මෙහෙයුම් පුවත්
නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 12 ක් සිලාවතුරේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව අද දින (2023 නොවැම්බර් 29) අළුයම සිලාවතුර කොන්ඩච්චිකුඩා ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකළ පුද්ගලයින් දොළොස් දෙනෙකු (12) සමඟ ඩිංගි යාත්‍රා හතරක් (04), මුහුදු කූඩැල්ලන් එක්දහස් හයසියය හත්තෑවක (1670) පමණ තොගයක් සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
29 Nov 2023
කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු යාපනය වෙත්තලකේනිහිදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2023 නොවැම්බර් මස 27 වන දින සවස් කාලයේ යාපනය, වෙත්තලකේනි වත්තිරායන් ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, ගෙවත්තක වලදමා සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් තිස් හතරකට (34) අධික තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
28 Nov 2023
කේරළ ගංජා ප්‍රවාහනය කල සැකකරුවන් 02 ක් යාපනයේ කයිට්ස් දූපතේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2023 නොවැම්බර් මස 25 වන දින දහවල් කාලයේ යාපනය, කයිට්ස් දූපතේ නරන්තනේ ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීම සඳහා ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් තුනකට (03) අධික තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු (02) සහ යතුරු පැදියක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
26 Nov 2023
වාණිජ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙක් ත්‍රිකුණාමලයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2023 නොවැම්බර් මස 23 වන දින ත්‍රිකුණාමලය, බස් නැවතුම්පොළ අසල ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු දහයක් (10) සහ විදුලි නොවන ඩෙටනේටර් පහළොවක් (15) රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයෙකු නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
25 Nov 2023
නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, ඉප්පන්තිව් දූපත අසල මුහුදු ප්‍රදේශයේ 2023 නොවැම්බර් මස 22 වන දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් හාරසිය හැත්තෑ හතක (477) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
23 Nov 2023
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් 09 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, අරිප්පු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 නොවැම්බර් මස 20 වන දින උදෑසන කාලයේදී සිදු කල විශේෂ මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් නව දෙනෙකු (09) සමඟ කිමිදුම් උපකරණ, මුහුදු කූඩැල්ලන් ගණනින් එක්දහස් තුන්සිය අසු හතරක (1384) පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රා තුනක් (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
21 Nov 2023
රුපියල් මිලියන 40 කට අධික වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් යාපනය කරෙයිනගර් වෙරළේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය කරෙයිනගර් සාම්පලෝඩයි වෙරළ ප්‍රදේශයේ 2023 නොවැම්බර් මස 20 වන දින අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ ළඳු කැළෑවක් තුල සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් එකසිය එකකට (101) අධික තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
21 Nov 2023
රුපියල් මිලියන 27 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් යාපනය අනලතිව් දූපතේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය අනලතිව් දූපතේ 2023 නොවැම්බර් මස 10 වන දින උදෑසන කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් හැට නවයකට (69) අධික තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
11 Nov 2023
නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට තැත් කල මත්පෙති තොගයක් සමඟ සැකකරුවන් 02 ක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය ඉරමතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද දින (2023 නොවැම්බර් 09) සවස් කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ නීති විරෝධී ලෙස රැගෙන ඒමට තැත් කල Pregabalin වර්ගයේ මත්පෙති පන්ලක්ෂ හැත්තෑ දහසක (570,000) තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
09 Nov 2023
ජා ඇළ ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදාව සහන සලසයි

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය මත බස්නාහිර පළාතට ඇද හැලෙන අධික වැසි හමුවේ, ‘ජා ඇළ’ පිටාර ගැලීම හේතුවෙන් ජා ඇළ, බණ්ඩිගොඩ ප්‍රදේශයේ 2023 නොවැම්බර් මස 08 වන දින ඇතිවූ ජල ගැලීමෙන් පීඩාවට පත් එම ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීම නාවික හමුදා සහන කණ්ඩායම් මඟින් සිදු කෙරිණි.
09 Nov 2023