නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් සමඟ සැකකරුවන් හයදෙනෙකු (06)සිලාවතුර මුහුදේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, සිලාවතුර, කායක්කුලි ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ 2024 දෙසැම්බර් මස 25 වැනි දින උදෑසන කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, වලංගු අවසර පත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස මුහුදු කුඩැල්ලන් අල්ලමින් සිටි සැකකරුවන් හයදෙනෙකු (06) සහ මුහුදු කූඩැල්ලන් ගණනින් එක්දහස් දෙසිය පහක (1205) තොගයක් සමඟ ඩිංගී යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, 2024 දෙසැම්බර් මස 25 වැනි දින උදෑසන කාලයේ වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනය මඟින් සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සිලාවතුර, කායක්කුලි ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ වලංගු ධීවර අවසර පත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි සැකකරුවන් හයදෙනෙක් (06), මුහුදු කුඩැල්ලන් ගණනින් එක්දහස් දෙසිය පහක (1205) තොගයක් සමඟ ඩිංගී යාත්‍රා දෙකක් (02) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 24ත් 52ත් අතර පසුවන කල්පිටිය, මන්ඩලකුඩා, කල්පන්තිනේගම, ආනවාසල, සින්නකුඩිඉරිප්පු, හයිජරවත්ත, යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන් හයදෙනා (06), මුහුදු කූඩැල්ලන් ගණනින් එක්දහස් දෙසිය පහක (1205) තොගය සහ ඩිංගී යාත්‍රා දෙක (02) ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.