මෙහෙයුම් පුවත්

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට තැත් කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 1177 කට අධික තොගයක් සහ කෘමි නාශක තොගයක් සමඟ සැකකරුවන් 04 ක් පුත්තලම සින්නපාඩු මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව පුත්තලම, සින්නපාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද දින (2024 පෙබරවාරි 13) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට තැත්කල බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් එකසීය හැත්තෑ හතකට (1177) අධික තොගයක් (තෙත බර සහිත) සහ කෘමි නාශක බෝතල් එකසීය පනහක් (150) සමඟ සැකකරුවන් සිව් දෙනෙකු (04) හා ඩිංගි යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

13 Feb 2024

තලෙයිමන්නාරම ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක ඇති වූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට නාවික හමුදාවේ සහය

තලෙයිමන්නාරම, පියර්ගම ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක 2024 පෙබරවාරි මස 12 වන දින ඇති වූ හදිසි ගින්නක් මැඩ පවත්වා එම ගින්න අවට ප්‍රදේශයට පැතිරීම වැළැක්වීමට නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායමක සහය ලබාදීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

13 Feb 2024

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 06 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කල්මු‍නේ තුඩුව මුහුදු ප්‍රදේශයේ අද දින (2024 පෙබරවාරි 12) අළුයම් කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින් වලංගු බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් හය දෙනෙකු (06) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් හත්සිය හැත්තෑ හතරක (774) පමණ තොගයක්, කිමිදුම් උපකරණ සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

12 Feb 2024

මත්පෙති 1200 තොගයක් සමඟ සැකකරුවන් 02 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම කොට්ඨාස පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශය හා එක්ව 2024 පෙබරවාරි මස 07 වන දින සිලාවතුර, නානට්ටාන් ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීම සඳහා සූදානම් කළ මත්පෙති (Pregabalin Capsules) එක්දහස් දෙසියක (1200) තොගයක් සමඟ සැකකරුවකු (01) සහ සැකකාරියක (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

08 Feb 2024

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 02 ක් නාවික හමුදාව අත්අඩංගුවට ගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව 2024 ‍පෙබරවාරි මස 07 වන දින රාත්‍රී කාලයේ යාපනය, ඩෙල්ෆ්ට් දූපත අසල මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් දහනව දෙනෙකු (19) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

08 Feb 2024

විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයෙක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය කදෙයිකාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද දින (2024 පෙබරවාරි 06) උදෑසන කාලයේදී සිදු කල සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයෙකු (01) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

06 Feb 2024

කේරළ ගංජා සමඟ සැකකරුවෙක් යාපනයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2024 පෙබරවාරි මස 03 වන දින උදෑසන කාලයේ යාපනය, පුන්කුඩුතිව් කුරිකඩ්ඩුවාන් ජැටිය ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑමයකට (01) අධික තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

04 Feb 2024

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 02 ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2024 ‍පෙබරවාරි මස 03 වන දින රාත්‍රී කාලයේ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් විසිතුන් දෙනෙකු (23) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

04 Feb 2024

අරාබි මුහුදේදී මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට පත් ලොරෙන්සෝ පුතා IV ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් පිරිස ශ්‍රී ලංකා නාවික හමුදාවේ සම්බන්ධීකරණයෙන් මුදවාගැනේ

අරාබි මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට පත් ලොරෙන්සෝ පුතා IV ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් පිරිස මුදවා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, කලාපීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සමඟ එක්ව සිදුකල ඒකාබද්ධ මෙහෙයුමක ප්‍රථිපලයක් වශයෙන්, ෂීසෙල්ස් වෙරළාරක්‍ෂක බලකාය විසින් ලොරෙන්සෝ පුතා IV ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් හය දෙනා (06) අද දින (2024 ජනවාරි 29) මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයෙන් නිරුපද්‍රිතව මුදවා ගැනීමට සමත්විය.

30 Jan 2024

අක්‍රිය වූ ගලමැඩියාව වැවේ ජලය බැහැර කිරීමේ සොරොව්ව පිළිසකර කර යථාතත්වයට පත්කිරීම සඳහා නාවික හමුදා කිමිදුම් සහය

ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ තඹලගමුව ප්‍රදේශයේ පිහිටි ගලමැඩියාව ‍වැවේ අක්‍රිය තත්වයේ පැවති ජලය බැහැර කිරීමේ සොරොව්ව පිළිසකර කිරීම සඳහා 2024 ජනවාරි මස 27 වන දින නාවික හමුදා කිමිදුම් සහය ලබාදීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

28 Jan 2024