මෙහෙයුම් පුවත්
නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 28ක් මන්නාරම සහ පුත්තලම ප්‍රදේශයන්හිදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම ඕලුතුඩුවායි, මන්තෙයි, වංකාලේ, සිලාවතුර සහ පුත්තලම දළුව යන මුහුදු ප්‍රදේශ තුළ 2025 ජනවාරි මස 07 වැනි දින සිට 09 වැනි දින දක්වා සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් විසි අට දෙනෙකු (28) සමඟ ඩිංගි යාත්‍රා හතක් (07) සහ වල්ලම් යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
10 Jan 2025
ආණමඩුව, උප්පලවත්ත මහ වැවේ සොරොව් දොර අළුත්වැඩියා කිරීම සඳහා නාවික හමුදා කිමිදුම් සහය
අක්‍රීය තත්වයේ පැවති පුත්තලම ආණමඩුව, උප්පලවත්ත මහ වැවේ සොරොව් දොර අළුත්වැඩියා කර නැවත ක්‍රියාකාරී තත්වයට පත් කිරීම සඳහා නාවික හමුදා කිමිදුම් සහාය ලබාදීමට 2025 ජනවාරි මස 07 වැනි දින නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
09 Jan 2025
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව 2025 ජනවාරි මස 08 වැනි දින රාත්‍රි කාලයේ යාපනය, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් දස දෙනෙකු (10) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
09 Jan 2025
නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල සැකකරුවන් 03 ක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම ඕලුතුඩුවායි මුහුදු ප්‍රදේශයේ 2025 ජනවාරි මස 06 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකර ඇල්ලූ මත්ස්‍ය තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
07 Jan 2025
ශ්‍රිලංකා නාවික හමුදාව 2024 වර්ෂය තුල සිදුකල මෙහෙයුම් මඟින් රුපියල් මිලියන 28158 කට අධික දළ විථි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සහ මත්පෙති නීතියේ රැහැනට හසුකර දෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව මෙරට නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන සහ කලාපීය සමුද්‍රීය පාර්ශවකරුවන් හා එක්ව පසුගිය වර්ෂය තුල (2024) සිදුකල මෙහෙයුම් මඟින් මත්ද්‍රව්‍ය හා මත්පෙති ජාවාරම්, අනවසර භාණ්ඩ ජාවාරම් සහ අනවසර සංක්‍රමණ ඇතුළු නීති විරෝධී කටයුතු සිදුකල දේශීය හා විදේශීය පුද්ගලයින් 407 ක් සමඟ, රුපියල් මිලියන 28158 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය හා මත්පෙති ඇතුළු අනවසරයෙන් මෙරටට රැගෙන ඒමට උත්සහ කල භාණ්ඩ විශාල තොගයක් නීතියේ රැහැනට හසුකරදීමට සමත් විය.
06 Jan 2025
නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කල රත්‍රං කිලෝ 11 යි ග්‍රෑම් 300 ක පමණ තොගයක් කල්පිටිය, බත්තලන්ගුංඩුවේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව අද (2025 ජනවාරි 04) උදෑසන කල්පිටිය බත්තලන්ගුංඩුව දුපතට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස රත්‍රං කිලෝ එකොලහයි (11) ග්‍රෑම් තුන්සියක (300) පමණ තොගයක් ප්‍රවාහනය කරමින් තිබු ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
04 Jan 2025
නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් සමඟ සැකකරුවන් හයදෙනෙකු (06)සිලාවතුර මුහුදේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, සිලාවතුර, කායක්කුලි ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ 2024 දෙසැම්බර් මස 25 වැනි දින උදෑසන කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, වලංගු අවසර පත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස මුහුදු කුඩැල්ලන් අල්ලමින් සිටි සැකකරුවන් හයදෙනෙකු (06) සහ මුහුදු කූඩැල්ලන් ගණනින් එක්දහස් දෙසිය පහක (1205) තොගයක් සමඟ ඩිංගී යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
25 Dec 2024
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 02 ක් මන්නාරම උතුරු මුහුදේදී අත්අඩංගුවට ගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව, 2024 දෙසැම්බර් මස 23 වැනි දින රාත්‍රී කාලයේ මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් දාහත් දෙනෙකු (17) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
24 Dec 2024
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ සහ විදේශිය දුම්වැටි තොගයක් වයඹ මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 දෙසැම්බර් මස 21 වැනි දින සිදුකල මුර සංචාරයකදී, මුහුදේ පාවෙමින් තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් දෙදහස් එකසිය විසි නවයක (2,129) පමණ තොගයක් (තෙත බර සහිත) සහ විදේශිය දුම්වැටි නවදහස් නවසිය අසූවක (9,980) තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
22 Dec 2024
නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 09 ක් ත්‍රීකුණාමලයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රීකුණාමලය ඇලස්වත්ත මුහුදු ප්‍රදේශයෙහි 2024 දෙසැම්බර් මස 21 වැනි දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති වීරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් නව දෙනෙකු (09) සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
22 Dec 2024