් සමරු පදක්කම’ පිරිනැමීමේ නිල උත්සවය, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් 2023 පෙබරවාරි මස 01 වන දින මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්වුනු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.
02 Feb 2023
බ්‍රිතාන්‍ය නාවික හමුදාවට අයත් ‘HMS TAMAR’ නෞකාවේ අණදෙන නිලධාරී සහ බටහිර නාවික විධානයේ ආඥාපති අතර හමුවක්

බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් ‘HMS TAMAR’ නෞකාව 2023 ජනවාරි මස 27 වන දින අළුත්වැඩියා කටයුත්තක් සඳහා කොළඹ වරායට සේන්දු වූ අතර, එහි අණදෙන නිලධාරී කොමාණ්ඩර් ටීලො එළියට් - ස්මිත් (Commander Teilo Elliot – Smith) සහ බටහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අතර හමුවක් 2023 ජනවාරි මස 28 වන දින බටහිර නාවික විධාන මූලස්ථානයේදී සිදුකෙරිණි.
01 Feb 2023
පාකිස්ථානයේ පැවැත්වීමට නියමිත “අමාන් - 2023” බහුපාර්ශවික සාගරික අභ්‍යාසය සඳහා සහභාගීවීමට සමුදුර නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

පාකිස්ථානු නාවික හමුදාව විසින් “සාමය සහ ආරක්‍ෂාව සඳහා එක්ව” (Together for Peace and security) යන තේමාව පෙරදැරිව අටවැනි වරටත් සංවිධානය කරනු ලබන බහු පාර්ශවික අමාන් - 2023 (AMAN - 2023) සාගරික අභ්‍යාසයට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව අද දින (2023 ජනවාරි 31) කොළඹ වරායෙන් පාකිස්ථානයේ කරච්චි වරාය බලා පිටත් වූ අතර, නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදුර නෞකාව පිටත් කිරීම සිදුකෙරිණි.
01 Feb 2023
රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරියේ අධ්‍යක්‍ෂවරයා ලෙස රියර් අද්මිරාල් රවී රණසිංහ පත් කෙරේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරියේ (National Authority for Implementation of the Chemical Weapons Convention - NACWC) අධ්‍යක්‍ෂවරයා ලෙස නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු, රියර් අද්මිරාල් රවී රණසිංහ 2023 ජනවාරි මස 27 වන දින සිට පත් කිරීමට කටයුතු කෙරිණි.
31 Jan 2023