මෙහෙයුම් පුවත්

කල්පිටිය කුඩාව වෙරළට ගොඩගැසූ තල්මසුන් නාවික හමුදා සහයෙන් නිරුපද්‍රිතව සාගරයට මුදාහැරේ

කල්පිටිය, කුඩාව වෙරළ තීරයට ගොඩගැසූ තල්මසුන් රංචුවක් නැවත නිරුපද්‍රිතව සාගරය වෙත මුදා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව අද දින (2023 පෙබරවාරි 11) සහය ලබාදීමට කටයුතු කෙරිණි.

12 Feb 2023

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ වියළි මුහුදු කූඩැල්ලන් සහ මෝර වරල් තොගයක් සමඟ සැකකරුවන් 02 ක් පුත්තලමේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව පුත්තලම, සේරක්කුලිය ප්‍රදේශයේ අද දින (2023 පෙබරවාරි 09) අළුයම් කාලයේදී සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ වියළි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 239 ක් (තෙත බර සහිත) සහ මෝර වරල් කිලෝග්‍රෑම් 921 ක (තෙත බර සහිත) තොගයක් සහිත ලොරි රථ දෙකක් (02) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

09 Feb 2023

කේරළ ගංජා කිලෝග්‍රෑම් 10 ක් සමඟ සැකකරුවෙක් කිලිනොච්චියේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2023 පෙබරවාරි මස 06 වන දින රාත්‍රියේ කිලිනොච්චිය, වට්ටකච්චි ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 10 ක පමණ තොගයක්, සැකකරුවෙකු (01) සහ යතුරු පැදියක් නීතීයේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

07 Feb 2023

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් 03 ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව කල්පිටිය, ඉප්පන්තිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 පෙබරවාරි මස 04 වන දින උදෑසන කාලයේදී සිදු කල විශේෂ මෙහෙයුමකදී වලංගු බලපත් රහිතව නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) සමඟ වාලම්පූරි 17 ක්, කිමිදුම් උපකරණ, මුහුදු කූඩැල්ලන් ගණනින් 671 ක පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

05 Feb 2023

අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් නැගෙනහිර මුහුදේ දී ආපදාවට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 04 ක්‍ නාවික හමුදාව විසින් බේරා ගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාව අද දින (2023 පෙබරවාරි 02) උදෑසන ත්‍රිකුණාමලය, ලංකාපටුන ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල මුදවා ගැනීමේ මෙහෙයුමක් මඟින්, අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ගල් පරයක වැදී අනතුරට පත් මෙරට බහුධින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සිව් දෙනෙකු (04) නිරුපද්‍රිතව බේරාගැනීමට කටයුතු කෙරිණි.

02 Feb 2023

රුපියල් මිලියන 4 කට ආසන්න දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් යාපනය, අනලතිව් දූපතේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව ‍පොලිසිය හා එක්ව 2023 ජනවාරි මස 28 වන දින රාත්‍රියේ යාපනය, අනලතිව් දූපතේ වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 12 කට අධික තොගයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

29 Jan 2023

වත්තල ප්‍රදේශයේ කර්මාන්තශාලාවක ඇති වූ හදිසි ගින්නක් පාලනය කිරීම සඳහා නාවික හමුදා සහාය

වත්තල, වැරැල්ල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක ඇතිවූ හදිසි ගින්නක් මැඩපවත්වා, එම ගින්න අවට ප්‍රදේශයට පැතිරීම වළක්වා පාලනය කිරීමට නාවික හමුදාව අද දින (2023 ජනවාරි 27) අළුයම් කාලයේ කටයුතු කරන ලදී.

27 Jan 2023

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 1447 කට අධික තොගයක් මීගමුව මුහුද සහ කළපු ප්‍ර‍‍දේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ හා මිගමුව, කළපු ප්‍රදේශයේ 2023 ජනවාරි මස 26 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නාවික හමුදා මෙහෙයුම් හමුවේ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට නොහැකිව මුහුදේ අතහැර දමන ලද බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1447 කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

27 Jan 2023

නීති විරෝධීව මුහුදු මඟින් ප්‍රංශයට අයත් රී-යූනියන් දූපත වෙත ඇතුල්විමට තැත් කල ශ්‍රී ලාංකිකයන් 38 ක් ගුවන් මඟින් නැවත ශ්‍රීලංකාවට පිටුවහල් කෙරේ

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රංශයට අයත් රී-යූනියන් දූපත වෙත සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට පත් ශ්‍රීලාංකිකයන් 38 දෙනෙකු 2023 ජනවාරි මස 25 වන දින සවස නැවතත් ගුවන් මගින් මෙරටට පිටුවහල් කිරීමට රී-යූනියන් දූපතේ ප්‍රංශ බලධාරීන් විසින් කටයුතු කර ඇත.

26 Jan 2023

රුපියල් මිලියන 16 කට අධික විථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 03 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, ‍ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද දින (2023 ජනවාරි 25) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 49 කට අධික තොගයක් (‍තෙත බර සහිත) සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

25 Jan 2023