මෙහෙයුම් පුවත්
නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 07 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව කින්නියා, සින්නවේලි, සල්ලිමුනෙයි, නන්දිකඩාල් සහ වංකාලේ වෙරළ හා මුහුදු ප්‍රදේශයන්හි 2025 වර්ෂයේ පෙබරවාරි මස 19 සිට 24 දක්වා කාලය තුලදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් මසුන් ඇල්ලීම සිදුකළ සහ රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකළ පුද්ගලයින් හත් දෙනෙක් (07), ධීවර යාත්‍රා දෙකක් (02), නීති විරෝධී ධීවර දැල් හැට පහක (65) තොගයක්, ඩෙටනේටර් හතරක් (04), ජෙලග්නයිට් කූරු දෙකක් (02) සහ අඟල් තුනක් (03) දිග සේවා නූල් හතරක් (04) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
28 Feb 2025
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 05 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 පෙබරවාරි මස 22 රාත්‍රී කාලයේ සහ 23 අළුයම් කාලයේ මන්නාරමට උතුරෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයෙහි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා පහක් (05) සමඟ ඉන්දීය ධීවරයින් තිස් දෙදෙනෙකු (32) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
23 Feb 2025
නාවික හමුදාව මඟින් දෙසතියක කාලයක් තුළ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 07ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසීය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2025 පෙබරවාරි මස 03 වැනි දින සිට 19 වැනි දින දක්වා කාලය තුල සිලාවතුර, විල්පත්තුව, ත්‍රිකුණාමලය කොඩ්බේ සහ මෝදර කිඹුලා ඇල, කෝවිල පාර යන ප්‍රදේශ ආශ්‍රිතව සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින්, කේරළ ගංජා ගෑම් විස්සක් (20), මාවා මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් එක්දහස් පනහක් (1050) සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් විසි හයයි (26) මිලිග්‍රෑම් තුන්සිය හැත්තැ හයක (376) පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් හත් දෙනෙකු (07) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
21 Feb 2025
නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 17 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කොක්කඩි, නන්දිකඩාල්, මුලතිව්, ආනවාසල, සින්නපාඩු සහ කඩෙයිකාඩු වෙරළ හා මුහුදු ප්‍රදේශයන්හි 2025 වර්ෂයේ පෙබරවාරි මස 13 සිට 19 දක්වා කාලය තුලදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් මසුන් ඇල්ලීම, වලංගු ධීවර බලපත්‍ර නොමැතිව නීති වීරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ සහ රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කුඩැල්ලන් හා හක්බෙල්ලන් ඇල්ලූ පුද්ගලයින් දහ හත් දෙනෙක් (17), ධීවර යාත්‍රා දොලහක් (12), යතුරු පැදියක් (01) සහ නීති විරෝධී ධීවර දැල් එකසිය පනස් හයක (156) තොගයක්, මුහුදු කූඩැල්ලන් එකසීය අසූහතරක් (184) හා හක්බෙල්ලන් විසි දෙකක් (22) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
21 Feb 2025
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 03 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 පෙබරවාරි මස 19 වැනි දින රාත්‍රී කාලයේ මන්නාරමට උතුරෙන් හා ඩෙල්‍ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයන්හී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා තුනක් (03) සමඟ ඉන්දීය ධීවරයින් දස දෙනෙකු (10) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
20 Feb 2025
රුපියල් මිලියන 56 කට අධික දල වීථි වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ ග්‍රෑම් 140කට අධික තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව අද අළුයම (2025 පෙබරවාරි 17) යාපනය කල්මුනේ තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ කේරල ගංජා කිලෝ 140 ග්‍රෑම් 40ක පමණ තොගයක් (තෙත බර සහිතව) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
17 Feb 2025
යාපනය ඩෙල්ෆ්ට් සහ කුරිකඩ්ඩුවාන් අතර මුහුදේ ක්‍රියාවිරහිතව තිබූ යාත්‍රාවක් නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහය

යාපනය, ඩෙල්ෆ්ට් දූපතේ සංචාරය සඳහා ගොස් තිබූ විදේශීය සංචාරක යුවලක් රැගත් ට්‍රෝලර් යාත්‍රාවක් ඉන්ධන නොමැති වීම හේතුවෙන් ඩෙල්ෆ්ට් දූපත සහ කුරිකඩ්ඩුවාන් අතර මුහුදේ ක්‍රියාවිරහිතව පාවෙමින් තිබියදී, අවශ්‍ය සහය ලබාදීමෙන් අනතුරුව, නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට 2025 පෙබරවාරි මස 09 වැනි දින රාත්‍රීයේදී නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
10 Feb 2025
අයිස් මත්ද්‍රව්‍ය හා ව්‍යාජ දුම්වැටි සමඟ සැකකරුවන් 02ක් මැදවච්චියේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, දූෂණ විරෝධී ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2025 පෙබරවාරි මස 08 වැනි දින මැදවච්චිය ප්‍රදේශයේ සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින්, අලෙවි කිරීමට සූදානම් කර තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් තුනයි (03) මිලිග්‍රෑම් තුන්සිය හැත්තෑවක (370) පමණ ප්‍රමාණයක් සහ ව්‍යාජ දුම්වැටි හාරසියයක් (400) ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
09 Feb 2025
දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 02ක් මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 පෙබරවාරි මස 08 වැනි දින රාත්‍රී කාලයේ මන්නාරමට උතුරෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් දාහතර දෙනෙකු (14) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
09 Feb 2025
කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් නැගෙනහිර මුහුදේදී අසාධ්‍ය වූ ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින්, ත්‍රීකුණාමලයට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේදී හදිසි අනතුරකට පත්ව අසාධ්‍ය වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් විදෙස් නෞකාවක සහයෙන් කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් මහ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් අද (2025 පෙබරවාරි 06) කටයුතු කෙරිණි.
06 Feb 2025