මෙහෙයුම් පුවත්
රුපියල් මිලියන 54 කට අධික වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 03 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය එළුවතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 නොවැම්බර් මස 06 වන දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් එකසිය තිස්හතකට (137) අධික තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
07 Nov 2023
නීති විරෝධී ලෙස මෙරටින් රැගෙන යාමට උත්සාහ කල බවට සැකකෙරෙන රත්‍රං කිලෝග්‍රෑම් 02 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 05 ක් මන්නාරම් මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 නොවැම්බර් 03 මස වන දින සවස් කාලයේ මන්නාරම, ඔළුතුඩුවායි ඉදිරි මුහුදු තීරයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් රැගෙන යාමට උත්සාහ කල බවට සැකකෙරෙන රත්‍රං කිලෝ දෙකයි (02) ග්‍රෑම් එකසිය පනහක (150) පමණ තොගයක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05), ඩිංගි යාත්‍රාවක් (01), ත්‍රීරෝද රථයක් (01) සහ යතුරු පැදියක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
04 Nov 2023
නාවික හමුදාව මඟින් ගාල්ල දොඩම්ගොඩ සහ වක්වැල්ල පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්

ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ ගිං ගඟ හරහා ඉදි කර ඇති දොඩම්ගොඩ සහ වක්වැල්ල පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් 2023 නොවැම්බර් මස 02 සහ 03 යන දිනයන්හි ක්‍රියාත්මක කෙරිණි.
04 Nov 2023
නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කල කෘමිනාශක තොගයක් සමඟ සැකකරුවන් 02 ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය, කරෙයිතිව් හා පල්ලියවත්ත මුහුදු ප්‍රදේශයන්හීදී අද දින (2023 ඔක්තෝබර් 29) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශ ඔස්සේ නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කල කෘමිනාශක තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
29 Oct 2023
රුපියල් මිලියන 41 කට අධික වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 02 ක් යාපනයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය වඩුකොඩ්ඩායි වෙරළ ප්‍රදේශයේදී අද දින (2023 ඔක්තෝබර් 29) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් එකසිය හතරක (104) තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ත්‍රීරෝද රථයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
29 Oct 2023
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 05 ක් නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2023 ඔක්තෝබර් මස 28 වන දින සවස් කාලයේ සහ අද දින (2023 ඔක්තෝබර් 29) අළුයම් කාලයේ මන්නාරමට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සහ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුම් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා පහක් (05) සමඟ ඉන්දීය ධීවරයින් තිස්හත් දෙනෙකු (37) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
29 Oct 2023
නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකල සහ වලංගු බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කල පුද්ගලයන් 07 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව තලෙයිමන්නාරම, ඌරුමලෙයි වෙරළ ප්‍රදේශයේ සහ යාපනය, මණ්ඩතිව් ටී හංදිය මාර්ග බාධකයේ 2023 ඔක්තෝබර් මස 25 සහ 26 යන දිනයන්හීදී සිදු කල විශේෂ මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකල සහ සහ වලංගු බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කල පුද්ගලයින් හත් දෙනෙකු (07) සමඟ මුහුදු කූඩැල්ලන් හයසිය විස්සක (620) ක පමණ තොගයක්, ඩිංගි යාත්‍රාවක් (01), ත්‍රීරෝද රථයක් (01) සහ කිමිදුම් උපකරන නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
27 Oct 2023
බීඩි කොළ කිලෝග්‍රෑම් 288 ක පමණ තොගයක් සමඟ සැකකරුවෙකු කල්පිටියේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය හා එක්ව කල්පිටිය කීරිමුන්දලම වෙරළ ප්‍රදේශයේ 2023 ඔක්තෝබර් මස 24 වන දින උදෑසන කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් දෙසිය අසූ අටක (288) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
25 Oct 2023
රුපියල් මිලියන 4500 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 219 කට අධික තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ගැඹුරු මුහුදේදී නාවික හමුදා අත්අඩංගුවට

රාජ්‍ය බුද්ධි සේවාව වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය වෙත ලද බුද්ධි තොරතුරකට අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව යොදවා දෙවුන්දර සිට දකුණු දෙසින් නාවික සැතපුම් 292 ක් පමණ (කිලෝමීටර් 540 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ නාවික හමුදාව විසින් සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින්, රුපියල් මිලියන 4500 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 219 කට අධික තොගයක් (ඇසුරුම් බර සහිත) ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරුණු අතර, අද දින (2023 ඔක්තෝබර් 24) උදෑසන කොළඹ වරායට රැගෙන ආ එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණය කිරීම සඳහා ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.
24 Oct 2023
මිනිස් ජාවාරම් කල බවට සැකකෙරෙන පුද්ගලයින් 4 ක් තලෛයිමන්නාරම වැලිපර ආශ්‍රිත මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛයිමන්නාරම වැලිපර 3 ප්‍රදේශයේ 2023 ඔක්තෝබර් මස 21 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, මිනිස් ජාවාරම් කල බවට සැකකෙරෙන ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ එහි සිටි සැකකරුවන් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
23 Oct 2023