මෙහෙයුම් පුවත්
නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 15 ක් උතුරු හා නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 අගෝස්තු මස 25 සහ 26 දෙදින ලංකාපටුන, කුච්චවේලි හා ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශයේ සහ යාපනය චලෙයි මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ සහ නීති විරෝධී ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් පහළොස් දෙනෙකු (15) සමඟ ඩිංගි යාත්‍රා හයක් (06) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
27 Aug 2023
නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් පුත්තලමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව පුත්තලම, තිල්ලයාඩි ප්‍රදේශයේ අද දින (2023 අගෝස්තු 26) අළුයම් කාලයේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් හත්සිය අනූ දෙකක (792) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
26 Aug 2023
රුපියල් මිලියන 27 කට අධික දළ විථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, ඩෙල්ෆ්ට් මුහුදු ප්‍රදේශයේ 2023 අගෝස්තු මස 22 වන දින සිදුකළ මුර සංචාරයකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 83 කට අධික තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
24 Aug 2023
නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 176 ක පමණ තොගයක් සීදූවේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, සීදූව පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව සීදුව, නයිනමඩම ප්‍රදේශයේ 2023 අගෝස්තු මස 23 වන දින සවස් කාලයේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් එම ප්‍රදේශයේ පිහිටි, අතහැර දමා තිබූ නිවසක තිබී නීති විරෝධි ලෙස රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් එකසිය හැත්තෑ හයක (176) පමණ තොගයක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
24 Aug 2023
නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 2447 ක පමණ තොගයක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම, පාලවිය, හලාවත සහ මීගමුව වෙරළ හා මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව 2023 අගෝස්තු මස 22 වන දින සහ අද දින (2023 අගෝස්තු 23) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධි ලෙස රැගෙනවිත් ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ හා අතහැර දමන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් දෙදහස් හාරසීය හතළිස් හතක (2447) පමණ තොගයක් (තෙත බර සහිත), එක් සැකකරුවෙක් (01) සහ ලොරි රථයක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
23 Aug 2023
නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 99 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 02 ක් පුත්තලම කළපුවේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව පුත්තලම කලපුවේ, මට්ටතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 අගෝස්තු මස 21 වන දින රාත්‍රී කාලයේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් එම මුහුදු ප්‍රදේශය ඔස්සේ නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් අනූ නවයක (99) පමණ තොගයක් (තෙත බර සහිත) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
22 Aug 2023
නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 08 ක් ත්‍රීකුණාමලයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රීකුණාමලය කල්ලරාව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 අගෝස්තු මස 21 වන දින සවස් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් අට දෙනෙකු (08) සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
22 Aug 2023
දකුණු මුහුදේදී හදිසි අනතුරකට ලක්වූ ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී හදිසි අනතුරකට ලක්වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යොමු කිරිමට නාවික හමුදාව විසින් අද දින (2023 අගෝස්තු 21) කටයුතු කෙරිණි.
21 Aug 2023
රුපියල් මිලියන 43 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය උඩුත්තුරෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 අගෝස්තු මස 18 වන දින රාත්‍රි කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් එකසීය තිහකට (130) අධික තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
19 Aug 2023
රුපියල් මිලියන 02 කට අධික වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය සෙරක්කුලියාමුනෙයි කළපු ප්‍රදේශයේදී 2023 අගෝස්තු මස 15 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් හතකට (07) අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
16 Aug 2023