රුපියල් මිලියන 56 කට අධික දල වීථි වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ ග්‍රෑම් 140කට අධික තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව අද අළුයම (2025 පෙබරවාරි 17) යාපනය කල්මුනේ තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ කේරල ගංජා කිලෝ 140 ග්‍රෑම් 40ක පමණ තොගයක් (තෙත බර සහිතව) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි.
ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනය මඟින් යාපනය කල්මුනේ තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ සැකකටයුතු උර හතරක් (04) නිරික්‍ෂණය කර පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදී එම උර තුල අසුරා තිබූ කේරල ගංජා කිලෝ 140 ග්‍රෑම් 40ක පමණ තොගයක් (තෙත බර සහිතව) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම් කරුවන් විසින් මෙම කේරල ගංජා තොගය මුහුදේ අතහැර දමන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර, එම කේරල ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන පනස් හයකට (56) අධික වෙතැයි විශ්වාස කෙරේ.
තවද, මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් කේරල ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය පොලිස් අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට කටයුතු කෙරිණි.