මෙහෙයුම් පුවත්
ගාල්ල, වක්වැල්ල පාලම තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදා දායකත්වය

ගිංතොට ප්‍රදේශයෙන් මුහුදට ගලා බසින ගිං ගඟෙහි වක්වැල්ල ප්‍රදේශයේ ඇති පටු පාලම තුල අධික වර්ෂාවත් සමඟ ගසාගෙන එනු ලබන අපද්‍රව්‍ය සිරවී සිදුවන අවහිරතා ඉවත් කිරීම සඳහා නාවික හමුදාව නිරන්තර දායකත්වය සපයන අතර, එලෙස සිදුකල තවත් අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක් පසුගිය ඔක්තෝබර් 05 වන දින නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරන ලදි.
08 Oct 2020
නීති විරෝධී මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 07 දෙනෙකු නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

නාවික හමුදාව හා පොලීසිය එක්ව 2020 සැප්තැම්බර් 30 සිට ඔක්තෝබර් 06 දක්වා කාලය තුළ වයඹ, දකුණ සහ නැගෙනහිර යන නාවික විධානයන් තුල සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 07ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
07 Oct 2020
වියලි කහ ටොන් දෙකකට අධික තොගයක් සමඟ සැකකරුවන් 06 දෙනෙක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

නාවික හමුදාව 2020 ඔක්තෝබර් 06 සහ 07 දින උඩප්පුව පූනපිටිය ප්‍රදේශයේ සහ කල්පිටිය සින්නපාඩු ප්‍රදේශයේ සිදුකල විශේෂ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන එන ලද වියලි කහ කිලෝග්‍රෑම් 1700 කට අධික තොගයක් සහ සැකකරුවන් තිදෙනෙක් (03) ද, පොලීසිය හා එක්ව මන්නාරම වන්කාලෙයිපාඩු ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී වියලි කහ කිලෝග්‍රෑම් 344 කට අධික ප්‍රමාණයක්, සැකකරුවන් තිදෙනෙක් (03) සහ ලොරි රථයක් ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
07 Oct 2020
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝ 902 කට අධික තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2020 ඔක්තෝබර් 02 වන දින මන්නාරම තාල්පාඩු වෙරළ තීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එමින් තිබූ කහ කිලෝග්‍රෑම් 902 කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
03 Oct 2020
නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 43ක් නාවික හමුදා භාරයට

නැගෙනහිර, උතුරු සහ උතුරු මැද නාවික විධානයන් විසින් පසුගිය සතිය තුළ සිදුකල විශේෂ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 43 ක්, ධීවර යාත්‍රා සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගන්නා ලදි.
30 Sep 2020
නීති විරෝධී මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 09 දෙනෙකු නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව පසුගිය දින කිහිපය තුල දකුණ, උතුරුමැද, බටහිර සහ වයඹ යන නාවික විධානයන්හි සිදුකල සෝදිසි මෙහෙයුම් මගින් හෙරොයින්, කේරළ ගංජා සහ දේශිය ගංජා සමඟ සැකකරුවන් 08 දෙනෙක් සහ සැකකාරියක් (01) නීතියේ රැහැනට හසු කර ගැනීමට සමත් විය.
29 Sep 2020
නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන එන ලදැයි සැක කෙරෙන වියලි කහ කිලෝග්‍රෑම් 952 ක තොගයක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2020 සැප්තැම්බර් 28 වන දින මන්නාරම ඉරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එන ලදැයි සැක කෙරෙන වියලි කහ කිලෝග්‍රෑම් 952 ක පමණ තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
29 Sep 2020
නීති විරෝධී ගිණි අවියක් සහ උණ්ඩ සමඟ සැකකරුවකු නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 සැප්තැම්බර් 23 වන දින මන්නාරම ප්‍රධාන මාර්ගයේ පුත්තලම 04 කණුව ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ගිණි අවියක්, ඊට යොදා ගන්නා උණ්ඩ සහ තවත් නීති විරෝධී භාණ්ඩ කිහිපයක් සමඟ සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට සමත් විය.
25 Sep 2020
නීති විරෝධී මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 10 දෙනෙකු නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

නාවික හමුදාව හා පොලීසිය එක්ව පසුගිය දින කිහිපය තුල බටහිර, නැගෙනහිර සහ වයඹ යන නාවික විධානයන් තුල සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් හෙරොයින්, කේරළ ගංජා සහ මත්පෙති සමඟ සැකකාරියක් සහ සැකකරුවන් 09ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
25 Sep 2020
නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුනු ධීවරයින් සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් නැගෙනහිර, උතුරු මැද, උතුරු සහ වයඹ නාවික විධානයන්ට අයත් මුහුදු තීරයන්හි පසුගිය සතිය තුල සිදුකළ සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ නියුතුව සිටි පුද්ගලයින් සහ ධීවර ආම්පන්න රැසක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
24 Sep 2020