නීති විරෝධී ලෙස රට තුළට රැගෙන ඒමට උත්සහ කළ එනසාල් කිලෝග්‍රෑම් 342ක තොගයක් සහ වියළි කහ කිලෝ ග්‍රෑම් 1231ක තොගයක් සමඟ සැකකරුවන් 02 ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට
නාවික හමුදාව 2025 ජනවාරි මස 24 වැනි දින කල්පිටිය කීරමුන්දලම වෙරළ ප්‍රදේශයේ සහ තෝරයඩි මුහුදු ප්‍රදේශයේදී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රට තුළට රැගෙන ඒමට උත්සහ කළ එනසාල් කිලෝග්‍රෑම් 342ක පමණ තොගයක් සහ වියළි කහ කිලෝග්‍රෑම් 1231ක පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි.
ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් කල්පිටිය කීරමුන්දලම වෙරළ ප්‍රදේශයේ 2025 ජනවාරි මස 24 වැනි දින විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කෙරිණි. එහිදී කීරමුන්දලම වෙරළ ප්‍රදේශයේ සඟවා තිබූ උර අටක (08) අසුරන ලද නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ආ එනසාල් කිලෝග්‍රෑම් 240ක තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. පසුව කල්පිටිය තෝරයඩි මුහුදු ප්‍රදේශයේදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කිරීමේදී, එම ඩිංගි යාත්‍රාවේ තිබී නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රට තුළට රැගෙන ඒමට උත්සහ කළ උර හතළික (40) අසුරන ලද වියළි කහ කිලෝග්‍රෑම් 1231ක පමණ තොගයක් හා පාර්සල් තුනක (03) ක අසුරන ලද එනසාල් කිලෝග්‍රෑම් එකසිය දෙකක (102) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම ඩිංගි යාත්‍රාව (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 23ත් 48ත් අතර වයසේ පසුවන කල්පිටිය ආනවාසල ප්‍රදේශයෙහි පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් දෙදෙනා (02), එනසාල් කිලෝග්‍රෑම් 342ක තොගය, වියළි කහ කිලෝග්‍රෑම් 1231 ක තොගය සහ ඩිංගි යාත්‍රාව (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.