යාපනය ඩෙල්ෆ්ට් සහ කුරිකඩ්ඩුවාන් අතර මුහුදේ ක්‍රියාවිරහිතව තිබූ යාත්‍රාවක් නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහය
යාපනය, ඩෙල්ෆ්ට් දූපතේ සංචාරය සඳහා ගොස් තිබූ විදේශීය සංචාරක යුවලක් රැගත් ට්‍රෝලර් යාත්‍රාවක් ඉන්ධන නොමැති වීම හේතුවෙන් ඩෙල්ෆ්ට් දූපත සහ කුරිකඩ්ඩුවාන් අතර මුහුදේ ක්‍රියාවිරහිතව පාවෙමින් තිබියදී, අවශ්‍ය සහය ලබාදීමෙන් අනතුරුව, නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට 2025 පෙබරවාරි මස 09 වැනි දින රාත්‍රීයේදී නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
ඩෙල්ෆ්ට් දූපත නැරඹීමට පැමිණි සංචාරක යුවලක් රැගත් ට්‍රෝලර් යාත්‍රාවක්, 2025 පෙබරවාරි 09 දින සන්ධ්‍යාවේ, ඩෙල්ෆ්ට් සිට කුරිකඩ්ඩුවාන් ජැටිය වෙත යාත්‍රා කරමින් සිටියදී, යම් ආපදාවක් හේතුවෙන් අක්‍රීය වී මුහුදේ පාවෙමින් තිබෙන බවට, ඩෙල්ෆ්ට් දූපතේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනය මඟින් නිරීක්ෂණය කෙරිණි.
ඒ අනුව, වසභ ආයතනයට අයත් පී 239 වෙරළබඩ මුර යාත්‍රාව යොදවා ඒ සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර පරීක්ෂාවේදී, ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ක්‍රියාවිරහිත වී එම ට්‍රෝලර් යාත්‍රාව එලෙස පාවෙමින් තිබෙන බව නිරීක්ෂණය විය. අනතුරුව, යාත්‍රාව ක්‍රියාකාරී තත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය සහය ලබාදී, සංචාරක යුවල සමඟ එම ට්‍රෝලර් යාත්‍රාව මෙලෙස නිරුපද්‍රිතව කුරිකඩ්ඩුවාන් ජැටිය වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
තවද, මෙරට සාගර කලාපයේ ආපදාවට පත්වන ධීවර හා නාවික ප්‍රජාවගේ ජීවනෝපාය සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් අවශ්‍ය සහය ලබාදීම සඳහා නාවික හමුදාව නිරතුරුව සූදානමින් සිටියි.