මෙහෙයුම් පුවත්
රුපියල් මිලියනයකට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා සමඟ සැකකරුවෙක් කිලිනොච්චියේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2024 මාර්තු මස 05 වන දින සවස් කාලයේ කිලිනොච්චිය, උඩුත්තුරෙයි ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් තුනකට (03) අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු (01) සහ යතුරු පැදියක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
06 Mar 2024
නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කල කෘමිනාශක තොගයක් සමඟ සැකකරුවන් 02 ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය, උච්චමුණෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 මාර්තු මස 03 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කල කෘමිනාශක තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
04 Mar 2024
නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 3440 ක තොගයක් සමඟ සැකකරුවෙකු කල්පිටියේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, ඉලංතාඩිය වෙරළ ප්‍රදේශයේ අද දින (2024 මාර්තු 03) අළුයම සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් තුන් දහස් හාරසීය හතළිහක (3440 Kg) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
03 Mar 2024
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 03 ක් මන්නාරම් මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, වලෙයිපාඩු මුහුදු ප්‍රදේශයේ 2024 පෙබරවාරි මස 29 වන දින අළුයම් කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින් වලංගු බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් තුන් දහස් හැත්තෑවක (3070) පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
01 Mar 2024
රුපියල් මිලියනයකට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා පේදුරුතුඩුවේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පේදුරුතුඩුව මනල්කාඩු වෙරළ ප්‍රදේශයේ, 2024 පෙබරවාරි මස 29 වන දින දහවල් කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් තුනකට (03) අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
01 Mar 2024
මත්පෙති 53000 තොගයක් මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ඉලුප්පුකඩවායි පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව, 2024 පෙබරවාරි මස 28 වන දින සවස් කාලයේ මන්නාරම, ඉලුප්පුකඩවායි කළපු ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, ළදු කැළෑවක් තුළ සඟවා තිබූ මත්පෙති (Pregabalin Capsules) පනස් තුන්දහසක (53000) තොගයක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
29 Feb 2024
වාණිජ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙක් මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව අද දින (2024 පෙබරවාරි 21 ) අළුයම මන්නාරම, පල්ලෙමුනේ ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු හයසියය පනහක් (650) පොදු ප්‍රවාහන සේවය මඟින් ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
21 Feb 2024
නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන එමින් තිබූ බීඩි කොළ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් 02 ක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, බත්තලංගුණ්ඩුව ඉදිරි මුහුදු ප්‍රදේශයේ 2024 පෙබරවාරි මස 19 වන දින සවස් කාලයේදී සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ නීති විරෝධි ලෙස මෙරටට රැගෙන එමින් තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් හාරසිය හැත්තෑ එකක (1471) පමණ තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
20 Feb 2024
නීති විරෝධි ලෙස හක් බෙල්ලන් 3621 ක් ගබඩා කර සිටි පුද්ගලයෙක් මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව, මන්නාරම ආන්දන්කුලම්, නායතුවේලි ප්‍රදේශයේ 2024 පෙබරවාරි මස 15 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමකදී, අනුමත නෛතික සීමාව නොමැති හක් බෙල්ලන් ගණනින් තුන්දහස් හයසිය විසි එකක (3621) පමණ තොගයක් ගබඩා කර සිටි පුද්ගලයෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
16 Feb 2024
මත්පෙති 1472 ක තොගයක් සමඟ සැකකරුවන් 02 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම කොට්ඨාස පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශය හා එක්ව 2024 පෙබරවාරි මස 13 වන දින මන්නාරම ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින් අලෙවි කිරීම සඳහා සූදානම් කළ මත්පෙති (Pregabalin Capsules) එක්දහස් හාරසිය හැත්තෑ දෙකක (1472) තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ත්‍රීරෝද රථයක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
14 Feb 2024