මෙහෙයුම් පුවත්
නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 05 ක් කල්පිටිය හා පුත්තලම කලපු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 ඔක්තෝබර් මස 20 සහ 21 දෙදින කල්පිටිය උච්චමුණිය කලපු ප්‍රදේශයේ සහ පුත්තලම සේරක්කුලිය කලපු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් වලංගු බලපත්‍ර රහිතව රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකළ සහ වලංගු බලපත්‍ර රහිතව ධිවර කටයුතු සිදුකල පුද්ගලයින් පස් දෙනෙකු (05) සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02), මුහුදු කූඩැල්ලන් හත්සියය හතළිහක (740) පමණ තොගයක්, කිමිදුම් උපකරණ සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
23 Oct 2023
රුපියල් මිලියන 4728 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 210 කට අධික තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ගාල්ල සිට බටහිර දෙසට වූ ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්ව සිදුකල ඒකාබද්ධ බුද්ධි මෙහෙයුමකින් ලද තොරතුරකට අනුව, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක සමුද්‍රාරක්‍ෂා නෞකාව යොදවා ගාල්ලට බටහිර දෙසින් නාවික සැතපුම් 91 ක් පමණ (කිලෝමීටර් 168 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන, අද දින (2023 ඔක්තෝබර් 22) උදෑසන දෙවුන්දර ධීවර වරාය වෙත රැගෙනවිත් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව සිදුකල සූක්‍ෂම පරීක්‍ෂාවේදී , එම බහුදින ධීවර යාත්‍රාවේ සූක්‍ෂම ලෙස සඟවා මෙරටට රැගෙන ඒමට උත්සාහ කල රුපියල් මිලියන 4728 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 210 කට අධික තොගයක් (ඇසුරුම් බර සහිත) සමඟ එම බහුදින යාත්‍රාවේ සිටි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම පරිදි නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් එම මත්ද්‍රව්‍ය තොගය අද දින (2023 ඔක්තෝබර් 22) දෙවුන්දර ධීවර වරායේදී නාවික හමුදාධිපති විසින් නිරීක්‍ෂණය කිරීම සිදුකෙරිණි.
22 Oct 2023
TNT නමැති අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 කට අධික ප්‍රමාණයක් යාපනය ගුරුනගර් ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, ගුරුනගර් ජැටිය ප්‍රදේශයෙහි අද දින (2023 ඔක්තෝබර් 17) අළුයම සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, සූක්‍ෂම ලෙස සඟවා තිබූ TNT නමැති අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට (01) අධික ප්‍රමණයක් සමඟ සේවා නූල් අඩි තුනයි (03) අඟල් හතරක (04) පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
17 Oct 2023
රුපියල් මිලියන 94 කට අධික දළ වීථි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් තලෛයිමන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛයිමන්නාරම, ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ අද දින (2023 ඔක්තෝබර් 16) අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, අයිස් (Crystal Methamphetamine) කිලෝග්‍රෑම් හතරකට (04) අධික තොගයක්, හෙරොයින් කිලෝග්‍රෑම් එකක (01) පමණ ප්‍රමාණයක් සහ හෂීස් කිලෝග්‍රෑම් පහකට (05) අධික තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
16 Oct 2023
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 05 ක් නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2023 ඔක්තෝබර් මස 14 වන දින සවස් කාලයේ මන්නාරමට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සහ යාපනය, ඩෙල්ෆ්ට් හා කච්චතිව් දූපත් අසල වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුම් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා පහක් (05) සමඟ ඉන්දීය ධීවරයින් විසිහත් දෙනෙකු (27) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
15 Oct 2023
නීති විරෝධී ලෙස වියළි මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කිරීමට සූදානම් කරමින් සිටි පුද්ගලයින් 02 ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, කුඩාව වෙරළ ප්‍රදේශයේ 2023 ඔක්තෝබර් මස 10 වන දින රාත්‍රී කාලයේදී සිදු කල විශේෂ මෙහෙයුමක් මඟින් විදේශීය රටකින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද බවට සැක කෙරෙන වියළි මුහුදු කූඩැල්ලන්, ප්‍රවාහනය කිරීමට සූදානම් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) සමඟ වියළි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් දෙසිය හැත්තැ හතරකට (274) අධික තොගයක් සහ කැබ් රථයක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
11 Oct 2023
ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව සිදුකරනු ලබන සහන සේවා මෙහෙයුම් නිරීක්‍ෂණය සඳහා නාවික හමුදාධිපති සහභාගී වෙයි
දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා දකුණු පළාතේ මාතර, අකුරැස්ස, තිහගොඩ සහ කඹුරුපිටිය යන ප්‍රදේශයන් වෙත 2023 ඔක්තෝබර් මස 04 වන දින සිට නාවික හමුදා සහන කණ්ඩායම් අනුයුක්ත කර ඇති අතර, නාවික හමුදා ආපදා සහන මෙහෙයුම් නිරීක්‍ෂණය සඳහා අද දින (2023 ඔක්තෝබර් 08) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මාතර දිස්ත්‍රික්‍කයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත විය.
08 Oct 2023
ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව තවදුරටත් සහන සලසයි

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා දකුණු පළාතේ මාතර, අකුරැස්ස, තිහගොඩ සහ කඹුරුපිටිය යන ප්‍රදේශයන් වෙත 2023 ඔක්තෝබර් මස 04 වන දින සිට නාවික හමුදා සහන කණ්ඩායම් අනුයුක්ත කර ඇති අතර, එම සහන කණ්ඩායම් අකණ්ඩව සහන මෙහෙයුම් සිදුකරනු ලබයි.
07 Oct 2023
නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 24 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 ඔක්තෝබර් මස 05සහ 06 දෙදින ත්‍රීකුණාමලය සල්ලිමුණේ වෙරළ තීරය, වාකරේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ හා එම වෙරළ තීරයේ සහ යාපනය නගර්කෝවිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ, විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ සහ වලංගු බලපත්‍ර රහිතව ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් විසි හතර දෙනෙකු (24) සමඟ ඩිංගි යාත්‍රා නවයක් (09), කැබ් රථයක් කිමිදුම් උපකරණ සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
07 Oct 2023
ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදාව සහන සලසයි

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා දකුණු පළාතේ මාතර, අකුරැස්ස, තිහගොඩ සහ කඹුරුපිටිය යන ප්‍රදේශයන් වෙත 2023 ඔක්තෝබර් මස 04 වන දින සිට නාවික හමුදා සහන කණ්ඩායම් අනුයුක්ත කිරීමට නාවික හමුදාව කටයුතු කල අතර, මේ වන විට එම සහන කණ්ඩායම් මහජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් සිදුකරනු ලබයි.
06 Oct 2023