නීති විරෝධී ධීවර කටයුතු සිදුකල සැකකරුවන් 03 ක් කොළඹදී නාවික හමුදා භාරයට
ශ්රී ලංකා නාවික හමුදාව, කොළඹ වරායට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ 2025 ජනවාරි මස 25 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස ස්පියර් ගන් (Spear Gun) භාවිතා කර ධීවර කටයුතු සිදුකළ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, 2025 ජනවාරි මස 25 වැනි දින බටහිර නාවික විධානයට අයත් ශ්රී ලංකා නාවික නෞකා රංගල ආයතනය මඟින්, කොළඹ වරායට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුම මඟින්, සැකකටයුතු ඩිංගි යාත්රාවක් (01) නිරීක්ෂණය කර පරික්ෂාවට ලක් කෙරිණි. එහිදී, නීති විරෝධී ලෙස ස්පියර් ගන් (Spear Gun) භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ සැකකරුවන් තිදෙනෙකු (03) සහ එම ඩිංගි යාත්රාව (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 47ත් 62ත් අතර වයසේ පසුවන දෙහිවල ප්රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන් තිදෙනා (03), ඩිංගි යාත්රාව (01) සහ ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා දික්ඕවිට ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.