මෙහෙයුම් පුවත්
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් 338 ක පමණ තොගයක් වයඹ මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශයේ 2024 මැයි මස 15 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් තුන්සිය තිස් අටක (338) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
16 May 2024
නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 29 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව; කිලිනොච්චිය, චුන්ඩිකුලම් සහ කුඩාරප්පු මුහුදු ප්‍රදේශයන්හි සහ මන්නාරම තාල්පාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයෙහි 2024 මැයි මස 15 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස නීති විරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ, නීති විරෝධී ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ, රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකල සහ වාණිජ පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් විසිනව දෙනෙකු (29) සමඟ ඩිංගි යාත්‍රා එකොළහක් (11), මුහුදු කූඩැල්ලන් ගණනින් දෙසිය දහයක (210) පමණ ප්‍රමාණයක්, නීති විරෝධී ධීවර ආම්පන්න සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
16 May 2024
නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් සමඟ පුද්ගලයින් 02 ක් සිලාවතුරේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, සිලාවතුර, පන්ඩරවේලී වෙරළ ප්‍රදේශයේ 2024 මැයි මස 14 වන දින සවස් කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, ප්‍රවාහනය සඳහා සූදානම් කල නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් ගණනින් තුන්දහස් පන්සියයක පමණ තොගයක් (3500) සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) සහ කැබ් රථයක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
16 May 2024
නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා සූදානම් කළ මත්පෙති 1440 ක තොගයක් සමඟ සැකකරුවෙක් මඩකලපුවේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මඩකලපුව කල්ලඩි පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2024 මැයි මස 11 වන දින මඩකලපුව ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා සූදානම් කළ මත්පෙති (Pregabalin Capsules) එක්දහස් හාරසිය හතලිහක (1440) තොගයක් සමඟ සැකකරුවෙකු (01) සහ මෝටර් රථයක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
12 May 2024
නීතිවිරෝධී ලෙස ළඟ තබා ගත් රත්‍රං බවට සැකකෙරෙන පුරාවස්තු තොගයක් සමඟ සැකකරුවෙකු කල්පිටියේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හා එක්ව කල්පිටිය, ආලන්කුඩා ප්‍රදේශයේ 2024 මැයි මස 11 වන දින සිදුකළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, එම ප්‍රදේශයේ නිවසක නීති විරෝධී ලෙස ළඟ තබා ගත් රත්‍රං බවට සැකකෙරෙන පුරාවස්තු තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
12 May 2024
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 13 ක් මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ සහ වන්කාලපාඩු මුහුදු ප්‍රදේශයේ 2024 මැයි මස 09 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සහ ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දහතුන් දෙනෙකු (13) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් හයසිය විසි හතක පමණ තොගයක් (627), ට්‍රෝලර් යාත්‍රා හතක් (07) සහ තහනම් ධීවර ආම්පන්න නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
10 May 2024
නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 11 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව; කිලිනොච්චිය, කුඩාරප්පු සහ චලෛයි මුහුදු ප්‍රදේශයන්හි 2024 මැයි මස 07 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකල සහ නීති විරෝධී ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් එකොළොස් දෙනෙකු (11) සමඟ ඩිංගි යාත්‍රා හතරක් (04), මුහුදු කූඩැල්ලන් ගණනින් හයසිය පනහක (650) පමණ තොගයක්, කිමිදුම් උපකරණ සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
08 May 2024
ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් මාතලේ ලග්ගල රාවනාගම වැව් ජලයට මිශ්‍ර වූ ඉන්ධන ඉවත් කිරීමේ මෙහෙයුම සාර්ථකව අවසන් වෙයි

මාතලේ, ලග්ගල, ගුරුලුවෙල ප්‍රදේශයේදී ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසර් රථයක් අනතුරට ලක්වීමෙන්, රාවනාගම වැව් ජලයට මිශ්‍ර වූ ඉන්ධන එම වැව් ජලයෙන් ඉවත් කිරීමේ මෙහෙයුමක් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් 2024 මැයි මස 05 වන දින සාර්ථකව සිදු කිරීමට කටයුතු කෙරිණි.
07 May 2024
නීති විරෝධී ලෙස රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 120 ක පමණ තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය උච්චමුනෙයි වෙරළ ප්‍රදේශයේ 2024 මැයි මස 04 වන දින සවස් කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් එකසිය විස්සක (120) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
05 May 2024
නාවික හමුදාව මඟින් දොඩංගොඩ සහ අගලිය පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කෙරේ

ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ ගිං ගඟ හරහා ඉදි කර ඇති දොඩංගොඩ සහ අගලිය යන පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් 2024 මැයි මස 03 වන දින ක්‍රියාත්මක කෙරිණි.
04 May 2024