මෙහෙයුම් පුවත්
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය බහුදින ධීවර යාත්‍රා 02 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වෙරළාරක්ෂක දෙපාර්තුමේන්තුව හා එක්ව 2023 ජුලි මස 08 වන දින රාත්‍රියේ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් පහළොස් දෙනෙකු (15) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
09 Jul 2023
කාර්මික දෝෂයක් හේතුවෙන් මන්නාරම දකුණු මුහුදු ප්‍රදේශයට පාවි ආ ටග් යාත්‍රාව සහ බත්තල යථාතත්වයට පත්කිරීම සඳහා නාවික හමුදා සහය

‘Atulya’ නැමති බත්තල රැගත් ‘Avadh’ නමැති ටග් යාත්‍රාව මාලදිවයිනේ සිට ඉන්දියාව වෙත යාත්‍රා කරමින් තිබියදී, කාර්මික දෝෂයක් හේතුවෙන් ආපදාවට පත්ව ශ්‍රී ලංකාවට වයඹ දෙසින් වූ මන්නාරම දකුණ නඩුකුඩා වෙරළ ප්‍රදේශය වෙත 2023 ජූලි මස 07 වන දින පස්වරුව වන විට පාවී පැමිණ ඇති අතර, ඉන්දීය හා ඉන්දුනීසියානු ජාතික කාර්යය මණ්ඩලයේ නව දෙනෙකු (09) ගෙන් සමංවිත එම ටග් යාත්‍රාව නැවත නිසි ක්‍රමවේදයකින් යුතුව යථාතත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු මේ වන විට නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ සමුද්‍රීය සෙවීම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරන මධ්‍යස්ථානයේ සම්බන්ධීකරනයෙන් සිදුකරනු ලබයි.
08 Jul 2023
වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 65 ක් යාපනය කයිට්ස් සහ අරියාලෛ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කයිට්ස් දූපතේ සහ අරියාලෛ ප්‍රදේශයන්හී 2023 ජුලි මස 04 සහ 05 දිනයන්හී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, කයිට්ස් අල්ලප්පිඩ්ඩි කළපු ප්‍රදේශයේ සහ අරියාලෛ මනියන්තෝට්ටම් වෙරළ ප්‍රදේශයේ සූක්‍ෂම ලෙස සඟවා තිබූ වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ 65 ක් සමඟ විදුලි නොවන ඩෙටර්නේටර් දහ අටක් (18) සහ සේවා නූල් සෙන්ටිමීටර් 155 ක ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
06 Jul 2023
නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 1947 ක තොගයක් සමඟ සැකකරුවෙක් පුත්තලමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව පුත්තලම, කරතිව් වෙරළ ප්‍රදේශයේ අද දින (2023 ජුලි 02) අළුයම් කාලයේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් එම වෙරළ ප්‍රදේශය වෙත නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් නවසිය හතලිස් හතක (1947) තොගයක් සමඟ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
02 Jul 2023
රුපියල් මිලියන 30 කට අධික දළ වීථී වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම ඉලුප්පුකඩවායි කළපු ප්‍රදේශයේ 2023 ජුනි මස 30 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් අනු දෙකකට (92) අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
01 Jul 2023
රුපියල් මිලියන 18 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් සමඟ විදේශීය යාත්‍රාවක් සහ විදේශීය සැකකරුවන් 08 ක් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් දෙවුන්දර ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 573 ක් පමණ (කිලෝමීටර් 1061 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, රුපියල් මිලියන 18 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 900 කට අධික ප්‍රමාණයක් සමඟ විදේශීය බහුදින ධීවර යාත්‍රාවක් සහ විදේශීය සැකකරුවන් අට දෙනෙක් (08) 2023 ජුනි මස 22 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව මඟින් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණු අතර, එම යාත්‍රාව සහ සැකකරුවන් 2023 ජුනි මස 28 වන දින උදෑසන කොළඹ වරායට රැගෙන එන ලදි.
29 Jun 2023
කේරළ ගංජා සමඟ සැකකරුවන් 02 ක් තඹලගමුවේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්යය බළකාය හා එක්ව ත්‍රිකුණාමලය තඹලගමුව, මීරා නගර් ප්‍රදේශයේ 2023 ජුනි මස 26 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම ප්‍රදේශයේ නිවසක් තුල අලෙවි කිරීමට සූදානම් කර තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් එකකට (01) අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
27 Jun 2023
Pregabalin Capsules 150 mg වර්ගයේ ඖෂධ කඩ්පත් තොගයක් සමඟ සැකකරුවෙකු කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 ජුනි මස 24 වන දින කල්පිටිය, කරඹ මාර්ග බාධකය අසල සිදුකළ විශේෂ පරික්‍ෂාවකදී, අලෙවි කිරීම සඳහා වෑන් රථයකින් නීති විරෝධි ලෙස රැගෙන යමින් තිබූ Pregabalin Capsules 150 mg වර්ගයේ ඖෂධ කාඩ්පත් හතලිස් දෙදහස් තුන්සීයයක (42300) තොගයක් සමඟ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
25 Jun 2023
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය බහුදින ධීවර යාත්‍රා 04 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2023 ඡුනි මස 21 වන දින රාත්‍රි කාලයේ යාපනය, ඩෙල්ෆ්ට් දුපතට වයඹ දෙසින් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා හතරක් (04) සමඟ ඉන්දීය ධීවරයින් විසි දෙදෙනෙකු (22) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
22 Jun 2023
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදි සිටි ඉන්දීය බහුදින ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 09 ක් යාපනය ඩෙල්ෆ්ට් දූපත අසල මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 ජුනි මස 20 වන දින උදෑසන යාපනය, ඩෙල්ෆ්ට් දූපතේ උරිමුණායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් නව දෙනෙකු (09) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
21 Jun 2023