අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් කල්පිටියේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2025 ජනවාරි මස 26 වැනි දින කල්පිටිය, පල්ලිවාසල්තුරෙයි ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීමට සූදානම් කර තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් තුනයි (03) මිලිග්‍රෑම් අසූවක (80) පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය, කල්පිටිය පොලීසිය හා එක්ව 2025 ජනවාරි මස 26 වැනි දින කල්පිටිය, පල්ලිවාසල්තුරෙයි ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු නිවසක් පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) ග්‍රෑම් තුනයි (03) මිලිග්‍රෑම් අසූවක (80) පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 34ක් වන කල්පිටිය පල්ලිවාසල්තුරෙයි ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගත් අතර, එම සැකකරු (01) සහ අයිස් මත්ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.