මෙහෙයුම් පුවත්

නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 06 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව; යාපනය, චලෛයි මුහුදු ප්‍රදේශයේ 2024 මැයි මස 03 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් හය දෙනෙකු (06) සමඟ ඩිංගි යාත්‍රා තුනක් (03) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

04 May 2024

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 13 ක් මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව මන්නාරම, වන්කාලේ හා පල්ලිමුනෙයි ප්‍රදේශයේ 2024 අප්‍රේල් මස 29 සහ 30 යන දිනයන්හීදී සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් දහතුන් දෙනෙකු (13) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් හත්සිය හැත්තෑ හතක පමණ තොගයක් (777), ට්‍රෝලර් යාත්‍රා පහක් (05) සහ කිමිදුම් උපකරණ නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

01 May 2024

නීති විරෝධී ලෙස රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1229 ක පමණ තොගයක් කල්පිටියේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යුද හමුදාව සහ පුත්තලම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා එක්ව, කල්පිටිය මො‍හොත්තුවාරම් ප්‍රදේශයේ 2024 අප්‍රේල් මස 30 වන දින සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් දෙසිය විසි නවයක (1229) පමණ තොගයක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙ‍රිණි.

01 May 2024

වාණිජ පුපුරණ ද්‍රව්‍ය ‍තොගයක් මූතූර් ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රිකුණාමලය මූතූර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ නෝර්වේ දූපතේ 2024 අප්‍රේල් මස 28 වන දින දිවා කාලයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, එම දූපතේ ගරා වැටුනු ගොඩනැගිල්ලක බටයක් තුළ සඟවා තිබූ වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු දෙකක් (02), විදුලි නොවන ඩෙට‍නේටර්යක් (01), සෙන්ටිමීටර් 25 ක් දිග සේවා නූලක් (01) සහ ටීඑන්ටී පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් එකසිය පනහක ප්‍රමාණයක් (150) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

30 Apr 2024

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 04 ක් මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව මන්නාරම, පේසාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 අප්‍රේල් මස 28 වන දින උදෑසන කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් සිව් දෙනෙකු (04) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් තුන්සිය හතළිස් තුනක පමණ තොගයක් (343) සහ ඩිංගි යාත්‍රා දෙකක් (02) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

29 Apr 2024

වාණිජ පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 10 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව; ත්‍රීකුණාමලය පොඩුවකට්ටු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ සිලාවතුර කොන්ඩච්චිකුඩා මුහුදු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 අප්‍රේල් මස 26 සහ 27 යන දිනයන්හීදී සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස වාණිජ පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් දහ දෙනෙකු (10) සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02), කිමිදුම් උපකරණ සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

28 Apr 2024

කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් මුහුදේදී රෝගී වූ ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී රෝගාතුර වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, විදෙස් නෞකාවක් මඟින් බේරාගැනීමෙන් අනතුරුව, අද දින (2024 අප්‍රේල් 27) ගොඩබිමට රැගෙනවිත් ප්‍රථිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

28 Apr 2024

නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 09 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, චලෛයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 අප්‍රේල් මස 24 වන දින අළුයම සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල සහ නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් නව දෙනෙකු (09) සමඟ ඩිංගි යාත්‍රා හතරක් (04), තහනම් දැල් සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

25 Apr 2024

රුපියල් මිලියන 4 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා මන්නාරමේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, අපරාධ විමර්ශන කාර්යංශය හා එක්ව මන්නාරම වංකාලේ ප්‍රදේශයේ, 2024 අප්‍රේල් මස 21 වන දින දහවල් කාලයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් දහයකට (10) අධික තොගයක් සමඟ සැකකරුවන් හතර දෙනෙකු (04) සහ වෑන් රථයක් (01) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

23 Apr 2024

මුහුදේදී රෝගී වූ විදේශ ජාතිකයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් මුහුදේදී රෝගී වූ විදේශ ජාතිකයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

20 Apr 2024