මෙහෙයුම් පුවත්

මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කල කේරළ ගංජා කිලෝග්‍රෑම් 142කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 සැප්තැම්බර් 09 සහ 10 යන දිනයන්හි උතුරු සහ උතුරු මැද නාවික විධානයන්හි සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 142කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට හැකි විය.

10 Sep 2020

නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 12ක් සමඟ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට

ගෙවී ගිය සතිය තුල නාවික හමුදාව විසින් උතුරු, නැගෙනහිර සහ වයඹ නාවික විධානයන්හි සිදු කල සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ නියැලුනු පුද්ගලයින් 12 ක් සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

10 Sep 2020

ගින්න පාලනය කළ “New Diamond” නෞකාවේ තත්වය පරීක්‍ෂා කිරීමට විදේශීය හා ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂඥ කණ්ඩායම් නෞකාවට ඇතුළු වේ

පසුගිය සැප්තැම්බර් 07 වන දින අයහපත් කාලගුණය හේතුවෙන් නැවත වර්ධනය වූ MT New Diamond නෞකාවේ ගිනි ගැනීම ශ්‍රී ලංකා නාවික හමුදාව ඇතුළු අනෙකුත් ආපදා කළමණාකරන කණ්ඩායම්හි සාර්ථක අඛණ්ඩ මෙහෙයුම් හමුවේ මේ වන විට මුලුමනින්ම පාලනය වී ඇත.

10 Sep 2020

පුපුරණ ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව පොලිසිය හා එක්ව 2020 සැප්තැම්බර් 09 වන දින ත්‍රිකුණාමලය සල්ලිමුනායි ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් දෙදෙනෙක් (02) සමඟ වෝටර්ජෙල් නැමැති පුපුරණ ද්‍රව්‍ය සහ සේෆ්ටි ෆියුස් කිහිපයක් සොයා ගැනීමට සමත්විය.

10 Sep 2020

MT New Diamond නෞකාවේ වර්ථමාන තත්වය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාව

MT New Diamond බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ඇතිවූ ගින්න සාර්ථක‍ ලෙස සම්පූර්ණයෙන් පාලනය කිරීමට ආපදා කළමණාකරණ කණ්ඩායම් අද දින (2020 සැප්තැම්බර් 09) සමත් විය. ඒ අනුව නෞකාව අයත් සමාගම විසින් මෙම ආපදාව මර්ධනය කිරීම සඳහා නම් කරන ලද ආයතනයේ විශේෂඥයින් තිදෙනෙකු (03) නෞකාව වෙත ආපදා තත්වයෙන් පසු ප්‍රථම වරට ගොඩවූ අතර, ඔවුන් විසින් මූලික පරීක්‍ෂණ කටයුතු සිදු කර නෞකාවෙන් පිටව යන ලදි. ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥ කණ්ඩායමක්ද ‍ආපදාවට පත් නෞකාවට ඇතුළු වී ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තක්සේරුවක් ලබා ගැනීමට නියමිතව ඇති අතර, ඒ අනුව නෞකාවේ වර්ථමාන අලාභහානිය සහ ආරක්‍ෂිත තත්වය පිළිබඳව ඉදිරියේදී ඔවුන් විසින් දැනුම් දීමට නියමිතව ඇත.

09 Sep 2020

මාධ්‍ය නිවේදනය


අයහපත් කාලගුණයෙන් “New Diamond” නෞකාවේ වර්ධනය වූ ගින්න ඒකාබද්ධ ආපදා කළමණාකරන කණ්ඩායම් මෙහෙයුම් මගින් සාර්ථකව පාලනය කෙරේ

අයහපත් කාලගුණය මත 2020 සැප්තැම්බර් මස 07 වන දින නැවතත් වර්ධනය වූ MT New Diamond බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න සාර්ථක‍ ලෙස පාලනය කිරීමට අද (2020 සැප්තැම්බර් 09) අළුයම් කාලය වන විට ආපදා කළමණාකරන කණ්ඩායම් සමත් විය. එමෙන්ම මේ වන විට නෞකාවෙන් ගිනිදැල් නිකුත්වීමක් හෝ දුම් පිටවීමක් නිරීක්‍ෂණය නොවන අතර, ටග් යාත්‍රාවක් යොදා ගනිමින් ආපදාවට පත් නෞකාව නැවතත් ගැඹුරු මුහුද වෙත ඇදගෙන යාම සිදු කරමින් පවතී. ඒ අනුව ආපදාවට පත් නෞකාව මේ වන විට සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 37ක් වූ ගැඹුරු මුහුදට රැගෙන ගොස් ඇති අතර, එම මුහුදු ප්‍රදේශයේ පවතින ඉතාමත් රළු ස්වාභාවය සහ දැඩි සුළං ප්‍රවාහයද හමුවේ මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

09 Sep 2020

මාධ්‍ය නිවේදනය


අයහපත් කාලගුණයෙන් “New Diamond” නෞකාවේ නැවත වර්ධනය වූ ගින්න පාලනය කිරීම සඳහා ඒකාබද්ධ ආපදා කළමණාකරන කණ්ඩායම් අඛණ්ඩ මෙහෙයුමක

අයහපත් කාලගුණය මත නැවතත් වර්ධනය වූ MT New Diamond බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න මේ වන විට සාර්ථක මට්ටමකට පාලනය කිරීමට ආපදා කළමණාකරන කණ්ඩායම් සමත් වී ඇති අතර, දහන අපෝෂක රසායනික ද්‍රව්‍ය සහ ජලය යොදා ගනිමින් තවදුරටත් අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

08 Sep 2020

නාවික හමුදා මෙහෙයුම් මගින් කේරළ ගංජා කිලෝ 12 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 06ක් නීතියේ රැහැනට

නාවික හමුදාව පුත්තලම කුරින්නම්වෙට්ටේ ප්‍රදේශයේ, ත්‍රිකුණාමලය බස්නැවතුම්පල අසල ප්‍රදේශයේ සහ සීදුව ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් කේරළ ගංජා ප්‍රභේදයට අයත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12කට අධික තොගයක් සමඟ පුද්ගලයින් 06 දෙනෙකු අත් අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

08 Sep 2020

නාවික හමුදා විශේෂ මෙහෙයුම් මගින් පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් පසුගිය දිනයන්හි සිදු කල විශේෂ මෙහෙයුම් මගින් මුලතිවු උදයාර්කට්ටු ප්‍රදේශයේ සහ මහවැලි ග‍ඟෙහි කටුගස්තොට කහල්ල ප්‍රදේශයේ වැලි කැණීම් සිදු කරනු ලබන ස්ථානයක තිබී පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සොයා ගැනීමට සමත්විය.

08 Sep 2020

මාධ්‍ය නිවේදනය


2020 සැප්තැම්බර් 07 වන දින 1800 පැයට “New Diamond බොරතෙල් නෞකාවේ ඇති වී තිබූ ගින්න සම්පූර්ණයෙන් පාලනය කෙරේ” යන ශීර්ෂය යටතේ නිකුත් කල මාධ්‍ය නිවේදනය හා සබැ‍ඳේ

අයහපත් කාලගුණය මත නැවතත් වර්ධනය වූ MT New Diamond බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, ඉන්දීය නාවික හමුදාව ඇතුළු අනෙකුත් පාර්ශවකරුවන්ට අයත් නෞකා, ගුවන් යානා සහ ටග් යාත්‍රා තවදුරටත් ආපදා කළමණාකරන මෙහෙයුමේ අඛණ්ඩව නිරතව සිටී. ඒ අනුව එම ගින්නේ තත්වය යම් මට්ටමකට පාලනය කිරීමට මේ වන විට හැකි වී ඇත.

08 Sep 2020