මෙහෙයුම් පුවත්
මත්පෙති 10600 තොගයක් සමඟ සැකකරුවන් 02 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2024 ජනවාරි මස 12 සහ 13 යන දිනයන්හීදී මිහින්තලේ සහ තලෙයිමන්නාරම, කට්ටුකාරයන්කුඩිඉරිප්පු යන ප්‍රදේශයන්හි සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් වලදි, මත්පෙති (Pregabalin Capsules) දසදහස් හයසියයක (10600) තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ යතුරු පැදියක් (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
14 Jan 2024
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 03 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2024 ජනවාරි මස 13 වන දින සවස් කාලයේ යාපනය, කරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා තුනක් (03) සමඟ ඉන්දීය ධීවරයින් දෙළොස් දෙනෙකු (12) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
14 Jan 2024
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 16 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, නඩුකුඩා ප්‍රදේශයේ 2024 ජනවාරි මස 12 වන දින සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් වලංගු බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දහසය දෙනෙකු (16) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් එක් දහස් දෙසිය අසූවක (1280) පමණ තොගයක් සහ කැබ් රථයක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
13 Jan 2024
නීති විරෝධී ලෙස අල්ලන ලද බවට සැකකෙරෙන මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 05 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, නඩුකුඩා ප්‍රදේශයේ 2024 ජනවාරි මස 10 වන දින සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස අල්ලන ලද බවට සැකකෙරන මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු (05) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් දහසක (1000) පමණ තොගයක් කිමිදුම් උපකරණ, සහ කැබ් රථයක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
11 Jan 2024
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 2000 කට අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රා 03 ක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, උච්චමුනෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 ජනවාරි මස 08 වන දින රාත්‍රී කාලයේදී සිදු කල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කල මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් දෙදහස් තිස් දෙකක (2032) තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රා තුනක් (03) සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
09 Jan 2024
රුපියල් මිලියන 33 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් යාපනය වල්ලිපුරම් වෙරළේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2024 ජනවාරි මස 08 වන දින උදෑසන යාපනය, වල්ලිපුරම් වෙරළ ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ ළඳු කැලෑවක සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් අසූ හතරකට (84) අධික තොගයක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
09 Jan 2024
මත්පෙති 526 ක තොගයක් සමඟ සැකකරුවෙක් තලෙයිමන්නාරම ප්‍රදේශයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2024 ජනවාරි මස 06 වන දින රාත්‍රී කාලයේ තලෙයිමන්නාරම, අම්බාල්නගර් ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදි, මත්පෙති (Pregabalin Capsules) පන්සිය විසි හයක (526) තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
07 Jan 2024
රුපියල් මිලියන 21 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් වෙත්තලකේනි කඩෙයිකාඩු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙත්තලකේනි කඩෙයිකාඩු වෙරළ ප්‍රදේශයේ 2024 ජනවාරි මස 05 වන දින සවස් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් පනස් තුනකට (53) අධික තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
06 Jan 2024
අම්බලන්ගොඩ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව අම්බලන්ගොඩ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 ජනවාරි මස 05 වන දින සිදුකල මුර සංචාරයකදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් එකසීය දහඅටක (118) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
06 Jan 2024
ත්‍රීකුණාමලය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයන්හි ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් තවදුරටත් නාවික හමුදාව සහන සලසයි

අයහපත් කාළගුණික තත්වය හමුවේ ත්‍රීකුණාමලය සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයන්හි ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා 2023 දෙසැම්බර් මස 31 වන දින සිට නාවික හමුදා සහන කණ්ඩායම් එම ප්‍රදේශයන් වෙත අනුයුක්ත කෙරුණු අතර, අ.පො.ස උසස් පෙල විභාගය සඳහා පෙනී සිටින දරු දැරියන් ඇතුළු ගංවතුරෙන් පීඩාවටපත් මහජනතාවට අවශ්‍ය සහන සැලසීමේ මෙහෙයුම් නාවික හමුදාව තවදුරටත් සිදුකරමින් සිටියි.
06 Jan 2024