හක් බෙල්ලන් 132 ක් සමඟ සැකකරුවෙක් යාපනයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය පොන්නාලෙයි ප්‍රදේශයේදී 2025 ජනවාරි මස 26 වැනි දින සිදුකල සෝදිසි මෙහෙයුමකදී, වලංගු බලපත්‍රයක් නොමැතිව ප්‍රවාහනය කරමින් තිබූ හක් බෙල්ලන් ගණනින් එකසිය තිස් දෙකක (132) තොගයක් සමඟ සැකකරුවෙකු (01) සහ යතුරු පැදියක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, 2025 ජනවාරි මස 26 වැනි දින උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය මඟින් යාපනය පොන්නාලෙයි ප්‍රදේශයේදී සිදුකළ මෙම සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ ගමන් කරමින් තිබූ සැකකටයුතු යතුරු පැදියක් (01) නිරීක්‍ෂණය කර පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, එම යතුරු පැදිය මඟින් වලංගු බලපත්‍රයක් නොමැතිව ප්‍රවාහනය කරමින් තිබූ හක් බෙල්ලන් ගණනින් එකසිය තිස් දෙකක (132) තොගයක් සහ එම යතුරු පැදිය (01) සහ සැකකරු (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරු වයස අවුරුදු 56ක් වන යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරු, හක් බෙල්ලන් තොගය සහ යතුරු පැදිය ඉදිරි නීතීමය කටයුතු සඳහා කරෙයිනගර් ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.