මෙහෙයුම් පුවත්
හක් බෙල්ලන් 132 ක් සමඟ සැකකරුවෙක් යාපනයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය පොන්නාලෙයි ප්‍රදේශයේදී 2025 ජනවාරි මස 26 වැනි දින සිදුකල සෝදිසි මෙහෙයුමකදී, වලංගු බලපත්‍රයක් නොමැතිව ප්‍රවාහනය කරමින් තිබූ හක් බෙල්ලන් ගණනින් එකසිය තිස් දෙකක (132) තොගයක් සමඟ සැකකරුවෙකු (01) සහ යතුරු පැදියක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
27 Jan 2025
අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් කල්පිටියේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2025 ජනවාරි මස 26 වැනි දින කල්පිටිය, පල්ලිවාසල්තුරෙයි ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීමට සූදානම් කර තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් තුනයි (03) මිලිග්‍රෑම් අසූවක (80) පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
27 Jan 2025
නීති විරෝධී ධීවර කටයුතු සිදුකල සැකකරුවන් 03 ක් කොළඹදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කොළඹ වරායට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2025 ජනවාරි මස 25 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස ස්පියර් ගන් (Spear Gun) භාවිතා කර ධීවර කටයුතු සිදුකළ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
26 Jan 2025
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 03ක් මන්නාරම උතුරු මුහුදේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව, 2025 ජනවාරි මස 25 වැනි දින රාත්‍රී කාලයේ සහ අද අළුයම (2025 ජනවාරි 26) මන්නාරමට උතුරින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා තුනක් (03) සමඟ ඉන්දීය ධීවරයින් තිස් හතර දෙනෙකු (34) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
26 Jan 2025
පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2025 ජනවාරි මස 24 වැනි දින මන්නාරම, ගමනාගමන මණ්ඩල ඩිපෝව ඉදිරිපිට සහ ශාන්තිපුරම් ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස වෝටර් ජෙල් නමැති පුපුරණ ද්‍රව්‍ය කූරු දහයක් (10), විදුලි නොවන ඩෙටනේටර් දහයක් (10) සහ සේෆ්ටි ෆියුස් අඩි දෙකක් (02) ප්‍රවාහනය කළ සහ සඟවා තබා සිටි සැකකරුවන් දෙදෙනෙකු (02)සමඟ යතුරු පැදියක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
25 Jan 2025
කේරළ ගංජා සමඟ සැකකාරියක් පුත්තලමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව; පුත්තලම කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශය හා එක්ව අද (2025 ජනවාරි 25) අළුයම් කාලයේ පුත්තලම සින්නපාඩු කොට්ටන්තිව් ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ දෙකයි (02) ග්‍රෑම් දෙසිය හතලිස් පහක (245) පමණ තොගයක් සමඟ සැකකාරියක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
25 Jan 2025
නීති විරෝධී ලෙස රට තුළට රැගෙන ඒමට උත්සහ කළ එනසාල් කිලෝග්‍රෑම් 342ක තොගයක් සහ වියළි කහ කිලෝ ග්‍රෑම් 1231ක තොගයක් සමඟ සැකකරුවන් 02 ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2025 ජනවාරි මස 24 වැනි දින කල්පිටිය කීරමුන්දලම වෙරළ ප්‍රදේශයේ සහ තෝරයඩි මුහුදු ප්‍රදේශයේදී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රට තුළට රැගෙන ඒමට උත්සහ කළ එනසාල් කිලෝග්‍රෑම් 342ක පමණ තොගයක් සහ වියළි කහ කිලෝග්‍රෑම් 1231ක පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
25 Jan 2025
ගංවතුරෙන් පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාවෙන් අඛණ්ඩ මෙහෙයුම්

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය, බුද්ධංගල, මහකනදරාව අලුත්පාරගම ප්‍රදේශ වෙතත්, අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රදේශය වෙතත් නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් 04ක් 2025 ජනවාරි මස 24 වැනි දින වන විට නාවික හමුදාව විසින් අනුයුක්ත කිරීමට කටයුතු කර ඇත.
24 Jan 2025
මහකනදරාව ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාවෙන් අඛණ්ඩ මෙහෙයුම්

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය, බුද්ධන්ගල සහ මහකනදරාව අලුත්පාරගම ප්‍රදේශයන්ගේ මහජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් තුනක් (03) ස්ථානගත කිරීමට නාවික හමුදාව කටයුතු කෙරුණු අතර, මේ වන විට එම සහන කණ්ඩායම් බුද්ධන්ගල සහ මහකනදරාව අලුත්පාරගම ප්‍රදේශයේ අධික වර්ෂාපතනය හේතුවෙන් ආපදාවටපත් මහජනතාවට අවශ්‍ය සහන සැලසීමේ මෙහෙයුම් සිදු කරමින් සිටියි
23 Jan 2025
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 02 ක් යාපනය වෙන්පුරවිනගර් වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, වෙන්පුරවිනගර් වෙරළ ප්‍රදේශයේ 2025 ජනවාරි මස 20 වැනි දින අළුයම් කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින් වලංගු බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් එකසිය තිහක (130) පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
21 Jan 2025