මෙහෙයුම් පුවත්
විදුලි ආලෝක ධාරා භාවිතයෙන් නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 02 ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය චුන්ඩිකුලම් මුහුදු ප්‍රදේශයේ 2023 අප්‍රේල් මස 30 වන දින රාත්‍රී කාලයේදී සිදු කල විශේෂ මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු (02) සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
02 May 2023
වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 50 ක් යාපනය අල්ලප්පිඩ්ඩි ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, අල්ලප්පිඩ්ඩි ප්‍රදේශයේ 2023 අප්‍රේල් මස 30 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම ප්‍රදේශයේ සූක්ෂම ලෙස සඟවා තිබූ වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ 50 ක් සමඟ විදුලි නොවන ඩෙටර්නේටර් පහළොවක් සහ සේවා නූල් සෙන්ටිමීටර් 172 ක ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
01 May 2023
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 836 කට අධික තොගයක් කල්පිටිය ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, පරාමුණේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ කුඩාව වෙරළ තීරයේ 2023 අප්‍රේල් මස 30 වන දින රාත්‍රියේ සහ අද දින (2023 මැයි 01) අළුයම සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස රැගෙන එන ලද බීඩි කොළ කිලෝ ග්‍රෑම් 836 කට අධික තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් (01) සහ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
01 May 2023
හෂීස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් සිලාවතුරේදී අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම පොලීසිය හා එක්ව සිලාවතුර ප්‍රදේශයේ 2023 අප්‍රේල් 27 වන දින සවස් කාලයේ සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, හෂීස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 893 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
28 Apr 2023
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 22 ක් නැගෙනහිර මුහුදේ දී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මුලතිව් නයාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ කින්නියා පාලම අවට ප්‍රදේශයේ 2023 අප්‍රේල් මස 27 වන දින අළුයම් කාලයේදී සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ සහ රාත්‍රී කාලයේ නීති විරෝධී කිමිදුම් කටයුතු සිදුකළ පුද්ගලයින් විසි දෙදෙනෙකු (22) සමඟ ඩිංගි යාත්‍රා අටක් (08), කිමිදුම් උපකරණ සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
28 Apr 2023
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 10 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය කුදිරිප්පු, වෙත්තලකේණි සහ නගර්කෝවිල් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයන්ගේ 2023 අප්‍රේල් මස 26 වන දින සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් දස දෙනෙකු (10) සමඟ කිමිදුම් උපකරණ, මුහුදු කූඩැල්ලන් ගණනින් 1040 ක පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රා පහක් (05) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
27 Apr 2023
කේරළ ගංජා කිලෝ 26 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙක් යාපනයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, පලාලි ඇන්තනීපුරම් වෙරළ ප්‍රදේශයේ 2023 අප්‍රේල් 23 වන දින අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 26 කට අධික තොගයක් සමඟ සැකකරුවෙක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
24 Apr 2023
නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විදෙස් රටකට සංක්‍රමණය වෙමින් සිටි ශ්‍රී ලාංකිකයන් 23 ක් වියට්නාමයේ සිට මෙරටට පිටුවහල් කෙරේ
ශ්‍රී ලාංකිකයන් 303 ක් රැගත් වියට්නාම් ධජය සහිත ධීවර යාත්‍රාවක් පසුගිය 2022 වර්ෂයේ නොවැම්බර් මස 07 වන දින වියට්නාම් මුහුදේදී ආපදාවට පත් වූ අතර, එම පිරිස ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවිම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් නිරුපද්‍රිතව මුදවා ගැනීමෙන් අනතුරුව, වියට්නාමයේ සරණාගතයින් ලෙස තාවකාලිකව රඳවා සිටින ලදි. එලෙස රඳවා සිටි ශ්‍රී ලාංකිකයන් අතරින් වියට්නාමයෙන් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයන් 151 ක් 2022 දෙසැම්බර් 28 වන දින මෙරටට ලඟා වූ අතර, එලෙස තාවකාලිකව රඳවා සිටි තවත් ශ්‍රී ලාංකිකයන් විසිතුන් දෙනෙකු (23) 2023 අප්‍රේල් මස 19 වන දින කටුනායක ගුවන් තොටුපලෙන් මෙරටට ළඟා විය.
21 Apr 2023
වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 25 ක් යාපනය උදයපුරම් වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, උදයපුරම් වෙරළ ප්‍රදේශයේ 2023 අප්‍රේල් මස 19 වන දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ තිබූ වෝටර් ජෙල් (Water Gel) නැමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ 25 ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
20 Apr 2023
විදුලි ආලෝක ධාරා භාවිතයෙන් නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 08 ක් නැගෙනහිර මුහුදේ දී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මුලතිව් සහකාර ධීවර පරීක්ෂක කාර්යාලය එක්ව ත්‍රිකුණාමලය, නයාරු සහ අලම්පිල් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 අප්‍රේල් මස 18 වන දින රාත්‍රී කාලයේදී සිදු කල විශේෂ මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් අට දෙනෙකු (08) සමඟ ඩිංගි යාත්‍රා හතරක් (04) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
19 Apr 2023