මෙහෙයුම් පුවත්

ගංජා මිශ්‍ර මදන මෝදක තොගයක් සමඟ සැකකරුවෙක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කැබිතිගොල්ලෑව සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය හා එක්ව 2024 මාර්තු මස 25 වන දින සවස් කාලයේ මැදවච්චිය ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින් බලපත්‍ර රහිතව අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ ගංජා මිශ්‍ර මදන මෝදක ඇසුරුම් නවසිය පනස් දෙකක (952) තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

26 Mar 2024

රුපියල් මිලියන 02 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා සමඟ සැකකරුවෙක් කිලිනොච්චියේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2024 මාර්තු මස 22 වන දින සවස් කාලයේ කිලිනොච්චිය, උරුත්තිරපුරම් ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් හතකට (07) අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

23 Mar 2024

නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකල පුද්ගලයන් 09 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය මාමුණෙයි සහ නගර්කෝවිල් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හී 2024 මාර්තු මස 20 වන දින සිදුකල විශේෂ මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකල පුද්ගලයින් නව දෙනෙකු (09) සමඟ ඩිංගි යාත්‍රා තුනක් (03), කිමිදුම් උපකරණ සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

21 Mar 2024

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 05 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2024 මාර්තු මස 20 වන දින රාත්‍රී කාලයේ තලෛයිමන්නාරමට හා ඩෙල්‍ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයන්හී සිදුකළ විශේෂ මෙහෙයුම් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා පහක් (05) සමඟ ඉන්දීය ධීවරයින් තිස් දෙදෙනෙකු (32) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

21 Mar 2024

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2024 මාර්තු මස 16 වන දින රාත්‍රී කාලයේ ඩෙල්‍ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් විසිඑක් දෙනෙකු (21) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

17 Mar 2024

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, අද දින (2024 මාර්තු 15) අළුයම් කාලයේ කරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් පහළොස් දෙනෙකු (15) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

15 Mar 2024

කේරළ ගංජා සමඟ සැකකරුවෙක් කිලිනොච්චියේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය හා එක්ව 2024 මාර්තු මස 11 වන දින දහවල් කාලයේ කිලිනොච්චිය, උඩුත්තුරෙයි ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් එකකට (01) අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

12 Mar 2024

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 03 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2024 මාර්තු මස 09 වන දින රාත්‍රී කාලයේ සහ අද දින (2024 මාර්තු 10) අළුයම් කාලයේ කරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සහ පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා තුනක් (03) සමඟ ඉන්දීය ධීවරයින් විසි දෙදෙනෙකු (22) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

10 Mar 2024

නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 09 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය චලෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ, 2024 මාර්තු මස 08 වන දින සිදු කල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් නව දෙනෙකු (09) සමඟ ඩිංගි යාත්‍රා පහක් (05) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

09 Mar 2024

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 19 ක් මන්නාරම් මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, ඉරණතිව් දකුණු මුහුදු ප්‍රදේශයේ අද දින (2024 මාර්තු 06) අළුයම් කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින් වලංගු බලපත්‍ර නොමැතිව රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකල පුද්ගලයින් දහනව දෙනෙකු (19) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් එක්දහස් තුන්සිය තිස් නවයක (1339) පමණ තොගයක්, ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

06 Mar 2024