මෙහෙයුම් පුවත්

නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 52 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව; ත්‍රීකුණාමලය ගෝපාල්පුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ, ෆවුල් පොයින්ට් මුහුදු ප්‍රදේශයේ, පුල්මුඩේ යාන් ඔය මෝය අසල, ලංකාපටුන ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ මුලිතිව් අලම්පිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 ජුනි මස 04 වන දින සිට අද දින (2024 ජුනි 06) දක්වා සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් පනස් දෙදෙනෙකු (52) සමඟ ඩිංගි යාත්‍රා දහයක් (10) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

06 Jun 2024

රුපියල් මිලියන 28 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 02 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය නගර්කෝවිල් ආම්පන් මුහුදු ප්‍රදේශයේ අද දින (2024 ජුනි 05) දිවා කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් හැත්තෑවකට (70) අධික තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

05 Jun 2024

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන කෘෂි රසායන ද්‍රව්‍ය තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් ආවේක්ෂණ සහයෝගයද සහිතව කල්පිටිය ඒත්තාලේ එරඹුගොඩැල්ල වෙරළ ප්‍රදේශයේ 2024 ජුනි මස 04 වන දින රාත්‍රී කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන කෘෂි රසායන ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

05 Jun 2024

නාවික හමුදාව මඟින් ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරයි

අයහපත් කාළගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා බස්නාහිර, දකුණ සහ සබරගමු පළාත් වෙත අනුයුක්ත කෙරුණු නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් විසින් අද දින (2024 ජුනි 05) උදෑසන වන විට කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන් තුළ ගංවතුරෙන් පීඩාවට පත් පුද්ගලයින් තුන්සිය දහසය දෙනෙකු (316) ආරක්ෂිතව මුදාගැනීම සහ පුද්ගලයන් දෙදහස් හත්සියයකට (2700) අධික පිරිසකට එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් යාත්‍රා මඟින් ප්‍රවාහන පහසුකම් සැලසීම සිදු කෙරුණු අතර, ආපදා සහන කණ්ඩායම් පනස් නවයක් (59) තවදුරටත් ආපදා සහන මෙහෙයුම් සිදුකරමින් සිටියි.

05 Jun 2024

හංවැල්ල පාලම තුල සිරවූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 30 ක් වටිනා ජල මාපකයක් සොයාගැනීමට නාවික හමුදා කිමිදුම් සහය

අධික වර්ෂාපතනය හේතුවෙන් කැළණි ගඟේ ජලය සමඟ ගසාගෙන පැමිණි උණ පඳුරු සහ කැලිකසල තුල සිරවූ, වාරිමාර්ග දෙමාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 30ක වටිනාකමින් යුත් ජල මාපක යන්ත්‍රයක් ( Acoustic Doppler Current Profiler -ADCP) 2024 ජුනි මස 04 වන දින අළුයම නාවික හමුදාව මඟින් සිදුකල සාර්ථක කිමිදුම් මෙහෙයුමක් මඟින් සොයා ගැනීමට සමත් විය.

04 Jun 2024

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1832 කට අධික තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය බංගලාවත්ත ඒත්තාලේ ප්‍රදේශයේ 2024 ජුනි මස 03 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් සඟවා තබන ලද බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් අටසිය තිස් දෙකකට (1832) අධික තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

04 Jun 2024

නාවික හමුදාව මඟින් ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරයි

අයහපත් කාළගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා බස්නාහිර, දකුණ සහ සබරගමු පළාත් වෙත අනුයුක්ත කෙරුණු නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් විසින් අද දින (2024 ජුනි 04) උදෑසන වන විට කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන් තුළ ගංවතුරෙන් පීඩාවට පත් පුද්ගලයින් එකසීය හැටපස් දෙනෙකු (165) ආරක්ෂිතව මුදාගැනීම සහ පුද්ගලයන් එක්දහස් හයසිය පනහක (1650) පමණ පිරිසකට එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් යාත්‍රා මඟින් ප්‍රවාහන පහසුකම් සැලසීම සිදු කෙරුණු අතර, ආපදා සහන කණ්ඩායම් පනහක් (50) තවදුරටත් ආපදා සහන මෙහෙයුම් සිදුකරමින් සිටියි.

04 Jun 2024

නාවික හමුදාව මඟින් බස්නාහිර, දකුණ සහ සබරගමු පළාත් තුළ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරයි

අයහපත් කාළගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා බස්නාහිර, දකුණ සහ සබරගමු පළාත් වෙත අනුයුක්ත කෙරුණු නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් විසින් අද දින (2024 ජුනි 03) සන්ද්‍යාව වන විට කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන් තුළ ගංවතුරෙන් පීඩාවට පත් පුද්ගලයින් එකසීය දෙදෙනෙකු (102) ආරක්ෂිතව මුදාගැනීම සහ පුද්ගලයන් නවසීය දහනවයක (919) පමණ පිරිසකට එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් යාත්‍රා මඟින් ප්‍රවාහන පහසුකම් සැලසීම සිදු කෙරුණු අතර, ආපදා සහන කණ්ඩායම් පනහක් (50) තවදුරටත් ආපදා සහන මෙහෙයුම් සිදුකරමින් සිටියි.

03 Jun 2024

නීති විරෝධී ලෙස මෙරටට සංක්‍රමණය වූ බවට සැකකෙරෙන පුද්ගලයින් 05 ක් සහ පහසුකම් සැලසූ පුද්ගලයින් 02 ක් තලෛයිමන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව; තලෛයිමන්නාරම, ඌරුමලෙයි ප්‍රදේශයේ 2024 ජුනි මස 02 වන දින රාත්‍රී කාලයේ සිදුකළ මුර සංචාරයකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ විදෙස් රටකින් මෙරටට සංක්‍රමණය වූ බවට සැකකෙරෙන ශ්‍රී ලාංකික පුද්ගලයන් පස් දෙනෙකු (05) සහ ඔවුන් හට පහසුකම් සැලසූ බවට සැකකෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු (02) සමඟින් පුද්ගලයන් හත් දෙනෙකු (07) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

03 Jun 2024

නාවික හමුදාව මඟින් බස්නාහිර, දකුණ සහ සබරගමු පළාත් තුළ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරයි

අයහපත් කාළගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා බස්නාහිර, දකුණ සහ සබරගමු පළාත් වෙත අනුයුක්ත කෙරුණු නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් විසින්; කොළඹ, කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන් තුළ ගංවතුරෙන් පීඩාවට පත් මහජනතාව ආරක්ෂිතව මුදාගැනීම සහ ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් යාත්‍රා මඟින් ප්‍රවාහන පහසුකම් හා ආපදා සහන සැලසීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් පවතියි.

03 Jun 2024