මෙහෙයුම් පුවත්

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 1289ක තොගයක් සමඟ සැකකරුවන් 02 ක් කල්පිටිය කීරමුන්දලම ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය උච්චමුනේ, කීරමුන්දලම වෙරළ සහ මුහුදු ප්‍රදේශයේ 2025 ජනවාරි මස 20 වැනි දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් දෙසිය අසූ නවයක (1289) තොගයක් (තෙත බර සහිත) සමඟ ඩිංගි යාත්‍රාවක් (01), වල්ලම් යාත්‍රා දෙකක් (02), ට්‍රැක්ටර දෙකක් (02) සහ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

21 Jan 2025

රුපියල් මිලියන 43 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 04ක් යාපනය මණ්ඩතිව් සහ පල්ලෙකුඩා ප්‍රදේශයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය මණ්ඩතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ, ශ්‍රී ලංකා පොලීසිය හා එක්ව යාපනය පූනරීන්, පල්ලෙකුඩා වෙරළ ප්‍රදේශයේ 2025 ජනවාරි 20 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, කේරළ ගංජා කිලෝග්‍රෑම් එකසිය අටකට (108) අධික තොගයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු (04) සහ ඩිංගි යාත්‍රාවක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

21 Jan 2025

ගංවතුරෙන් පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාවෙන් අඛණ්ඩ මෙහෙයුම්

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය, බුද්ධන්ගල සහ මහකනදරාව අලුත්පාරගම ප්‍රදේශයන්ගේ මහජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් තුනක් (03) ස්ථානගත කිරීමට නාවික හමුදාව විසින් 2025 ජනවාරි මස 15 වැනි දින සහ 19 වැනි දින කටයුතු කෙරුණු අතර, මේ වන විට එම සහන කණ්ඩායම් බුද්ධන්ගල සහ මහකනදරාව අලුත්පාරගම ප්‍රදේශයේ අධික වර්ෂාපතනය හේතුවෙන් ආපදාවටපත් මහජනතාවට අවශ්‍ය සහන සැලසීමේ මෙහෙයුම් සිදු කරමින් සිටියි.

20 Jan 2025

අයහපත් කාලගුණික තත්වය හමුවේ පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් සීරුවෙන්

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන මහජනතාවට සහන සැලසීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය, බුද්ධන්ගල ප්‍රදේශය වෙත නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් දෙකක් (02) ස්ථානගත කිරීමට නාවික හමුදාව විසින් 2025 ජනවාරි මස 15 වැනි දින කටයුතු කෙරුණු අතර, මේ වන විට එම සහන කණ්ඩායම් බුද්ධන්ගල ප්‍රදේශයේ අධික වර්ෂාපතනය හේතුවෙන් ආපදාවටපත් මහජනතාවට අවශ්‍ය සහන සැලසීමේ මෙහෙයුම් සිදු කරමින් සිටියි.

19 Jan 2025

මත්පෙති තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කල්පිටියේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය පොලිසිය හා එක්ව, 2025 ජනවාරි මස 16 වැනි දින කල්පිටිය නගරයේදී සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීම සඳහා සූදානම් කළ මත්පෙති අටසීයක (800) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

17 Jan 2025

මත්පෙති තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අනුරාධපුරයේ දී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව, 2025 ජනවාරි මස 15 වැනි දින අනුරාධපුරය, රඹෑව ප්‍රදේශයේදී සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීම සඳහා සූදානම් කළ මත්පෙති එකසීය හතලිස් පහක (145) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) රඹෑව ඉන්ධන පිරවුම් හල අසලදී නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

16 Jan 2025

හක් බෙල්ලන් 2137 ක් සමඟ සැකකරුවෙක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය පරාමුනේ ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේදී 2025 ජනවාරි මස 14 වැනි දින සිදුකල සෝදිසි මෙහෙයුමකදී, නීතිවිරෝධී ලෙස ඩිංගි යාත්‍රාවක් මඟින් ප්‍රවාහනය කරමින් තිබූ අනුමත ප්‍රමාණයට වඩා කුඩා හක් බෙල්ලන් ගණනින් දෙදහස් එකසිය තිස් හතක (2137) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

15 Jan 2025

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩී කොළ කිලෝග්‍රෑම් 864 කට අධික තොගයක් මීගමුව කලපුවේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව කලපු ප්‍රදේශයේ 2025 ජනවාරි මස 13 වැනි දින රාත්‍රී කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් අටසිය හැට හතරකට (864) අධික තොගයක් සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

15 Jan 2025

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 02 ක් මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 ජනවාරි මස 11 වැනි දින රාත්‍රී කාලයේ මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් අට දෙනෙකු (08) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

12 Jan 2025

රුපියල් මිලියන 36 කට අධික දළ විථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් වයඹ මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, කප්පලඩි මුහුදු ප්‍රදේශයේ 2025 ජනවාරි මස 10 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ 90 ග්‍රෑම් 45 ක තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

11 Jan 2025