කේරළ ගංජා සමඟ සැකකාරියක් පුත්තලමේදී නීතියේ රැහැනට
ශ්රී ලංකා නාවික හමුදාව; පුත්තලම කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශය හා එක්ව අද (2025 ජනවාරි 25) අළුයම් කාලයේ පුත්තලම සින්නපාඩු කොට්ටන්තිව් ප්රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ දෙකයි (02) ග්රෑම් දෙසිය හතලිස් පහක (245) පමණ තොගයක් සමඟ සැකකාරියක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනය; පුත්තලම කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශය හා එක්ව අද (2025 ජනවාරි 25) මන්නාරම පුත්තලම සින්නපාඩු කොට්ටන්තිව් ප්රදේශයේ සිදුකල මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු නිවසක් පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී එම නිවසේ සඟවා තිබූ කේරළ ගංජා කිලෝ දෙකයි (02) ග්රෑම් දෙසිය හතලිස් පහක (245) පමණ තොගයක් සමඟ සැකකාරියක් (01) මෙලෙස නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා කිලෝ දෙකයි (02) ග්රෑම් දෙසිය හතලිස් පහක (245) ප්රමාණයේ දළ වීථි වටිනාකම රුපියල් ලක්ෂ අටකට (08) අධික වෙතැයි විශ්වාස කෙරේ.
තවද, නාවික හමුදා භාරයට ගත් සැකකාරිය වයස අවුරුදු 27ක් වන සින්නපාඩු කොට්ටන්තිව් ප්රදේශයේ පදිංචිකාරියක බවට හඳුනාගත් අතර, එම සැකකාරිය සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මදුරංකුලිය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.